විශ්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලිකව බඳවා ගනී සබරගමු පළාතේ රොහල්වල පවතින තදබල වෛද්‍ය සහ හෙද නිලධාරින්ගේ හිගය මගහැරීම සදහා සේවයෙන් විශ්‍රාම ලැබූ විශ්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුළුව විශ්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බදවා ගැනීමට සබරගමු පළාත් සභාව පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. 31 May 2020
කොරෝනා අවදානමක් හේතුවෙන් හොරණ වෙළඳසැල් වැසේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි සේවයේ නියුතුව සිටි හොරණ, කඳන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු පදිංචි නිවසේ සාමාජිකයින් ඇතුළුව ඔහු සමඟ සමීපව ඇසුරු කළ පවුල් තුනක සාමාජිකයින් සහ හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් 4 ක කාර්ය මණ්ඩල සේවකයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. 31 May 2020
අක්කාට- මස්සිනාට-දරුවාට පහරදුන් මල්ලී රිමාන්ඩ් රාත්‍රි ආහාරය ප්‍රමාද විම නිසා යාබද නිවසේ පදිංචි අක්කාටත් මස්සිනාටත් ඔවුන්ගේ හය හැවිරිදි දියණියටත් පොල්ලකින් පහරදි තුවාල සිදු කළැයි සැකකරුවෙකු ජූනි 8 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (31) නියෝග කලේය. 31 May 2020
පන්දහස ගන්න ගිය ලිපිකරුවෙක් හදිසියේ මිය යයි රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා හෝමාගම හත්ලහගොඩ විහාරස්ථානයට ගොස් සිටි තිදරු පියෙකු අද (31) හදිසියේ මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි . 31 May 2020
පාර්ලිමේන්තුව නැතිව මාස 5 ක් ජනපතිට රට පාලනය කළ හැකියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව නොමැතිව යටත් පිරිසෙන් මාස 5ක කාලයක් රට පාලනය කිරීමේ හැකියාව ඇති බවත් ඒ අනුව මාස 3කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නොමැතිව ජනාධිපතිවරයාට රටපාලනය කිරීමට නොහැකි යැයි ඉදිරිපත් කෙරෙන තර්කය බිඳ වැටෙන බවත් මැතිවරණයට පක්ෂව සහ එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ව්‍යාපාරිකයකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ. දීකිරිවැව මහතා පැවසීය. 31 May 2020
’අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා’ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි. 31 May 2020
ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බව විදේශ ඇමැති කියයි මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් කිහිපයක සිරවී සිටින ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් අඛණ්ඩව සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. 31 May 2020
කුවේටයෙන් ගෙන්වූ අයට එරට රජයෙන් පී.ආර්.සී පරීක්ෂණ පවත්වලා නැහැ කුවේට් රාජ්‍යයෙන් ඉකුත්දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර,පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබුනේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 31 May 2020
ජී -7 සමුළුව කල්දමයි ජී -7 සමුළුව පැවැත්වීම කල් දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා පවසයි. 31 May 2020
අභාවප්‍රාප්ත මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු ලබන 3 වැනිදා පස්වරු 4.00 ට බදුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. 31 May 2020
මොරටුව අපනශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට මොරටුව රත්මලාන සොයිසා පුර ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙකු පානදුර එළුවිල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 31 May 2020
මිරිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පළාගිය ත්‍රි රෝද රථ දෙකක් රියදුරන් සමඟ අත්අඩංගුවට මිරිස්ස ධිවර වරාය පාරේදි ඊයේ (30) උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබු සැකකරු පලා ගිය බව කියන ත්‍රි රෝද රථ දෙකක් ඒවායේ රියදුරන්ද සමග ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 31 May 2020
කොරෝනා ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1613 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 30 May 2020
‘‘පාසල් විවෘත කිරීම ප්‍රමාද කර තැපැල් මගින් ඉගැන්වීමේ කටයුතු කරන්න‘‘ කොවිඩ් 19 වසංගතයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බැවින් පාසල් ආරම්භ කිරීම තව දුරටත් ප්‍රමාද කර තැපැල් මගින් සිසුන්ට නොමිලයේ ඉගැන්වීම කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටියි. 30 May 2020
හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි හිටපු ආණ්ඩුකාරවරවරයකු වූ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අද (30) අභාවප්‍රාප්ත වී ඇත. 30 May 2020
චීන - ඉන්දියා දේශ සීමාවේ උණුසුම් තත්ත්වයක් ඉන්දියා චීන දේශසීමාවේ පිහිටි මතබේදාත්මක කාෂ්මීර කලාපයේ, ලඩාක් හි ගැල්වාන් නිම්නයට චීන හමුදා භටයන් දහස් ගණනක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 30 May 2020
උස්බැකිස්ථානයේ වයිරස් ව්‍යාප්තියේ මැඩලීම සඳහා පනවා ඇති සීමා දීර්ඝ කරයි උස්බැකිස්ථානයේ කෙරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීම සඳහා පනවා ඇති සීමාවන් ජුනි 15 දක්වා දීර්ඝ කර ඇතැයි වාර්තා වේ. 30 May 2020
විදුලි බලයෙන් පමණක් ක්‍රියාකරන ලොව විශාලතම යානය ගුවන් ගත කරයි සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකර ඇතැයි වාර්තා වේ. 30 May 2020
මිරිස්සේ වෙඩි තැබීමක් මිරිස්ස ධිවර වරාය පාරේ පදිංචි පුද්ගලයෙකුට අද(30)උදැසන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 30 May 2020
රාජ්‍ය පරිපාලන - විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවි දෙකටම සයිබර් ප්‍රහාරයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 30 May 2020
ඕස්ට්‍රේලියාවේ - ඉන්දියාවේ සිටි ලාංකිකයන් 304 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද (30 ) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 30 May 2020
කොරෝනා ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1558 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 29 May 2020
කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රිලවු ඩැහැගනිති ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කළ රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල කිහිපයක් රැගෙන පලාගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 29 May 2020
මැතිවරණයට යොදවන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක් මැතිවරණ රාජකාරී කටයුතුවලට යොදවන පොලිස් නිලධාරීන් සඳහා ද වෙනම මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 29 May 2020
ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත. 29 May 2020
මුම්බායි නුවර රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙයි දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවර පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය අද (29) වාර්තා කළේය. 29 May 2020
’ලංකාව ආසාදිත විදේශිකයන්ට සැලකූ ලෙස අනික් රටවල් ද ක්‍රියා කළ යුතුයි’ ශ්‍රී ලංකාව ‘කොවිඩ්-19’ ආසාදිත විදේශිකයන්ට සැලකූ ආකාරය අනෙක් රටවල් ද අනුගමනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය. 29 May 2020
දිනක් තුළ රුසියාවෙන් මරණ 232ක් රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිත මරණ ගණන අද (29) වාර්තා වූ අතර එය 232ක් ලෙස දැක්විණි. 29 May 2020
නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට ඇඳිරි නීතිය හෙට(30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 May 2020
පැය 24ක් ඇතුළත කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 1,993ක් කටාර් රාජ්‍යයෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා වයිරස ආසාදිතයන් 1,993 දෙනකු හඳුනාගත් බවත් මරණ 3ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. 29 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026