(රංජන් කස්තුරි සහ කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් 75 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පොල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමේ කර්මාන්ත ශාලාවක් වන එහි සේවක සේවිකාවන් අවස්ථා දෙකකදී පරීක්ෂාවට ලක්කළ අතර එහිදී ආසාදිතයින් හඳුනාගත හැකි වූ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි
කෙසේ වෙතත් එම කර්මාන්ත ශාලාවේ කටයුතු අද (28) පස්වරුව වන විටත් සිදු වෙමින් තිබූ බව වාර්තා වේ.
මේ පිළිබඳව ලංකාදීප කළ විමසුමකදී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අනුජ ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම කර්මාන්ත ශාලාව වසා දමන්නැයි එහි පාලනාධිකාරියට දැනුම් දී තිබෙන බව ය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.