(ආනන්ද ඉ ජයකොඩි)
වතුපිටිවල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය වරියකට හා එහි තවත් සුළු සේවිකාවන් තිදෙනකුට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
එහි ශල්‍යාගාරයේ සේවයේ නියුතු වෛද්‍යවරියකටත් එහි සුළු සේවිකාවන් දෙදෙනකුට හා දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු සුළු සේවිකාවකට එසේ වයිරසය ආසාදනය වී ඇති බව එම ප්‍රකාශකයා කියා සිටියේය.
මෙයට දින කිහිපයකට පෙර දැඩි සත්කාර ඒකකයේ හෙදියන් දෙදෙනකුට වෛරසය ආසාදනය වී ඇති බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.
ආසාධිත සියළු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට පියවර ගන්නා බවද රෝහල් ප්‍රකාශකයා කියා සිටියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.