එජාප ප්‍රතිසංවිධානය ගැන වාර්තාව හෙට අගමැතිට එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හෙට(5) බාර දීමට නියමිතය. 04 March 2018
අන්තරේ ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි සයිටම් අර්බුදයේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සාකච්ඡාවක් ලබා දෙන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (4) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කළ බව එම ශිෂ්‍ය බලමණ්ඩලයේ කියයි. 04 March 2018
පාසලක සිට මීටර 100ක් දුර දුම්වැටි විකිණීම තහනම් පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාව මීටර් 100ක දුර දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. 04 March 2018
මහපොළ කප්පාදු කර නැහැ - ප්‍රතිපාදන කොමිසම මහපොළ හෝ ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් සපුරා ඇති සියලූම සිසුන්ට හිමි එම ගෙවීම් කිසි ලෙසකින් කප්පාදු කර නැතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. 04 March 2018
රාජකීය - සා. තෝමස් නිල් මහ සටන දිනයකින් කල්යයි කොළඹ රාජකීය සහ ගස්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර ලබන බ්‍රහස්පතින්දා (8) ආරම්භ වීමට නියමිතව තිබූ 139 වැනි ‘නිල් මහ සටන‘ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දිනයකින් කල්දමා තිබේ. 04 March 2018
කුසලධම්ම හිමිට කොළඹ අගරදගුරුගෙන් අවසන් ගෞරව කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාල දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස විශාල පිරිසක් කොළඹ හත ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරයට පැමිණෙති. 04 March 2018
කෝටි 12ක් පාඩු කළ අයට නීතිය ක්‍රියාත්මක කරන්නලු 2017 වසරට අදාළ 7 ශේණිය භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් (කෘත්‍රිම) කඩදාසියේ මුද්‍රණය කරමින් රුපියල් ලක්ෂ 1290 කට අධික අලාභයක් කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. 04 March 2018
ඇරැව්වල නන්දිමිත්ර සමුගනියි රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්ර මහතා අද අභාවප්‍රාප්ත විය. 04 March 2018
ලක්ෂ 78ක රට සල්ලි තායිලන්තයට ගෙන යන්න බැරිවෙයි රුපියල් ලක්ෂ 78 ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක්තා යිලන්තය වෙත රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. 04 March 2018
පුත්තලමේ පිපිරීමෙන් අයෙක් මරුට පුත්තලම පාලාවිය ප්රද්ෙෙශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත. 04 March 2018
හලාවත දරුවා මැරූ සැකකරු මුලතිව්වලින් අල්ලයි හලාවත ඉරණවිල අවුරුදු නවයක දරුවකු අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 March 2018
දියතලාව බස් බෝම්බ සැකකරු බදුල්ල රෝහලට දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුල පුපරා ගිය ජීව අත්බෝම්බය රැගෙන ආ බවව සැකකරන යුද හමුදා සාජන් මේජර්වරයා දියතලාව මූලික රෝහලේ සිට බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ. 04 March 2018
වඳ පෙත්තක් මෙතෙක් සොයාගෙන නෑ- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වන්ධ්‍යාකරණය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ වන තෙක් ඖෂධයක් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 04 March 2018
බැඳුම්කරේ ප්‍රධාන සැකකරු ගෙන්වන හැටි ඇමැති අමරවීර කියයි මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධානසැකකරු ජාත්‍යන්තර පොලිසි හරහා ලංකාවට ගෙන්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 03 March 2018
පස්පොඩ්ඩා ගිනි අවි සමඟ අත්අඩංගුවට පසුගිය කාලයේ ගම්පහ ප්‍රදේශයේ සිදුවු අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පස් පොඩ්ඩා නමැත්තා ගිනි අවි තුනක් සමග ගම්පහ පොලීසිය මගින් අත් අඩංගූවට ගෙන ඇත. 03 March 2018
කරුවලගස්වැව දැරියට හමුවූයේ රන් පිළිමයක්දැයි සොයයි පුත්තලම රජවිගම ප්‍රදේශයේ කුඩා දැරියකට හමුවූ බව කියන දඹ රන් බවට සැකකරන පිළිමයක් තම බාරයට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 03 March 2018
කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාල දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා (8) සවස සිදු කිරීමට තීරණය වී ඇත. 03 March 2018
දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වූහ. 03 March 2018
අගමැති එයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස සිංගප්පූරුවේ පැවති කොළඹ කොටස් වෙළඳ පළ මගින් සංවිධානය කළ ’’ ඉන්වෙස්ට් ලංකා ’’ සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව අද (02) රාත්‍රී 9.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. 02 March 2018
විදුලි සැර වැදීමෙන් විදුලි සේවකයා මරුට රත්ගම සිරිකදුර ප්‍රදේශයේදී විදුලි කනුවක් මතට නැඟ විදුලිය අලුත් වැඩියාවක් කරමින් සිටි සේවකයෙකුට කණුව මතදී විදුලි සැර වැදී අද (2) මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 02 March 2018
සාංඝික දානයකට සැපයුම්කරු කණුව තියලා දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසක භික්ෂූන් වහන්සේලා 83 නමක් විෂයෙහි සුදානම් කර තිබූ සාංඝික දානයක් සඳහා නියමිත වේලාවට ආහාර ගෙනැවිත් නොදීමේ සිද්ධියක් සම්බණ්ධයෙන් කොහුවල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. 02 March 2018
වාලම්පූරියක් කොල්ලාකෑ පොලිස් නිලධාරීන් 3 දෙනා අත්අඩංගුවට හික්කඩුව ප්‍රදේශයේ විදේශිකයෙකුට විකිණීමට දොම්පේ සිට ගෙන එන ලද රුපියල් කෝටි විස්සක් පමණ වටිනා වාලම්පූරියක් කොල්ලාකෑම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනක් අද (2) අත්අඩංගුවටගත් බව ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 02 March 2018
කැකිරාවේ නිවසක පිපිරීමකින් පාසැල් දැරියකට බරපතල තුවාල කැකිරාව මල්දෙණිපුර ප්‍රදේශයේ නිවසක අද (02) සිදුවූ පිපිරීමකින් 18 හැවිරිදි පාසැල් දැරියක බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ. 02 March 2018
ලසන්ත ඝාතන සාක්කි වසන්කළැයි පොලිස් ලොක්කෝ යළි රිමාන්ඩ් සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ලබන 15 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය. 02 March 2018
මිරෙද් අල්-හුසේන් කුමරු ලංකාවට පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ ( ඔටාවා සම්මුතිය) විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් අල්-හුසේන් කුමරු මෙරට දෙදින නිල සංචාරයක් සඳහා ලබන සඳුඳා (05) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 02 March 2018
ඊශ්‍රායල පොලිසිය වංචාවක් ගැන අගමැති නෙතන්යාහුගෙන් ප්‍රශ්න කරයි විදුලි සංදේශ වංචාවක් සම්බන්ධයෙන් ඊශ්‍රයාල පොලිසිය එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ප්‍රශ්න කළ බව ‘ඊශ්‍රායල ගුවන්විදුලිය’ අද (2) සිකුරාදා වාර්තා කළේය. 02 March 2018
අධිකරණ භූමියේ ගුටි ඇන ගත් කාන්තාවන් දෙදෙනා රිමාන්ඩ් අනුරාධපුර දිසා අධිකරණය තුල අද (02) දින කෙහෙවලු පටලවා ගනිමින් ගුටි බැට හුවමාරු කරගත් කාන්තාවන් දෙදෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බව අනුරාධපුර පොලිසිය කියයි. 02 March 2018
මහනුවර- ඇල්ල අතර වායුසමනය කළ දුම්රියක් මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර හෙට (3) සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි වායුසමනය කළ විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇත. 02 March 2018
කොළඹ නාගරික කොමසාරිස්ට තනතුර අහිමි වේ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වාර්තාවකට අනුව කොළඹ නාගරික කොමසාරිස් වි.කේ.ඒ අනුර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.පි. ලෝගේෂ්වරම් මහතා පියවර ගෙන තිබේ. 02 March 2018
ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට සිල් රෙදි නඩුවට අදාළව ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. 02 March 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026