ගුරුකන්ද විහාරයේ නාම පුවරුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉවත් කරලා මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානය ලෙස නම් සඳහන් කර එම විහාරස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබූ නාම පුවරුව අද (14) මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගලවා ඉවත්කරනු ලැබීය. 14 June 2019
සරසවි සිසුවියට පිහිඇනුම් කළ තරුණයා රිමාන්ඩ් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (14) නියම කළේය. 14 June 2019
බුදු පිළිම කැඩූවන්ට සහරාන් ලක්ෂ 20 ක් දීලා මාවනැල්ල සහ අවට පෙදෙස්වල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා නිතීඥවරුන්ට ගෙවීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් සැකකාර රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහීම් නමැති මවුලවිවරයාට ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළීවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතාට දැනුම් දුන්නේය. 14 June 2019
බන්ධනාගාරගතව සිටින්නන් අතර උපාධිධාරීන් 114 ක් බන්ධනාගාරගතව සිටින සිරුකරුවන් 24,000 දෙනා අතර උපාධිධාරීන් 114 ක් සිටින බව බන්ධනාගාර ආංචි මාර්ග කියයි. 14 June 2019
ඕස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාවේ සංචාරයට ඇති සීමා ලිහිල් කෙරේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් සිය වැසියන්ට පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත. 14 June 2019
ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග ජාතික බුද්ධි අංශ ප්‍රධානී ධූරයට පත් කෙරුණු මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා ඊයේ (13) පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාර ගත්තේය. 14 June 2019
‘ජනපතිවරණයේදී මා මහින්දට සහාය දෙද්දී සහරාන් මෛත්‍රීට උදව් කළා’ පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයවූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් ඉකුත් ජනාධිපතිවරණයේදී උදව්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා එම ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවැසීය. 14 June 2019
උතුරු ආණ්ඩුකාරගෙන් ‘ආවා‘ කල්ලියට ආරාධනාවක් ආවා කල්ලියට ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාව ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා අද ආවා කල්ලියට (14) විවෘත ආරාධනාවක් කළේය. 14 June 2019
පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ අයෙක් දකුණු ඉන්දියාවෙන් අත්අඩංගුවට මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අංඩගුවට ගෙන ඇතැයි ටයිම්ස් නිව් වෙබ් අඩවි අද ( 14) වාර්තා කර ඇත. 14 June 2019
වවුනතිව් සිද්ධියට සම්බන්ධ ජමාත් කල්ලියේ 5 ක් අත්අඩංගුවට මඩකලපුව, වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැමූ , තව්හීද් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 5 දෙනෙකු අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන එනු ලැබීය. 14 June 2019
ගින්නකින් පන්නල ඇඟළුම්හළක් විනාශයි පන්නල-ඉරබඩගම පිහිටි අපනයන ඇඟළුම් කර්මාන්තශාලාවක අද(14) අලුයම ඇතිවූ ගින්නකින් කර්මාන්තශාලාවට දැඩි හානි ඇතැයි පොලීසිය කියයි. 14 June 2019
ලංගමයට ප්‍රවාහන ඇමැතිගෙන් තරවටුවක් පොසොන් සමයේ වැඩ වර්ජනවලට ගොස් මහජනතාව අපහසුතාවයට පත්කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිවාඩු අවලංගු කරන බවත්, එය නොතකා සේවයට වාර්තා නොකරන සියලු දෙනාම සේවය අතහැර ගියා සේ සලකන්නට සිදුවන බවත් පැවසීය. 13 June 2019
ලංගම වර්ජනය අවසන් ශ්‍රී ලංගම ජාතික සේවක සංගමය මගින් ආරම්භ කර තිබූ ලංගම බස් රථ වර්ජනය අද (13) පස්වරුවේ සිට අත් හිටුවීමට තීරණය කළ බව ජාතික සේවක සංගමයේ නියෝජ්‍ය සභාපති සහ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා පැවැසීය. 13 June 2019
කුලියාපිටිය සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු යළි රිමාන්ඩ් කුලියාපිටියේ මුස්ලිම් ව්‍යාපාරික ආයතන කිහිපයකට පහරදුන් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් 11දෙනෙකුට අදාළ නඩු 13කදී, එහි දොළොස්වෙනි සැකකරු යැයි අද(13) පොලිසිය විසින් නම්කරමින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු සමඟ පළමු සහ දෙවන සැකකරුවන් යළිත් මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය. 13 June 2019
