ෆේස්බුක් මත්කුඩු සාදයක් වටලයි මුහුණ පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත්වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළු තරුණ තරුණියෝ 35 දෙනෙක් රත්නපුර පොලිසිය විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබූහ. හෝටල් කළමනාකරුද අත්අඩංගුවට ගෙන ඇත. 16 October 2018
අද්මිරාල් රවීන්ද්‍රට තව තනතුරක් දියේ ගිලීම නිසා සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇත. ඔහු මෙම තනතුරට පත්කර ඇත්තේ දැනට දරණ තනතුරට අමතරවය. 16 October 2018
මහාචාර්ය අමරා රණතුංග සමුගනී ප්‍රවීණ සංගීතවේදිනියක වන මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්ප්‍රාප්ත වු බව පවුලේ ආරංචි මාර්ග පවසයි. 16 October 2018
ඩීඅයිජී නාලක අද සී.අයි.ඩියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. 16 October 2018
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් නිකුත් කර තිබේ. 16 October 2018
බැදුම්කර සිද්ධිය ගැන සොයන්න පත් කළ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න පියවර රැසක් ආන්දෝලනාත්මක බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට පියවර රැසක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 15 October 2018
රංගිරි දඹුලු රජමහා විහාරාධිපතිට තායිලන්තයෙන් සම්මානයක් ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල නාහිමිපාණන් වහන්සේ හට තායිලන්ත රජය විසින් පිරිනමන ලද “සියම් රාජ සම්මානය“ නිල වශයෙන් නාහිමියන්ට ප්‍රධානය කිරීමේ උත්සවය අද (15) මහනුවර අස්ගිරි චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී සිදුවූහ. 15 October 2018
ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් හෙට රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී හෙට (16) රාත්‍රී 7.00ට පැවැත්වේ. 15 October 2018
රුපියලේ අගය ඉහළට දින ගණනාවකට පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (15) රුපියල් 1.33කින් ඉහළ ගියේය. 15 October 2018
රැකියාව අහිමි කළැයි වහලය මත නැඟ සත්‍යග්‍රහයක ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ වසර හතරක සේවාකාලයෙන් පසු සේවා තහනමකට ලක්වූ කම්කරුවෙකු අද (15) පස්වරුවේ එම ප්‍රාදේශීය සභා භූමියේ ඇති අඩි අසූවක් උසැති ජලටැංකිය මත නැග උපවාසයක් ආරම්භ කළේය. 15 October 2018
කුමාර වෙල්ගමගේ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක්‍රමිකතා සිදුවූ බවට කරන විමර්ශන වලට අදාළව තමා අත්අඩංගුවට ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 05 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය. 15 October 2018
‘ කසල ප්රශ්නය සමඟ සූදු කෙළින දේශපාලනය නිසා රටම අගාධයට යනවා‘ රටේ බරපතල ප්‍රශ්නයක් වී ඇති කැළි කසල ප්රශ්නය සමඟ ඇතැම් දේශපාලනඥයින් සූදු කෙළින බවත්, බොරු වීරයින්වීමට යන එවැනි අය නිසා රටම විනාශය කරා ඇදී යන බවත්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 15 October 2018
ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ගැන සිවිල් සමාජයෙන් දොස්මුරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජය නියෝජනය කරමින් පත්කර ඇති සාමාජිකයන් තිදෙනා තෝරාගැනීමේදී අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා භාවිත කළ නිර්ණායක සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුවන්නේ යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානය පවසයි. 15 October 2018
තංගල්ල හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය සළකා බැලීම ලබන වසරට කල්යයි තංගල්ල ‘‘ද නේචර් ’’ හෝටලයේදී බි්රතාන්ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මඟින් තංගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් දෙක ලබන වසරේ මාර්තු 01 වැනිදා විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය. 15 October 2018
මානසික සෞඛ්‍ය ගැටළු සඳහා විසඳුමක් ගන්න දුරකතන අංකයක් ජාතික මානසික සෞඛ්‍ය පිළිබඳ උපකාර දුරකථන සේවාවක් අද (15) සිට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත. 15 October 2018
