රිය අනතුරකින් අයෙක් මරුට කොට්ටාව පිළියන්දල 342 බස් මාර්ගයේ මත්තේගොඩ සල්ගස් හන්දිය අසලදී මෝටර් රථයක් ඉස්සර කිරීමට ගිය යතුරු පැදියක් පෞද්ගලික ප්‍රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටී පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලිසිය පවසයි. 26 August 2025
සරසවි කඩ ඉම් ලකුණු නිකුත් කරයි 2024 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. 26 August 2025
බොරලැස්ගමුව වෙඩික්කරු අල්ලයි බොරලැස්ගමුව මාලනීබුලත් සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කළ වෙඩික්කරු නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 26 August 2025
වෙඩි තියන්න ඇවිත් පිස්තෝලයත් නැතිව පැන යයි මාතර වෙරළ පාරේ පිහිටි අවන්හලකින් කොත්තුවක් මිලදී ගැනීමේ මුවාවෙන් ඇතුළු වු නාදුනන පුද්ගලයෙකු ඊයේ (25)රාත්‍රි 11.45 ට පමණ එහි සිටි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට දැරූ උත්සාහය ඔහු සමඟ පොර බදා ගිනි අවිය උදුරා ගැනීම නිසා අසාර්ථක වී ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 26 August 2025
දිලීප පිරිස්ට ඩුබායි පාතාලයෙන් තර්ජන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ ජීවීතයට හානියක් කිරීමට සැළසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඔහුගේ ජීවීත ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ. 25 August 2025
විදෙස් ආයෝජනවල ලොකු වර්ධනයක් මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත් පසුගිය වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7දී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ප්‍රකාශ කළේය. 25 August 2025
සෙලෙන්ස්කි - අනුරට ස්තුතිය පුද කරයි යුක්රේනයේ පෙරේදා(24) යෙදී තිබූ 34 වැනි නිදහස් දින සැමරුමට සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ස්තුතිවන්ත වන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 25 August 2025
රනිල් බලන්න ඉල්ලූ ලොක්කන් 200කට දොර වැසේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීමට දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූවරුන් දෙසීයකට අාසන්න පිරිසක් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් සහ රෝහල් ප්‍රධානීන්ගෙන් වරින් වර කර ඇති ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ. 25 August 2025
මැතිසබේ හිංසන හොයන කමිටුවට නිලධාරිනියගෙන් අදත් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට හිංසන සහ අඩන්තේට්ටම් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව අද දෙවෙනි දිනයටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය. 25 August 2025
රාජපක්ෂලා ගැනත් පරීක්ෂණ කරනවා රනිල් විකක්‍රමසිංහ පමණක් නොව රාජපක්ෂ සියලු දෙනාට අදාලව පරීක්ෂණ බවත් එම පරීක්ෂණවලට කිසිඳු තාරාතිරමක් නොමැති අතර නීතියට අනුව අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (25) පැවසීය. 25 August 2025
රනිල්ට සහායට ගාල්ලේ විරෝධයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට අද සවස උද්ඝෝෂණයක් පැවැත්විණි. 25 August 2025
ඩී.අයි.ජී.උදිත රිමාන්ඩ් බිරිඳ ඇතුළු සැකකරුවන් අට දෙනකුට අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල්තලාවක් මත පිහිටි දේවාලයක් ඇතුළත නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් කැනීම් කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ සැප්තැම්බර් 01 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් නාලක සංජීව ජයසූරි මහතා අද නියෝග කළේය. 25 August 2025
අල්ලස් ගත් කාති විනිසුරු - බිරිඳ රිමාන්ඩ් පස් දරු පියෙකුගෙන් රුපියල් 2300 අල්ලසක් ලබාගත් බව කියන කල්මුණේ මරදමඩු කාති විනිසුරු හා බිරිඳ ලබන 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය. 25 August 2025
රනිල් වෙනුවෙන් විපක්ෂ නායකයින් එක්වෙයි රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්රජාතන්ත්රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් හමුවේ අද(25) කොළඹදී පැවසීය. 25 August 2025
