තවත් කොවිඩ් මරණ 4 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 January 2021
අද කොරෝනා ආසාදිතයන් 737 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 354 දෙනෙකු අද (25) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 25 January 2021
පුද්ගලයකු කපාකොටා ඝාතනය කරයි මීටියාගොඩ ඉන්ධන පිරවුම් පොළ අසල අද (25) රාත්රියේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි. 25 January 2021
පාර්ලිමේන්තුවේ පීසීආර් පරීක්ෂණ 1400ක් මන්ත්‍රීවරුන් ඇතුළු 1400කට අධික පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් තහවුරු කරනු ලැබ තිබේ. 25 January 2021
15 කට කොරෝනා - ගම්පහ දිස්ත්‍රික් ඉඩම් කාර්යාලය වසා දමයි ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවරගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 25 January 2021
වසන්ත යාපාගේ ආශ්‍රිතයන් සොයයි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමඟ ඔහුගේ ළගම ආශ්‍රිතයින් පිළිබදව සොයා බැලීමේ මෙහෙයුමක් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත. 25 January 2021
යෝනකපුර බටහිර-නැගෙනහිර වසම්වල අගුලු අරී දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද(25) සවස 6.00 සිට හුදකලා බවින් නිදහස් කර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 25 January 2021
දියනෑමට ගොස් අතුරුදන් වූ හිමිනමගේ දේහය සොයාගනී ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ මුහුදේ දියනෑමට ගොස් සිටියදි අද (25) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි හෑගොඩ සුමණ සාමණේර හිමියන්ගේ දේහය නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් සොයාගෙන ගොඩට ගෙන එන ලදී. 25 January 2021
හොර වීසා බලපත්‍රයකින් කැනඩාවට පනින්න යද්දී දැලේ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය ඔස්සේ කැනඩාව වෙත පැන යාමට තැත් කළ ලාංකිකයෙකු අද(25) කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 25 January 2021
’’වෑකඩ දතා’’ හෙරොයින් සමඟ අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතමයකු බව කියන ’’වෑකඩ දතා’’නැමැත්තා හෙරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අද (25) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි. 25 January 2021
උදම්රළක් යුරෝසන් නෞකාව අවදානමෙන් මුදවයි දකුණු මුහුදේ කුඩා රාවණ පරයේ හැපී නොගැඹුරු වැල්ලේ සිර වු යුරෝසන් නෞකාව උදම්රළක් සමග යළි එසැවී දැනට වැලි පරයෙන් මිදී මේ වන විට කිලෝමීටර් පහක් පමණ ඈතට ගොස් නැංගුරම් ලා ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරිය කියයි. 25 January 2021
අල්ලස් ගත් පොලිස් සැරයන්ට බරපතල වැඩ ඇති සිරදඬුවමක් සොරකමකට රිමාන්ඩ් බාරයට පත් කර සිටි පුද්ගලයකුට ඇප ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 20,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ කැබතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකුට වසර 3 ක බරපතල වැඩ සහිත සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (25) නියම කළේය. 25 January 2021
රියදුරු බලපත් යෝග්‍යතා සහතිකය ගන්න වේලාවක් වෙන්කරගන්න රියදුරු බලපත්‍රය සඳහා අවශ්‍ය යෝග්‍යතා වෛද්‍ය සහතිකය ලබාගැනීමට 225 දුරකතන අංකය අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරවාගෙන පැමිණෙන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා අද (25 වැනිදා) පැවැසීය. 25 January 2021
පීසිආර් ප්‍රතිඵල එන්න කලින් සිරුර ඥාතීන්ට බාර දීලා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර සුළු මොහොතකින් මියගිය පුද්ගලයකුගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර, මරණ පරීක්ෂණයක් ද නොපවත්වා ඥාතීන්ට භාර දී ඇති බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 25 January 2021
