නෝර්වුඩ් හිටපු සභාපතිගෙන් වත්මන් සභාපතිට තර්ජනයක් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු තම කාර්යාලයට පැමිණ තර්ජනය කළ බව නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා මහතා පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 22 August 2025
ජාතික විගණන පනතට ආංශික අධීක්ෂණ සභාවේ අනුමැතිය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 22 August 2025
රනිල් සී.අයි.ඩී යට එයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 22 August 2025
සූරියවැව වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට සූරියවැව වැවේගම ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට තැත්කල සැකකරුවන් දෙදෙනකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් එක් සැකකරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියවැව පොලිසිය කියයි . 22 August 2025
අද කාලගුණය උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 August 2025
දෙමටගොඩ රුවන්ගේ කෝටි 10ක දේපොළ සී.අයි.ඩීයට සංවිධානාත්මක හා අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් පස් මහල් ගොඩනැගිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගනු ලැබීය. 22 August 2025
බණඩාරගම වෙඩි තැබීමකින් අයෙක් මරුට බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් යමන් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි බණඩාරගම පොලිසිය කියයි. 21 August 2025
විදේශිකයාගෙන් අල්ලස් ගත් පොලිසියේ දෙකක් රිමාන්ඩ් සිංගප්පූරු ජාතිකයකු සතුව තිබූ විද්‍යුත් දුම්වැටි දෙකක් හා රුපියල් 30,000/= ක මුදලක් බලෙන් ලබාගත් බව කියන බම්බලපිටිය පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබන 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා අද (21) නියෝග කළේය. 21 August 2025
තැපැල් වෘත්තිය සමිති නොනැමෙන හැඩයි වර්ජනය අත්හිටුවා සාකච්ඡා කිරීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් නොමැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. 21 August 2025
රාජිතගේ ගෙදර දැන්වීම් අලවයි වරෙන්තු කර සිටින හිටපු අමාත්‍ය නම්බුකාර හැළඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න යන අය තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධිකරණයෙහි පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නිළධාරීන් ඒ මහතාට අයත් මාලඹේ තලාහේන මුත්තෙට්ටුගොඩ පාර පිහිටි නිවසේ අද (21) දින දැන්වීම් ඇලවීමට කටයුතු කළේය. 21 August 2025
ඉදිකිරීම් ක්ෂේත්රයට රාජ්‍ය ප්‍රතිපත්තියක් ඉදිකිරීම් ක්ෂේත්රයේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 August 2025
විදුලි කාර් චාර්ජ් කරන තැන් රට පුරා හදන්න ලංකාව පුරා විද්‍යුත් මෝටර් රථ සඳහා චාර්ජ් කරන ස්ථාන පිහිටුවීම ඉතා වැදගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 August 2025
අධිකරණයට එන්නැයි රාජිතගේ නිවසේ දැවීමක් අලවයි අධිකරණය මගින් නොතිසි නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඔහුගේ මාලබේ නිවස ඉදිරිපිට බිත්තියේ අද (21) දැන්වීම් අලවනු ලැබීය. 21 August 2025
රේගුවේ බදු එකතු කිරීම බිලියන 1316 පැනලා වන විට රේගුවේ සමස්ත බදු එකතු කිරීම රුපියල් බිලියන 1316 ඉක්මවා තිබෙන බවකම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 August 2025
මහවැලි ඉංජිනේරුවා මුව මස් අදිද්දී මාට්ටු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජිප් රථයකින් මුව මස් කිලෝ පහළොවක් මාදුරුඔය සිට අරලගංවිල දෙසට ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඉංජිනේරුවරයකු සහ රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 21 August 2025
පරිසර නියමුවෝ ජනපති අතින් පදක්කම් ලබති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (21) පැවැත්විණි. 21 August 2025
සෝමරත්න දිසානායන ලෙස පෙනී සිටි තැපැල් සේවකයාට ඇප ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායන මහතා ලෙස පෙනී සිට චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගනයට අවස්ථාව ලබා දෙන බව පවසමින් තරුණියන් රවටා ලිංගික හිංසන සිදු කර මුදල්ද වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොල්ගහවෙල තැපැල් සේවකයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය (21) නියෝග කළාය. 21 August 2025
දේශබන්දු රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස්පති ධූරයෙන් පහකල දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය. 21 August 2025
බස්නාහිරට විදෙස් රැකියා පොළක් එයි බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් රැකියා පොළක් පවත්වන්නට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ. 21 August 2025
ඇතැමුන්ගේ වැඩ නිසා සෞඛ්‍ය ගැන පැහැදීම නැතිවෙලා මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාවේ සමහර කණ්ඩායම් වල ක්‍රියාකලාපය නිසා ජනතාව තුළ පැහැදීම නැතිවී තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 August 2025
හේෂා නඩුවකින් නිදහස් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය. 21 August 2025
වස්ගමුවේ පතල් හැරූ13ක් අත්අඩංගුවට වස්ගමුව ජාතික උද්‍යානයේ පතල් කැණිම් කළ පුද්ගලයින් 13ක් වනජීවී අත්අඩංගුවට ගත් බව වනජිවි සහකාර අධ්යක්ෂ කාර්යාලය කියයි. 21 August 2025
‘ඕටී’-‘ෆින්ගර් ෆ්‍රින්ට්’ පිළිගෙන ආවොත් කතාවට සූදානම් වැඩි කළ අතිකාල සහ ඇගිලි සලකුණ පිළිගෙන පැමිණියහොත් තැපැල් සේවකයන්ගේ සහ වෘත්තීය සමිතිවල ඉතිරි ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කිරීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 August 2025
යාපනයේ පාසල් 14ක සිසු සිසුවියෝ ජනපති කාර්යාලයට යාපනයේ පාසල් 14ක සිසු සිසුවියන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව උදා විය. 21 August 2025
ජනපති හිමිකම් කපන පනතට පෙත්සම් තුනක් කථානායකට “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබුණු බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 21 August 2025
කාදිනල් -ජනපති හමුවක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් -කතෝලික රදගුරු සම්මේලනය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 21 August 2025
ශ්‍රී ලංකන් දූෂණ හොයන කමිටුව ජනතා පැමිණිලි බාර ගැනීම අරඹයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ. 21 August 2025
ඩයනාට වරෙන්තු ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍යවරියක වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(21) වරෙන්තු නිකුත් කළාය. 21 August 2025
තරුණ නායකයෝ පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ 2025 - 2027 ජාතික මණ්ඩලය සඳහා අභිනවයෙන් තේරී පත්වූ සාමාජික සාමාජිකාවන්ට තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් විශේෂ ඇගයීමක් කළේය. 21 August 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ අයිතිය රැකගන්න හයක් උසාවියේ හිටපු ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇත. 21 August 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026