මැනිං වෙළෙඳපොලේ කඩ බෙදාගැනීමට ආරවුල් 60 ක්
පිටකොටුවේ තිබූ මැනිං වෙළෙඳපොල පෑලියගොඩට ගෙන ඒමෙන් පසු අලුතෙන් කඩකාමර බාරදීම සම්බන්ධයෙන් ආරවුල් 60 ක් පමණ ඇතිවී තිබේ. මෙම ආරවුල් විසඳීමට කමිටුවක් පත්කර ඇතැයි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා පැවසීය.