නාන්න ගිය ගිය සාමනේර හිමි අතුරුදන් ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසළ මුහුදේ නෑමට ගිය සාමණේර හිමිනමක් අද (25) දහවල් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 25 January 2021
සමගි ජනබලවේගයේ සභාපති තනතුර සරත් ෆොන්සේකාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (25) පත්කරනු ලැබීය. 25 January 2021
මල්වර උත්සව - මළගෙදර ගැටුමෙන් 3 ක් රෝහලේ : 18 ක් පොලිසියේ දඹුල්ල. කණ්ඩලම, කැප්පැල ප්‍රදේශයේ අවමගුල් ගෙදරක පිරිසක් සහ මල්වර වූ දියණියකගේ උත්සවයක් පැවැත් වූ නිවසක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තවත් 18 දෙනකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. 25 January 2021
විහාරස්ථාන භූමියක නිධන් හාරති බකමූණ පොලිස් වසමට අයත් ජඹුරේවෙල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන භූමියෙක නිධන් හාරමින් සිටි චීවරධාරියෙකු, කට්ටාඬියෙකු ඇතුළුව පුද්ගලයෝ 05 දෙනෙකු අද (25)අත් අඩංගුවට ගත් බව දියබෙදුම පොලීසිය කියයි. 25 January 2021
මෙරට නිෂ්පාදිත ගිනි අවි 8 ක් සමඟ පුද්ගලයින් 8ක් අත්අඩංගුවට නීතිවිරෝධි ලෙස සන්තකයේ තබා ගත් මෙරට නිෂ්පාදිත ගිනි අවි 8ක් සමග පුද්ගලයින් අට දෙනකු පොලොන්නරුව දිඹුලාගල සොරිවිල ගම්මානයේ කල හදිසි සොදිස්සි මෙහෙයුමකදි අද (25) දින අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 25 January 2021
නාඳුනන තුවක්කුරුවකුගේ වෙඩි තැබීමකින් ධීවරයෙක් මරුට පානදුර උතුර පල්ලිමුල්ලදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී ත්‍රි රෝද රථයකට කළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 25 January 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා-19 ආසාදනය වී ඇති බව තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරියෙක් පැවැසීය. 25 January 2021
නිරෝධායන නීති නොතකා සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිහින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු අද(25) අලුයම අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. 25 January 2021
කල්මුනේ අගුලු අරී - මැල්කොනියට, පල්ලියකොටුවට, ගල්හින්නට අගුලු කල්මුණේ උතුර සහ දකුණු ග්‍රාම නිලධාරි කොට්ඨාසවල තෝරාගත් පෙදෙස්වල අද(25) උදෑසන 6.00 සිට හුදකලා බව ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 25 January 2021
තවත් කොරෝනා මරණ 3 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 January 2021
අද දිනයට ආසාදිතයන් 841 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 492 දෙනෙකු අද (24) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 24 January 2021
400 ක් නිරෝධායනයට යැවූ මංගල උත්සව දෙකක් හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල මංගලෝත්සව දෙකකට සහභාගී වූ එක් මනාල යුවළකට, කොරෝනා ආසාදනය වී ඇති බවත් අනෙත් මනාල යුවළ ස්වයං නිරෝධානයට ලක් කළ බවත් හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය. 24 January 2021
ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කරයි ප්‍රදේශ කිහිපයක් අද සවස 6 සිට හුදකලා බවින් නිදහස් කිරීමට සහ තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. වැඩිදුර තොරතුරු සඳහන් නිවේදනය පහත දැක්වෙයි. 24 January 2021
සියලුම දුම්රිය හෙට සිට ධාවනයට කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුර ගමන් දුම්රිය සේවා ඇතුලු සියලුම දුම්රිය වාරයන් හෙට (25) සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 24 January 2021
බස්නාහිර පාසල්වලින් කොටසක් 15 වැනිදා විවෘත කරන්න යයි බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිදා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 24 January 2021
රත්රන් පතලක සිරවී සිටි චීන කම්කරුවෝ 11 ක් බේරාගනිති චීනයේ ෂැන්ඩොං පළාතේ රත්රන් පතලක සති දෙකක් තිස්සේ සිරවී සිටි කම්කරුවන්ගෙන් 11දෙනකු බේරාගෙන ඇති බව එරට රාජ්‍ය මාධය වාර්තා කරයි. 24 January 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026