අපනයනයෙන් වාර්තා ගත ආදායමක් මෙම වසරේ පළමු මාස 7 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය අද ප්‍රකාශයට පත් කළේය. 25 August 2025
හිටපු ජනපති හිමිකම් ගැන අධිකරණ මතය කතානායකට හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනුකර ඇති පෙත්සම් හතක තීන්දුව ඉදිරියේදී කථානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) ප්‍රකාශයට පත් කළේය. 25 August 2025
නීති කොමිසමට සාමාජිකයින් පත් කරයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධනා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී අද (25) සිදු කෙරිණි. 25 August 2025
ලංගම - පෞද්ගලික බස් පොදු කාලසටහනකට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ව්‍යාපෘතිය පුත්තලම් ප්‍රවේශයෙන් අද (25) මධ්‍යම රාත්‍රීය සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (25) පැවසීය. 25 August 2025
ප්‍රසන්න යළි රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනාෙ ලබන සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද නියම කළාය. 25 August 2025
වැඩට වෙන්කළ සල්ලි වලින් හරි කාලෙදිම වැඩ ගන්න මේ වසරේදී ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙයවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ 2026 අයවැය පූර්ව සාකච්ඡාවේදී අද (25) පැවැසීය. 25 August 2025
’’ජාතික නීති සම්මන්ත්‍රණය’’ නොවැම්බර් 14 සිට දින 03ක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ තරුණ නීතිඥ කමිටුව සංවිධානය කරන ’’ ජාතික නීති සම්මන්ත්‍රණය’’ ’’නීතිඥ වෘත්තිය ඉහළට ඔසවමු’’ (’’Raise the Bar’’) යන මැයෙන් 2025 නොවැම්බර් 14, 15 සහ 16 යන දිනවලදී මීගමුවේදී පැවැත්වෙන බව එම කමිටුවේ කැදවුම්කරු නීතිඥ සංජය මාරඹේ මහතා පවසීය. 25 August 2025
අලුත් පොලිස්පති කතානායක හමුවෙයි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. 25 August 2025
රෝහල් විස්සකට අලුත් ගිලන් රථ රෝහල් පද්ධතියේ භෞතික සම්පත් ඉහළ නැංවීම සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද දින (25) සිදු කෙරිණි. 25 August 2025
සෞඛ්‍ය අමාත්‍යංශයේ අබලි වාහන වලින් කෝටි 12ක් සොයයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවත් කළ අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රුපියල් දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු120,877,000) රජයේ අදායමට බැර කළ බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. 25 August 2025
කම්කරු නීති අලුත් කරන කමිටුව පළමු වරට රැස්වෙයි කම්කරු නීති කෙටුම්පත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පත් කෙරුණු කමිටුව කම්කරු අමාත්‍යංශයේදී අද (25) පළමු වරට රැස්විය. 25 August 2025
අපේ තරුණ තරුණියෝ 35ක් ඉන්දියාවට - බංගලාදේශයට ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් 35 දෙනෙක් සඳහා ඉන්දියාවේ සහ බංගලාදේශයේ තරුණ හුවමාරු වැඩසටහනක් සඳහා අවස්ථාව හිමිව තිබේ. 25 August 2025
සමෘද්ධියේ කෝටි 5360ක් පිට වැඩවලට දීලා සමෘද්ධිලාභීන්ගේ අනිවාර්යය ඉතුරුම් ගිණුම්වල සහ එහි අරමුදල් වල පැවැති කෝටි 5360ක මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 25 August 2025
ඩයනා ගමගේට ඇප නඩු විභාගය සදහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ළද ඩයනා ගමගේ හිටපු අමාත්‍යවරිය රුපියල් මිලියන 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය. 25 August 2025
ගායකයෙක් ව්‍යාජ පිස්තෝලයක් -මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 25 August 2025
විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන ගින්දර නිව්වේ රනිල් ආර්ථික අගාධයේ අන්තයටම වැටී විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන මිනිසුන්ගේ ගින්දර නිවනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා මහිමය බව අනුරාධපුර රුවන්වැලි සෑ 25 August 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026