ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලාය තාවකාලිකව වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ලිබියාවේ දැනට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය පවසයි. ට්‍රිපෝලි අගනුවර සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වහාම ආරක්ෂක ස්ථානවෙත යොමුවන ලෙස දන්වා ඇති බ්‍රිතාන්‍ය රජය ඔවුන් හැකි ඉක්මණින් යලි සියරට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කැර ඇත.
පසුගිය සති දෙකක කාලයේ දී ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 200ට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බ්‍රිතාන්‍යය ලිබියාවෙන් ඉවත්වෙයි
සමන්ත Saturday, 02 August 2014 08:14 PM
ලිබියාව මේ තත්වයට පත්කල ප්‍රධාන රටවල් 2 තමයි බ්‍රිතාන්‍ය හා ප්‍රංශය (නදී)
දුෂ්‍යන්ත Sunday, 03 August 2014 10:50 AM
මම 2011 ට පෙර ලිබියාවේ අවුරුදු 2 ක් වැඩ කරපු නිසා හොඳට දන්නවා එහෙ මිනිස්සුන්ට ගඩාෆි එපා වෙලා තිබ්බ විදිහ (හොරකම,රටේ සල්ලි මංකොල්ල කෑම සහ භීෂණය නිසා) ඒ නිසා ඔවුන් බටහිර ආධාර ඉල්ලුවා. සියයට 95 කටම ගඩාෆි එපාවෙලා තිබුනේ. බටහිර රටවල් සමග ඇමරිකාව, ලිබියානු ජනතාව සහ විපක්ෂය ඉල්ලු නිසා ගඩාෆි මර්දනයට සහය දුන්නා. ලංකාවේ ජනමාද්‍ය ගඩාෆි ගැන වර්ණනා කර කර හිටියා ඔහු අපේ ලොක්කන්ගේ යාලුවෙක් නිසා. ඉහත කොමෙන්ට් දාපු හැමෝම ලිබියාව ගඩාෆි යුගයේ තිබුණු තත්වය ගැන හරියට දන්නේ නැති බව පෙනේ. දැන් තියෙන්නේ බලය සඳහා ලිබියානු විපක්ෂයේ විවිද කණ්ඩායම් අතර අරගලයක්.(නදී)
රිචි බාලසුරිය Saturday, 02 August 2014 09:08 PM
බටහිර රටවල් සමග ඇමරිකාව ඇති කළ අරාබි වසන්තය ඔවුනටම පාරා වළල්ලක් වෙලා ආපසු එනවා. මේවා හොඳ පාඩම් අපේ විරුද්ද පක්ෂවල දේශපාලකයන් හට. ඔවුනුත් සැරසෙන්නේ මේ ටික කර ගන්නට (නදී)
රණතුංග Saturday, 02 August 2014 10:43 PM
නුවන්,ඔබේ අදහස වැරදියි. ඇසළගේ අදහස හරි. (නදී)
රොෂාන් Monday, 04 August 2014 11:23 AM
බටහිර රටවල් ටික එකතු වෙලා ලිබියාවට අරගෙන දීපු සාමය තමයි මේ. ඇස් ඇරගෙන හිටියොත් කාටත් තේරෙන්න් ඕනේ. ලංකාවටත් මේ ටිකම තමයි කරන්න හදන්නෙ.(නදී)
දිලුක් ගුණතිලක Sunday, 03 August 2014 05:50 AM
මානව හිමිකම් කට්ටිය කෝ !!!.. (දී)
ඇසළ Saturday, 02 August 2014 01:42 PM
දැනට අවුරුදු ගනනකට පෙර හොදට තිබුන ලිබියාව මේ තත්වයට පත්කර විනාශ කලේ කවුද.? (නදී)
වසන්ත මිලානෝ Sunday, 03 August 2014 08:08 AM
ලංකාවටත් ඔය ටික කරන්න තමා අපේ සමහර නපුන්සක දේශපාලකයෝ හා බටහිර රටවල් හදන්නේ. මේ ගොන්නුන්ට එ්ක තේරෙන්නේ නැහැ (නදී)
නුවන් Saturday, 02 August 2014 02:59 PM
ලේ පිපාසෙන් ඉන්න මිනිස්සු අමුතුවෙන් විනාශ කරන්න දෙයක් නැහැ ! (දී)