IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මිත්‍යාවක් වූ දැල්ලා සැබෑ ලෝකයටත් එයි

රුසියානු ධීවරයන් ඇල්ලූ මාළු කා දැමීමට පැමිණි යෝධ දැල්ලකුගේ ඡායාරූප කැමරාවට නතු කැර ගැනීමට පසුගිය දා එම ධීවරයෝ සමත් වූහ. මෙතෙක් මිත්‍යා කතාවලට පමණක් සීමා වී සිටි යෝධ දැල්ලන් සැබැවින්ම මහ මුහුදේ ජීවත්වන බවට එය සාක්ෂියක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අල්ලාගත් විශාල මාළුවෙක් ධීවර යාත්‍රාවට ගැනීමට උත්සාහ කරමින් සිටිය දී හදිසියේම එතැනට කඩා පණින මේ යෝද දැල්ලා මාළුවා ඩැහැ ගැනීමේ උත්සාහයක නිරතවෙයි. ධීවර යාත්‍රාවේ ඇති කොකු හා යකඩ කූරු උපයෝගී කරගෙන දැල්ලාට පහර දෙන විට ඌ මාළුවා අතහැර යයි. තම ගොදුර වැරදී ගිය ද මෙම යෝධ දැල්ලා ධීවර යාත්‍රාව අසළ ටික වේලාවක් ගැවසුණු බව ද ධීවරයෝ කියති.

ග්‍රීක හා නෝර්වේජියානු මිත්‍යා කතාවලට අනුව යෝධ දැල්ලා යනු බියකරු සත්ත්වයෙකි. මේ යෝද දැල්ලන් පිළිබඳ කතාන්තර ඇතැම් රටවල බෙහෙවින් ජනප්‍රියය. ඒ කතාවල පැවසෙන තරම් විශාල නොවුන ද සාමාන්‍ය දැල්ලන්ගේ ප්‍රමාණයට වඩා විශාල වූ යෝද දැල්ලන් සාගරයේ වාසය කරන බවට මෙය හොඳ උදාහරණයකි. මේ මිත්‍යාවක් නොවේ. ඇස් පනා පිටම සත්‍ය බව තහවුරු වූ සත්ත්වයෙකි.

Dalla 1111



අදහස් (0)

මිත්‍යාවක් වූ දැල්ලා සැබෑ ලෝකයටත් එයි

ඩෝසන් Monday, 27 July 2015 12:46 AM

ලංකවේ අපිට මේව එච්චර වැදගත් නෑ අපිට ගොඩක් වැදගත් දේශපාලනය පමණි.(ම)

:       0       0

ලලිත් Sunday, 26 July 2015 08:35 AM

මේ වර්ගයේ දැල්ලන් කිහිප වතාවක්ම කැලිෆෝර්නියාවේ වෙරළට ගසාගෙන ඇවිත් තිබුණු බව පත්තර වල පළවුණා. සමහරවිට එම ප්‍රවෘත්තිය රුසියාවේ නොදියුණු ධිවර ගම් ප්‍රදේශ වලට ලැබිල නැතිව ඇති. (ම)

:       0       0

අජිත් Tuesday, 28 July 2015 12:35 PM

නැහැ නැහැ ඔය කිරිඇල්ලගේ මල්ලි භුවල්ලා (නදී)

:       0       0

සිංහ Thursday, 30 July 2015 03:45 AM

අජිත් මාත් ඔබ සමඟයි. මෙයා කිරි අැල්ලගේ පවුලේ ආදිතමයා. (නදී)

:       0       0

රුවන් Tuesday, 28 July 2015 02:52 AM

හැමෝටම වැරදිලා මේ රාජිත ගේ චීන මාලු කොම්පැනියේ දැල්ලෙක් . (නදී)

:       0       0

කවිදු Monday, 27 July 2015 08:44 AM

අනුරකුමාර කියන්නේ හරිදේ (ම)

:       0       0

සත්‍යා Monday, 27 July 2015 04:16 AM

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියයි ද දන්නේ නැහැ මේකත් මහින්ද මහත්තයාගේ වැඩක් කියල..?? (බ)

:       0       0

ශේන්-මෙල්බර්න් Sunday, 26 July 2015 04:31 AM

අන්තර්ජාලයේ යෝධ දැල්ලන් පිළිබඳව විස්තර ඕනෑ තරම් තිබුණා. යෝධ දැල්ලා යම් කලෙක මිත්‍යාවක් ලෙස සැලකූ බව දැන සිටියේ නෑ(ම)

:       0       0

ධනුෂ්ක Monday, 27 July 2015 09:26 AM

අප නොදන්නා කෙතරම් දේවල් සාගර පතුලේ සැගවී තියනවාද. (ස)

:       0       0

පූජී Sunday, 26 July 2015 05:53 PM

මොන තරම් විස්මිත දර්ශනයක්ද? හරියට රෝකට්ටුවක් වගෙයි . තව අප නොදන්නා කෙතරම් දේවල් සාගර පතුලේ සැගවී තියනවා ඇද්ද?ලංකාදීපයට ස්තුතියි මෙවන් වටිනා පින්තුරයක් පළ කලාට.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 192 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 115 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 103 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 298 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site