ඉෂාරා ඉන්දියාවට පැන්නූ සැකකරුගේ ප්‍රකාශයෙන් තවත් උණ්ඩ සොයාගනී ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ ප්‍රශ්න කිරීමේදී තවත් උන්ඩ 12 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 06 November 2025
වසරේ ගතවූ කාලයේ 230 ක් දියේ ගිලී මරුට දියේ ගිලිම් හේතුවෙන් 230 දෙනකු වසරේ ගත වූ කාල සීමාවේදී මියගොස් ඇතැයි පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය පවසයි. 06 November 2025
නව ආයුර්වේද කොමසාරිස් වැඩ බාර ගනියි නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස පත් වූ ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන සහ ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත් වු වෛද්‍ය එම්.ඩබ් පද්මකුමාර මහත්ම මහත්මීන් මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී එම තනතුරු වල වැඩ බාර ගත්හ. 06 November 2025
අයවැය විවාදය පැවැත්වෙන්නේ මෙහෙමයි රජයේ අයවැය යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාදය පුරා මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වේ. 06 November 2025
හෙලිකොප්ටර් ටෙන්ඩරය ගැන කියන්න කල් ඉල්ලයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි.17 හෙලිකොප්ටර් යානා 4ක සම්පූර්ණ අලුත්වැඩියාවට අදාල ටෙන්ඩරය කොන්දේසි ලේඛන සම්පූර්ණ නොකළ බව කියන සමාගමකට දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු දීමට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සතියක කාලයක් ඉල්ලා සිටියේය. 06 November 2025
ත්‍රි‘මලේ පාසලක පුස්තකාලය ගිනිගනී ත්‍රිකුණාමල , ශ්‍රී සුමේධංකර මහා විද්‍යාලයේ අද (06) උදෑසන පාසල් ආරම්භ වී විනාඩි කිහිපයක් තුළ ඇතිවූ හදිසි ගින්නකින් පුස්තකාලයේ පොත් සියල්ල ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි උප්පුවේලි පොලිසිය කියයි. 06 November 2025
රජයේ අයවැය ලේඛනය හෙට මැතිසබයට 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කතාව) හෙට (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 06 November 2025
අයවැය යෝජනා ජනපති නිරීක්ෂණයට 2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. 06 November 2025
මත් වැරදිකරුවෝ 980 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 980ක් ඊයේ (5) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 06 November 2025
පල්ලේකැලේ කර්මාන්තශාලාවක් අළු වෙයි පල්ලෙකැලේ කර්මාන්ත පුරයේ ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවක ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් එම කර්මාන්තශාලාවට බරපතල හානි සිදුවී ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි. 06 November 2025
අංක තහඩු මාරු කළ යතුරු පැදියක් සමඟ හිටපු පීසී මාට්ටු සොරකම් කරන ලද යතුරුපැදියකට ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කරමින් සිටි හිටපු කොස්තාපල් වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය පවසයි. 06 November 2025
පොලිස් නිල ඇඳුම් ළඟ තබාගත් දෙන්නෙක් අල්ලයි පොලිස් නිලධාරින්ට ලබා දී ඇති නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් වෙනත් පාර්ශ්ව වලට විකුණූ බවකියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 06 November 2025
දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හිතකර පරිසරයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 November 2025
සැක මෝටර් රථයක් පසුපස පැන්නූ පොලිස් යතුරු පැදිය අනතුරක පුත්තලම සේතපොල ප්‍රදේශයෙ හරහා පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පසුපස හඹා ගිය පුත්තලම කොට්ඨාශ අධිවේගි මහා මාර්ග පොලිස් යතුරු පැදි ඒකකයෙ නිළධාරීයකු යතුරු පැදි අනතුරකින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව නොරෝච්චෝල පොලිසිය පැවසිය. 06 November 2025
ආදායම් ඉලක්කයට නොගියොත් කෝටි 2133 අහිමි වෙයි ආදායම් ඉලක්ක දෙකක් සපුරා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2133 ක් පමණ) ණය සහනයක් අහිමි වී යාමේ අවදානමක් මතුව තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 06 November 2025