‘අධ්‍යාපනයට-සෞඛ්‍යට වඩා අයවැයෙන් ආරක්ෂක අංශවලට මුදල් වෙන් කරලා‘ අධ්‍යාපනයට, සෞඛ්‍යට මුදල් වෙන් කරනවා වෙනුවට මෙවර අයවැයෙන් ජනතාව මර්ධනය කිරීම සදහා පොලීසියට සහ ආරක්ෂක අංශවලට වැඩිපුර මුදල් වෙන් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවැසීය 15 October 2018
ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු මේ වසරේදී සම්පුර්ණ කරනවා දිවයින පුරා ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු තිබෙන අතර ඒවා මේ වසර අවසානයට පෙර සම්පූර්ණ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 15 October 2018
‘ විජයකලාගේ ප්‍රකාශය ට විරුද්ධව ඉහළ අධිකරණයට යනවා‘ විජයකලා මහේෂ්වරන්ගේ සාපරාධී ප්‍රකාශය සහ එල්.ටී.ටි ය යළි ප්‍රවර්ධනය කිරීමේ ප්රයත්නයට විරුද්ධව ඉහළ අධිකරණය හමුවේ නෛතික ක්‍රියාමාර්ගයන් ගැනීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. 15 October 2018
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නියමයන් උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ. 15 October 2018
අධ්‍යාපන ඇමතිට එරෙහිව අල්ලස් කොමිසමට යන්න යයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට හෙට (16) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. 15 October 2018
පුනරුත්ථාපනය වු හිටපු කොටි සාමාජිකයින්ට පරිගණක පුහුණුවක් ආරක්ෂක අංශ භාරයේ සිට පුනරුත්තාපනය වී නිවෙස් වෙතට ගොස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද හිටපු කොටි සාමාජික සාමාජිකාවන් පිරිසක්ට පරිගණක් පුහුණු පාඨමාලාවක් හැදෑරීමට යුදහමුදාවෙන් අවස්ථාව ලබා දී ඇත. 15 October 2018
බසයක හැපී සිසුවෙක් මරුට බටපොල කළ්‍යාණතිස්ස මාවතේදි අද (15) ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බසයක හැපිමෙන් පාසල් සිසුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 15 October 2018
පාරත් සමඟ නිවාස හතරක් කාසල්රී ජලාශයේ නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසල පිහිටි නිවාස හතරක් කාසල්රි ජාලාශයට ඇදි ගොස් තිබේ. 15 October 2018
හබරාදූව ප්‍රා සභාපති සම්බන්ධීකරණ කමිටුවට කඩාවදී හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව අද (15) පැවති අවස්ථාවේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සභාපතිවරයා ඇතුලු මන්ත්‍රීවරුන් කණ්ඩායම බලහත්කාරයෙන් සම්බන්ධිකරණ කමිටුවට කඩා වැදි එහි වැඩ කටයුතුවලට බාධා කිරිම නිසා සම්බන්ධිකරණ කමිටුවේ දැඩි උණුසුම් තත්වයක් ඇති වූ අතර එහිදී පොලිසියේ මැදිහත්වී එම කණ්ඩායම ඉවත් කළේය. 15 October 2018
උද්ඝෝෂණයක් නිසා සීගීරියේ පිවිසුම් මාර්ගය අවහිර වෙයි සිගීරිය කිඹිස්ස විදුහලේ විදුහල්පතිවරයාට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ඉල්ලමින් විද්‍යාලීය දරුවන්ගේ මව්පියන් අරැඹු උද්ඝෝෂණයක් හේතුවෙන් සිගිරිය නැරඹිමට යන එන දෙස් විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති. 15 October 2018
ගාමිණි සෙනරත්ට එරෙහි මුල්‍ය වංචා නඩුව කල් යයි ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50කට අධික මුදලක් හම්බන්තොට හයර් ඉන්ටර්නැෂනල් හෝටල් ව්‍යාපෘතියට යෙදවීම මගින් රජයට රුපියල් කෝටි 50කට අධික අලාභයක් සිදු කළ බවට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (15) නියම කළේය. 15 October 2018
කාගේත් වුවමනාව මා යන එක නම් සමුගැනීම හොඳයි “කාගේත් වුවමනාව මම යන එක නම් සමුගන්න එක හොඳ” යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට ඊයේ (14) පැවැසීය. 15 October 2018
සිසුවියගේ පැමිණිල්ලෙන් කාමුකයෙක් කොටුවෙයි බාල වයස්කාර සිසුවියක් මාස 10 ක පමණ කාලයක් තිස්සේ වරින් වර ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 52 හැවිරිදි විවාහක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොළ පොලිසිය පවසයි. 15 October 2018
හැටන් බලංගොඩ මාර්ගය ගිලා බසී නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහළින් වු හැටන් බගවන්තලාව , හැටන් මස්කෙලිය සහ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුළට ගිලා බැස ඇති අතර , ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති. 15 October 2018
ගම්පහ බණ්ඩාරනායක සිසුවෙක් පළමු රොකට්ටුව හදයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවකු විසින් ගුවන් ගත කළ හැකි රොකට්ටුව නිපදවා ඇත. 15 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026