’’ඕන තරම් අඬන්න- තැබූ පියවර ආපසු හරවන්නේ නෑ’’ නීතිය සැමට සමාන අයුරින් ක්‍රියාත්මක කරන්නට තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික භික්ෂු දින උත්සවය අමතමින් පැවසීය. 26 August 2025
රාජිතගේ දේපොළ තහනමට ඉල්ලු නියෝගය විසි වෙයි අධිකරණය මගහැර සැගව සිටින වරෙන්තු කරුවෙකුගේ දේපළ තහනම් කිරීම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව නීත්‍යානුකූලව සිදු කළ යුතු බවට පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සැකකරුගේ දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිි අල්ලස් කොමිසම කළ ඉල්ලීම අද (25)ප්‍රතික්ෂේප කළේය. 26 August 2025
රනිල් වෙනුවෙන් පැමිණි සැමට ස්තුතියි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ දේශපාලන නායකයන් ඇතුළු සැමට ස්තුතිය පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය. 26 August 2025
මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මධ්‍යම පරිසර අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාලවරයා ලෙස ආර්. එස්. පී. කපිල මහේෂ් රාජපක්ෂ මහතා පත් කර තිබේ. 26 August 2025
නඩුකාර කන්ද යළිත් ඇවිලෙයි බදුල්ල නඩුකාර කන්ද රක්ෂිතයේ අද (26) පස්වරුවේ යලි ඇතිවූ හදිසි ගින්නකින් අක්කර පහක පමන කොටසක් විනාශ වී ගොස් ඇති බව බදුල්ල අඩවි වන නිළධාරි රුවන් ගලප්පත්ති මහතා පවසයි. 26 August 2025
රනිල්ට ඇප එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද නියම කළාය. 26 August 2025
කොටුව උසාවිය අවට පාරේ රථ වාහන තදබදයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට මාර්ග වල මේ වන විට අධික රථ වාහන තදබලයක් පවතී. 26 August 2025
‘‘කටකතා ප්රවෘත්ති කරන්න එපා‘‘ මම රනිල් වික්‍රමසිංහ බලන්න බණ්ධනාගාරයට ගියා නම් ජනමාධ්‍ය මම ගිය බව ඔප්පු කළ යුතුයි. අගමැති හැටියට මට ඕන ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්‍යයට අභියෝග කරනවා යැයි අගමැතිනිය පැවැසුවාය. 26 August 2025
’’අනුර ගෝ ගම පටන් ගත්තා’’ අනුර ගෝ ගම පටන් ගත් බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අසල කිව් පාරේ උද්ඝෝෂණයේ නිරත පිරිස් රැස්වීම අමතමින් පැවසූහ. 26 August 2025
හිරුණිකාට අධිකරණයට යන්න නොදෙයි සමගි ජන බලවේගයේ හිටපු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලට යාමට පැමිණි අවස්ථාවේ පොලිසිය එය වැළැක්විය. 26 August 2025
ආයුර්වේද, සිද්ධ සහ යුනානි 160කට සීමාවාසික පත්වීම් බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 26 August 2025
කොටුව උසාවිය අසලට ජල ප්‍රහාර රථ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලට මේ වනවිට ජල ප්රහාරකක රථ කැඳවා තිබේ. 26 August 2025
උද්ඝෝෂකයෝ රැස්වීමක් පවත්වති කොළඹ කිව් පාරේ කෝවිල අසල රැස්වී සිටින ජනතාව මේ වනවිට රැස්වීමක් පවත්වමින් සිටී. 26 August 2025
රනිල්ට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි මුදල් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩු විභාගය මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අරඹා තිබේ. 26 August 2025
රාජිතගේ දේපොළ රාජ සන්තක කරන්නැයි ඉල්ලයි වරෙන්තු ලැබ සැඟව සිටිනවා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාගේ දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිි ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විශේෂ මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අද ගොනු කළේය.2 26 August 2025
රනිල් වෙනුවෙන් නාමල් එයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණියේය. 26 August 2025
විපක්ෂ නායක අධිකරණ භූමියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට දැන් පැමිණියේය. 26 August 2025
කොළඹ අවට අලුත්ම තත්වය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනපති රනිල්වික්‍රමසිංහ මහතා අද (26) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් මේ වන විට අධිකරණ භූමිය අවට ආරක්ෂාව තර කර තිබේ. 26 August 2025
තව පෝලිමක් ළඟ ළඟම එනවා රනිල් අත්අඩංගුවට ගැනීම එකක් පමණක් බවත් තව පෝලිමක් ළඟ ළඟම එන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය 26 August 2025
ශෂින්ද්‍ර යළි රිමාන්ඩ් කිරිඉබ්බන්වැව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 29 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 26 August 2025
ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු අයටත් වැඩ වරදි ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු අයටත් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය 26 August 2025
කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි රැකවල් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගැනෙන අද කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙන අයුරු දැක ගත හැකි විය. 26 August 2025
නඩුව අවසන් වනතුරු ශෂින්ද්‍ර රිමාන්ඩ් කරන්නැයි අල්ලස් කොමිසම ඉල්ලයි කිරිඉබ්බන්වැව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද ඉල්ලා 26 August 2025
සජිත් සිව්වන දිනටත් රනිල් බලන්න යයි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බලන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදත් (26)ගියේය. 26 August 2025
ත්‍රිපෝෂ සමාගම නීතියට පිටින් දීමනා ගෙවලා ත්‍රිපෝෂ සමාගම නිසි අනුමැතියකින් තොරව සේවකයන්ට 2023 වර්ෂයේදී එක්කෝටි විසි හය ලක්ෂයකට වැඩි දිරි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 26 August 2025
සාමය කඩවන කිසිදු වැඩකට අනුබල දෙන්න එපා කිසි විටෙකත් සාමය කඩවන අකාරයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. 26 August 2025
ව්‍යාජ තෑගි ඔප්පු හදා දේපොළ පවරාගත් දොස්තර පුතා සහ තාත්තා අත්අඩංගුවට ව්‍යාජ තෑගි ඔප්පු 19 ක් සකස්කර අන් සතු දේපළ අත්පත් කර ගත් බව කියන වෛද්‍යවරයෙකු සහ ඔහුගේ පියා ඊයේ (25) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 26 August 2025
එජාපය මල්වතු -අස්ගිරි මහ නාහිමිවරුන් හමුවෙයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් මහනුවරදී තිබ්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමි සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නාහිමි අද(26) බැහැ දුටුවේය. 26 August 2025
පුංචි ආණ්ඩුවලට බර වාහන පළාත් පාලන ආයතනවලට බර වාහන අලුතින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත. 26 August 2025
තියුණු ආයුධයකින් පහරදී මරලා මඩොල්සිම බෝගහකුඹුර වෙල්යායේදී අද( 26) අලුයම තිස් නවය හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කොට ඇතැයි මඩොල් සිම පොලිසිය පැවසීය. 26 August 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026