බැඳුම්කර වංචාවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවසර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා, පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපතිවරයා සහ එහි අධ්යක්ෂවරයා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා නීතීපතිවරයාට අද (13) අවසර ලබාදුන්නේය. 13 June 2019
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ දීමනාව ඉහළට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙවර අයවැය මගින් යෝජනා කළ පරිදි විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සදහා මාසිකව ලබාදෙන දීමනාව රුපියල් 2,000කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. 13 June 2019
හිස්බුල්ලාගේ ප්‍රකාශයට දුමින්දගේ විරෝධය හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කර ඇති ප්‍රකාශය නොකළයුතු ප්‍රකාශයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. 13 June 2019
බඩඉරිඟු ගබඩාකරුවන්ට - අතරමැදියන්ට රජයෙන් අනතුරු ඇඟවීමක් තොග ගබඩාකරුවන් සහ අතරමැදියන්, දේශීය බඩඉරිඟු තොග ඉදිරි සති දෙක තුළ නිදහස් නොකළොත් බඩඉරිඟු ආනයනය සඳහා ඉඩ ලබාදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (13) සඳහන් කළේය. 13 June 2019
ලසන්ත - තාජුඩීන් ඝාතන විමර්ශනවල උද්ධෘත ගොනු දෙන්නැයි නියෝග මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන හතරකට අදාළව සිදුකළ විමර්ශනවල උද්ධෘත ගොනු වහාම තමන්ට එවන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බලධාරීන්ට නියම කර ඇත. 13 June 2019
ජෙෆ්රි ඇලෝසියස්ගේ රට ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයගේ විදෙස් ගමන් තහනම දින 11 ක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය. 13 June 2019
ජාවත්තේ සළුසල කෝටි 32 ක බදු ගෙවා නෑ කොළඹ 7 - ජාවත්තේ පිහිටි ලංකා සළුසල ආයතනය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට රුපියල් කෝටි 32 හමාරක බදු මුදලක් ගෙවා නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු සමුපකාර සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. 13 June 2019
සළුසල ආයතනයේ වන්දි ගෙවීමට දුන් ලක්ෂ 75 ක් ආගියඅතක් නෑ ප්‍රතිව්‍යුහගත කරන ලද ලංකා සළුසල ආයතනයේ වන්දි ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ රුපියල් කෝටි 34 ක් අතුරින් රුපියල් ලක්ෂ 75 කට සිදු වී ඇති දේ තවම කිසිවෙකුත් නොදන්නා බව වාර්තා වෙයි. 13 June 2019
මධුමාධව අත්අඩංගුවට ගන්න අවශ්‍ය නැතැයි නීතිපති දැනුම්දෙයි ඉකුත් මැයි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇති කරුණු අනුව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 13 June 2019
මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (13 ) මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය. 13 June 2019
කැබ්නට් රැස්වීම සුපුරුදු පරිදි ලබන සතියේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු ආකාරයට ලබන සතියේ සිට කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පැවැත්වීමට මේ වන විට එකඟතාවය පළවී තිබේ. 13 June 2019
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දියුණු කිරීමට මෝදිගෙන් සහය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නංවාලීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 13 June 2019
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙතට යුරෝපා සංගමයේ අවධානය සාමය සහ සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය පවසයි. 13 June 2019
පිහි ඇනුමකින් සරසවි සිසුවියක් රෝහලේ කැලණිය විශ්වවිද්‍යාලය අසළ දී තරුණයකු එල්ල කළ පිහි පහරකින් සරසවි සිසුවියක් තුවාල ලබා අද(13) උදෑසන උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. 13 June 2019
වැඩබලන ඇමතිවරු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 June 2019
මොරටු පුරපති ඇතුළු පිරිස ආරම්භ කළ උපවාසය අවසන් වඩු මඩු තහනම් කරන බවත් අවුරුදු පහක කාලයක් ඇතුළත වෙනත් රැකියා සොයා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළකරමින් මොරටුවේ පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ වඩු කාර්මිකයෙක් ආරම්භ කළ උපවාසය අද (12) අවසන් කළහ. 12 June 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026