ප්‍රමුඛතාව අනුව උසස් පෙළ - සාමාන්‍ය පෙළ සිසුනට ෆයිසර් එන්නත දෙන්න ප්‍රමුඛතාවය අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා වහා පාසල් විවෘත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී පැවසීය. 17 September 2021
හොරා ගත් ජිප් රථය තිබූ තැනටම ගෙනත් දමලා පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයට අයත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කැබ් රථයක් හෝමාගම ගොඩගම මංසන්ධිය ආසන්නයේ නවත්වා තිබියදි පැහැර ගෙන ගොස් දින කිහිපයකට පසු අදාල කැබ් රථය යළි පැහැරගත් ස්ථානයේ දමා ගිය බව කියන සැකකරු අද දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි 17 September 2021
ජයන්ත කැටගොඩ පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අද (17) නිකුත් කරනු ලැබීය. 17 September 2021
ඔන්ලයින් ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම් මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු සිදු නොකරන ලෙසට කිසිවකූ හෝ තර්ජනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) වෙත පැමිණිලි කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්තුදූව මහතා ඉල්ලා සිටී . 17 September 2021
එජාප පළමු ඔන්ලයින් සමුළුව අද 5ට එක්සත් ජාතික පක්ෂයේ 75වන සංවත්සරයට අදාළව පවත්වන ’’ඔන්ලයින් සමුළු’’මාලාවෙි ආරම්භක සමුළුව අද (17)පස්වරු 5ට පැවැත්වේ. 17 September 2021
නිරෝධායන ඇඳිරිය තව දික් කරයි කොරෝනා පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 17 September 2021
කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා සමුගනී ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අද (17) අළුයම අභාවප්‍රාප්ත වූයේය. 17 September 2021
වාහන ලිහිසි තෙල් - අමතර කොටස්වල මිල ඉහළට වාහන එංජින්වලට භාවිතා කරන ආනයනික ලිහිසි තෙල් සහ අමතර කොටස්වල මිල සියයට 20 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යෑම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාහන හිමිකරුවන් සහ කාර්මිකයෝ පවසති. 17 September 2021
රෝහල් වැසිකිලියේ අත් බෝම්බයට තවත් අයෙක් අල්ලයි නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේදී සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු පොලිස් ත්‍රස්තවාදී විමර්ශන ඒකකය අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. 17 September 2021
ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අල්ලයි ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ ළමුන් අලෙවි කිරීමට උපයෝගී කරගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය . 17 September 2021
මාතර ට සන්නිවේදන කුළුණු 25ක් මාතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සන්නිවේදන කුළුණු 25ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙි. 17 September 2021
අදත් විටින් විට වැසි සහිත කාලගුණයක් සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (17) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 September 2021
“රත්වත්තේ මන්ත්‍රී ධූරයටවත් සුදුසු නෑ” බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තව දුරටත් කටයුතු කරන බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා අතිශය සාපරාධී ක්‍රියාවක් නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට දැරීමට හෝ විශ්වාසවන්ත පුද්ගලයකු නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 September 2021
මැතිසබේ කටයුතු සීමා වීමෙන් කෝටි සීයක ලාභයක් කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සීමා වීමත් සමග වියදම් අඩුවීමෙන් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් මේ දක්වා ඉතිරිවී (ලාභයක් ) ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ . 17 September 2021
පෞද්ගලික රෝහලට අත් බෝම්බය ගත්තේ ඇමැති නිල නිවසකින් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක් තුළ තිබී සොයා ගත් අත් බෝම්බය සැකකරු විසින් රැගෙන එනු ලැබ ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයකුට අයත් නිල නිවාසයක ලාච්චුවක තිබී බවට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 17 September 2021
ලොහන් ගැන විමර්ශනයක් කරන්නැයි පොලිස්පතිට දන්වයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත 16 September 2021
සෙල්ලම් ගෙයි ආච්චිගේ ගෙළ චීත්තයට සිරවී මරුට සිය නැගණිය සමග විවිධ ඇදුම් ඇදගෙන නිවසේ සෙල්ලම් කරමින් සිටි මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 11 හැවිරිදි දැරියක් චීත්ත රෙද්දක් ගෙල සිර වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කොටවිල පොලීසිය පවසයි. 16 September 2021
වල් අලි පහරින් තරුණයා මිය යයි වල් අලියෙකු පහරදීමකින් තරුණයකු මියගොස් ඇතැයි සාලියවැව පොලීසිය පවසයි. 16 September 2021
චීනය සිනොවැක් ලක්ෂ දහයක් පරිත්‍යාග කරයි සිනොවැක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර ඇතැයි ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. 16 September 2021
සියලු වගා සඳහා කාබනික පොහොර ආනයනයට අවසර තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකකට අද(16)සිට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 16 September 2021
සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා 21 තෙක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදු`ථණූ කිලෝ 58,620ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාවද්‍ය පරිහරණය කළැයි පෑලියගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලබන 21 වනදා තෙක් රක්ෂිත බංධනාගාර ගත කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (16) නියෝග කළේය. 16 September 2021
මානව හිමිකම් ක්‍රීයාකාරී කණ්ඩායමක් අ.පු.ර බන්ධනාගාරයට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ රැඳවියන් නිරීක්ෂණය කිරීම සදහා මානව හිමිකම් ක්‍රීයාකාරී කණ්ඩායමක් අද (16) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 16 September 2021
කොවිඩ් මරණ 118ක් වාර්තාවේ කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (15) මරණයට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 16 September 2021
ජාත්‍යන්තරයට යන්න වුණේ රජය ගැන විශ්වාසයක් නැති නිසයි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තරයටත් යාමට සිදුවූ බව කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 16 September 2021
නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා තිබේ. 16 September 2021
එජනිස ට එක්වෙන්න තවත් පක්ෂ සූදානමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්වීමට තවත් පක්ෂ කීපයක් සූදානමින් සිටින බව එහි මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 16 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,382ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,382දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 September 2021
මියන්මාර් තානාපති මහාචාර්ය නලින් ද සිල්වා ඉවත්වෙයි මියන්මාරය් ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා එම ධූරයන් ඉවත්ව අද (16) යළි දිවයිනට පැමිණියේය. 16 September 2021
සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ලූණු කිලෝ 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී ආකාරයෙන් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 16 September 2021
’’ලොහාන් වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා’’ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුථාපන කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘ලංකාදීප’යට ඊයේ (16) පැවසීය. 16 September 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026