නීති කඩා රෝන්දේ ගිය වාහන 911 පන්නා දමයි
බස්නාහිර පළාතේ සිට කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දකුණු පළාතටත් ප්‍රධාන මාර්ග ගණනාවකින් තවත් පළාත් කිහිපයකටත් සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව ගමන් ගත් වාහන 911 ක් පොලිස් මුර කපොලු කිහිපයකදී දැඩි ලෙස පරීක්ෂාකර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය.