සවන් දෙන්න මට, සවන් දෙන ලෙස කෙනකු වැස්සට
අවධානය ඇත්තේත් නැතිව, නැත්තේත් නැතිව
සැහැල්ලු පා තැබුම්, සිහින් සිරිපොද
වතුර නම් වාතයයි, වාතය නම් කාලයයි
දහවල, තවමත් නික්ම යමිනි
රැය, එළඹෙන්නට කල් බලමිනි.
කෙළවරේ හැරෙන තැන මීදුමේ හැඩ රුව
සිතින් මවාගැන්ම,
මේ තාවකාලික නැවතුමේ නැම්මේ කාලයේ හැඩ රුව සිතින් මවාගැන්ම.
සවන් දෙන්න මට, සවන් දෙන ලෙස කෙනකු වැස්සට
මා කියන්නක් අසන්න, සවන් නොදෙමින
ඇතුළට විවර නෙතින් යුතුව, නිදිගතව
ඇතිව පසිඳුරන් සැමම අවදිව.
වැසි වසියි, සැහැල්ලු පා තැබුම්, හඬ කැටිවල කෙඳිරිල්ලක්
වාතය හා ජලය බරක් නොමඇති වචන
අප කවුද? එසේම මොනවාද?-
දින, වසර , මේ මොහොත
බරින් තොර කාලය, බරැති සංතාප
සවන් දෙන්න මට, සවන් දෙන ලෙස කෙනකු වැස්සට
තෙත තාර දිලිසෙයි
හුමාලය ඉහළ නැඟ ඈත යයි
රාත්‍රිය දිගෑරෙමින් මදෙස බලයි
ඔබ ඔබයි, හුමාලයේ ඔබ සිරුරයි
ඔබ සහ රාත්‍රියේ ඔබ මුහුණයි
ඔබ සහ ඔබේ කෙස්, හදිසි නැති විදුලි කෙටීම්
ඔබ වීදිය හරහා එමින් මගේ නළලට ඇතුළු වෙයි
වතුරේ පිය තැබුම්, මගේ ඇස් හරහට
සවන් දෙන්න මට, සවන් දෙන ලෙස කෙනෙකු වැස්සට.
මෙක්සිකානු කිවි, ඔක්ටාවියෝ පාස් ලියූ As one listens to the rain පද්‍යයේ පරිවර්තනය .
ඔක්ටාවියෝ පාස් ලොසානෝ මෙක්සිකානු ජාතික කවියෙකි. 1977දී ජෙරුසලම් ත්‍යාගය, 1981දී මිගෙල් ඩි සර්වන්තෙස් ත්‍යාගය, 1982දී සාහිත්‍ය සඳහා වන නියුස්ටැට් අන්තර්ජාතික ත්‍යාගය දිනා සිටි කවියා ලේඛකයකු මෙන්ම තානාපතිවරයෙක්ද විය. තානාපති ලෙස ඉන්දියාවේ සිටි සමයේ කෘති දෙකක් පළ කළ ඔක්ටාවියෝ පාස් , 1957 සිට 1987 දක්වා තමන් ලියූ කවිවල එකතුවක් 1990දී මුද්‍රණයෙන් පළ කළේය . ඔහුට එම වසරේ , සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය අත් විය.
ඔක්ටාවියෝ පාස්, 1914 මාර්තු 31වැනි දින මෙක්සිකෝවේ Mexico City හි ඉපිද, 1998 අප්‍රේල් 19දා එහිදීම මිය ගියේ පිළිකා රෝගියකු ලෙසිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වැස්සට වගෙ සවන් දෙන්න මට