තෙල් - තේ ගිවිසුම කැඩුවාට ඉරානයට මිලියන 119ක් ගෙවයි ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි. 06 November 2025
අල්ලසින් කප් එක පොලිසිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9දී සිදුකළ වැටලීම්වලදී අල්ලස් හෝ දූෂණ චෝදනා මත වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන්නන් බවත් එම කොමිසම නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 06 November 2025
කැලණියේදී මෝටර් රථයක් දුම්රියක ගැටේ කොළඹ කොටුට සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක කැලණිය හැන්සන්ටවුන් දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් එහි රියැදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 05 November 2025
මත්සාදයක් වටලා දස දෙනකු අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ පිරිසක් මුහුණු පොත හරහා සම්බන්ධ කර ගනිමින් කෙසෙල්වත්ත ගොරකාන ගල් කණුව පාරේ හෝටලයක් තුළ පැවති මත්ද්‍රව්‍ය සාදයක් වටළා එහි සිටි කාන්තාවක ඇතුළු තරුණයන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 05 November 2025
දැදුරුඔයට හතරක් බිලි - අයෙක් අතුරුදන් කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා විනෝද චාරිකාවක් ගොස් ආපසු ඒද්දී දැදුරුඔයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි සිව් දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. 05 November 2025
විදුහල්පති - පුතා කෝටි දෙකක මත් කුඩු සමග මාට්ටු එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 05 November 2025
පොලිසියේ යකා නැටූ ජාජබ ප්‍රා.මන්ත්‍රිට ඇප හිඟුරක්ගොඩ පොලිසිය තුළදී පොලිස් නිලධාරින්ට බැණ තර්ජනය කරමින් කලබලකාරී ලෙස හැසිරුණැයි කියන හිඟුරක්ගොඩ ජාතික ජනබලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ලෙසට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සෙව්වන්දි සොයිසා මෙනෙවිය අද (5) නියෝග කළාය. 05 November 2025
කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෝතල් මූඩී බංකුවක් මරදානට අක්‍රමවත් ලෙස බැහැර කළ ප්ලාස්ටික් බෝතල්වල මූඩි ඵලදායීව භාවිතා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියෝ මරදාන දුම්රිය ස්ථානයේ මගී ආසනයක් නිර්මාණය කළහ. 05 November 2025
සජිත් - ජයශංකර් හමුවක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබීය. 05 November 2025
මන්ත්‍රීලාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මහ බැංකුව මැතිසබයේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීමට ප්‍රමාද වන්නේ නම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබා දිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 05 November 2025
හෑෂ් කිලෝ 11ක් කටුකුරුන්දෙන් අල්ලයි කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11 ක් සහ ග්‍රෑම් 759 ක් අද උදෑසන සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 05 November 2025
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෝටර්රථ කාර්මිකයකු පිරමිඩ ජාවාරමකට හවුල් වෙලා පෞද්ගලික සමාගමක් යටතේ පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගොස් මුදල් ඉපැයූ බව කියන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ මෝටර්රථ කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 05 November 2025
ලොකු ලූනුවලට නම් පටබඳිති දේශීය ලොකු ලූණු විකුණා ගැනීමට නොහැකිව නරක් වේද්දී ලූනු අලෙවිකරන්නන් ලොකු ලුණුවලට අලුත් නම් රැසක් පටබැඳ ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු කියති. 05 November 2025
උඩවෙල රෝහල වසා දොස්තර ගෙදර ගිහින් උඩුවෙල ප්‍රාදේශීය රෝහල ඊයේ (4) සවස සිට වසා දැමූ බවට ගේට්ටුවේ දැන්වීමක් දමා එහි වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 05 November 2025
පාප් වහන්සේට ලංකාවට එන්නැයි විධිමත් ආරාධනයක් දාහතර වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස විධිමත් ආරාධනාවක් කිරීම සඳහා කටයුතු සලසන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වතිකානයේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමන් හමුවේ පැවසීය. 05 November 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026