හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනිප සභාපතිට ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දීර්ඝ ලිපියක් යවා ඇත. 13 March 2020
කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 5000 ඉක්මවයි ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට අද දක්වා කොරෝනා වයිරසයෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 5000 ඉක්මවා තිබේ. 13 March 2020
දේශපාලන පක්ෂ 4 ක් - ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දෙති මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා අද (13) වනවිට දේශපාලන පක්ෂ 4 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් නාම යෝජනා බාර දී තිබේ. 13 March 2020
බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යප්තවීමේ අවදානම ඉහළට බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 10,000 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එරට සෞඛ්‍ය බලධාරීහු අද (13) කොරෝනා වෛරසය ව්‍යප්තවීමේ ඉහළ අවදානමක් ඇති වසංගත තත්ත්වයක් ලෙස නම්කර තිබේ. 13 March 2020
කොටස් වෙළෙඳපොළේ කටයුතු අදත් තාවකාලිකව නවතී මේ සතියේ තෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (13) මිනිත්තු තිහක කාලයක් සඳහා අත්හිටුවීය. 13 March 2020
රුපියලේ අගය පහළට ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) ඉතිහාසගත ලෙස පහළ ගියේය. 13 March 2020
මීගමු බන්ධනාගාරයට ගෙනා රුමේනියානුවා කන්දකාඩුවට යවයි මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ආ සැකකාර රුමේනියානු ජාතිකයකු බන්ධනාගාරය තූළට නොගෙන එම පරිශ්‍රයේ රඳවා තබා හෙට (14) කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීම සඳහා මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 13 March 2020
කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 3 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 13 March 2020
කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න උපදෙස් මාලාවක් කොරෝනා හෙවත් කොවිඞ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබේ. 13 March 2020
රටවල් 11 කට සංචාරක තහනමක් කොරෝනා වෛරසය තදින් පැතිර යමින් තිබෙන රටවල් 11 ක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම හෙට (14) සිට නතර කිරීමට රජය තීරණය කර ඇත. 13 March 2020
චීන ජාතිකයන් නිරෝධායනය නොකරන්නේ චීන රජය හරහා එය සිදුකරන නිසයි මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 13 March 2020
සජින් වාස්ට ඇප මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (13) නියම කළේය. 13 March 2020
අධ්‍යාපන විද්‍යාපීඨ - ගුරු විද්‍යාල වහයි රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල මේ මස 16 වැනිදින සිට 29 වැනිදින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 13 March 2020
රෝමයේ කතෝලික පල්ලි වහයි ඉතාලියේ කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා රෝමයේ කතෝලික පල්ලි සියල්ලම මහජනයා සඳහා වසා දැමීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 13 March 2020
කණ්ඩායම් වශයෙන් රැස්වෙන්න එපා ඉදිරි සති දෙකක කාලය තුළදී කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 13 March 2020
ජපුර සිසුවාගේ සිද්ධියට සිසුන් 15 දෙනෙකුට පන්ති තහනමක් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පැවැත් වු සාදයක් අතරතුර අනතුරට ලක්ව සිසුවකු තුවාල ලැබීමේ සිද්ධියක් මුල්කරගෙන ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් 15 දෙනකුට තාවකාලික පන්ති තහනමක් පැන වු බව එම විශ්ව විද්‍යාල පවසයි. 13 March 2020
විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අනතුරු ඇඟවීමක් සාමාන්‍ය ජනතාව අතර අනවශ්‍ය භීතිකාවක් ඇති කිරීම සඳහා කොරෝනා වයිරසය පිළිබඳ ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හැරීම හෝ බෙදාගැනීම සඳහා සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මහජනතාවට අවධාරණය කරයි. 13 March 2020
මඩකලපුව රෝහල අසල උද්ඝෝෂණය කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට මඩකලපුව ශික්ෂණ රෝහලේ අද (13) උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි. 13 March 2020
ඩිස්නිලන්තයත් වසා දමයි කොරෝනා වයිරසය වසංගත තත්වයක් බවට වර්ධනයවීම හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඩිස්නිලන්තයේ උද්‍යාන වසා දැමූ බව වෝල්ට් ඩිස්නි සමාගම පවසයි. පසුගිය පෙබරවාරි මාසයේ දී නායකත්වයේ වූ වෙනසත් වයිරසයේ බලපෑමත්, හේතුවෙන් සමාගමේ කොටස් අඛණ්ඩව පහත වැටෙමින් පැවතීම මෙයට හේතු වී ඇතැයි විචාරකයෝ පවසති. 13 March 2020
ආසාදිත මඟ පෙන්වන්නාගේ පුතාත් අයිඩීඑච් රෝහලට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටින සංචාරක මඟ පෙන්වන්නාගේ 18 හැවිරිදි ප්රත්රයා ද මීට සුළු මොහොතකට පෙර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 13 March 2020
කොරෝනා දැයි සැක තවත් 3 ක් හලාවතින් ගම්පහ රෝහලට හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලැබීමට පැමිණි තිදෙනෙකු සම්බන්ධයෙන් ඇතිවි ඇති සැකයක් මත කොරෝනා රෝගීන් දැයි පරීක්ෂා කිරිමට ගම්පහ මහ රෝහලට අද (13) යැවූ බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසීය. 13 March 2020
රවී අධිකරණයට පැමිණි බව සටහන් කරයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනකු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි බවට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) අධිකරණයේදි සටහන් තැබුවේය. 13 March 2020
එංගලන්ත කණ්ඩායම ආපසු යයි ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය අතර මග නවතා දමා ආපසු සියරට බලා යාමට තීරණය කර තිබේ. කෝවිඩ් - 19 වසංගතය පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ගනු ලබන තීරණ වලට සහයෝගය දීම සඳහාත් තවත් හේතු කිහිපයක්ද ඇතිව එංගලන්ත පිල ආපසු සිය රට බලා යයි. 13 March 2020
පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය ගැන ශාස්ත්‍රීය සංග්‍රහයක් මැතිවරණ කොමිසම 1947 සිට 2015 දක්වා පැවැති පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ තොරතුරු ඇතුළත් ශාස්ත්‍රීය සංග්‍රහයක් සම්පාදනය කර ඇත. 13 March 2020
අත්‍යවශ්‍ය ආහාර වැඩි මිලට විකිණූ 7 ක් අල්ලති කොරෝනා වයිරසය මධ්‍යයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කළ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳුන් හත් දෙනකු අද (13) දිනයේ අල්ලා ගැනීමට හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි. 13 March 2020
ආසාදිතයින් තහවුරු කරගැනීමේ පරීක්ෂණයට තවත් ආයතන 4කට පහසුකම් මෙතෙක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පමණක් සිදුකළ කොරෝනා වයිරසය ආසාදිතයෙක්ද යන්න තහවුරු කරගැනීමේ පී.සී.ආර් පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම් තවත් රෝහල් 3 කට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 13 March 2020
බ්‍රසීල ජනපතිගේ වෛද්‍ය වාර්තාව ගැන ට්‍රම්ප් අවධානයෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොරානෝ මහතාටත් කොරෝනා වයිරසය වැළඳී ඇත්ද යන්න පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අද (සිකුරාදා) දැනගැනීමට ලැබෙනු ඇත. බ්‍රසීල ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහිදී බ්‍රසීල ජනාධිපතිවරයාට අතට අත දී සුබ පැතුම් පිරිනමා තිබේ. 13 March 2020
‘එයාර් ඉන්දියා’ රටවල් 6ක ගුවන් ගමන් අත්හිටුවයි ඉතාලිය, ප්‍රංශය, දකුණු කොරියාව, කුවේට්, මැඩ්ඩ්රිඩ් (ස්පාඤ්ඤය) සහ කොළඹට සිය ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා ගුවන් සේවය අද පියවර ගත්තේය. 13 March 2020
අයිඩීඑච් රෝහලේ කොරෝනා ආසාදිතයන් සුවඅතට අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය අද(13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් තිබූ බව එම රෝහලේ වෛද්‍යවරු පැවසූහ. 13 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026