(යොහාන් භාසුර)

වෙසක් උත්සවය වෙනුවෙන් ‘ශ්‍රී බෞද්ධා ලෝකය’ වෙසක් අභිමංගය සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත වෙන්කිරීමේ අවසර පත්‍රය සඳහා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන සුදත් දේවපුර මහතාට රුපියල් ලක්‍ෂ 30 ක අල්ලස් මුදල් දීමට යෝජනා කළේ යැයි පැමිණිල්ලක් ලැබී ඇති බවත් එම පැමිණිල්ල පිළිබඳව ඉදිරියේදී සළකා බලන බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පැවසුවාය.

කොළඹ නගර ශාලාවේදී ඊයේ (12) පැවැති එම නගර සභාවේ මැයි මස රැස්වීමේදී කොළඹ නගර සභාවේ විපක්‍ෂ නායක රීසා සරුක් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය එසේ පැවසුවය.

‘ශ්‍රී බෞද්ධා ලෝකය’ වෙසක් කළාපය සඳහා බෞද්ධාලෝක මාවත වෙන්කිරීමේ ක්‍රියාපටිපාටියේදී මෙසේ අල්ලස් ලෙස රුපියල් ලක්‍ෂ 30 මුදලක් දීමට යෝජනා කර ඇතැයි ලෝක බෞද්ධ සම්මේලනය තමන්ට ද ලිපියක් යොමුකර ඇති බවත් ඒ පිළිබඳව නගරාධිපතිනිය දැනුවත්ව සිටින්නේ දැයි විමසන බවත් විපක්‍ෂ නායක රීසා සරුක් මහතා පැවසීය.

එහිදී රීසා සරුක් මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට ලැබුණු ලිපිය සභාගත කළේය.

‘ශ්‍රී බෞද්ධා ලෝකය’ සඳහා බෞද්ධාලෝක මාවත වෙන්කිරීමේ බලපත්‍රය පසුගිය වසරේ (2025) දෙසැම්බර් මස 31 වැනිදා ලැබුණු අතර වෙසක් උත්සවය කල්යෑම හේතුවෙන් එම බලපත්‍රය අලුත්කර නැවත පසුගිය පෙබරවාරි මස 18 වැනිදා ලැබුණු බවත් කොළඹ නගර සභාවේ හිටපු කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පසුගිය අප්‍රේල් මස 24 වැනිදා එම අවසර පත්‍රය අවලංගු කළේ යැයි දෙවැනි වාර්ශවයක් හරහා දැනුම්දදුන් බවත් එම ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

“මම දෙවැනි පාර්ශවය යනුවෙන් සඳහන් කරනු ලබන්නේ අපගේ අවසර පත්‍රය අවලංගු කර අවසර පත්‍රය නිකකුත් කළ කණ්ඩායම බව සදඟන් කරමි.

මෙම දෙවන පාර්ශවය වෙනුවෙන් සඳහන් කරන කණ්ඩායම විසින් ඉහත 1 සහ 2 යනුවෙන් සදඟන් කර ඇති අප හට ලබාදුන් අවසර පත්‍රය ඔවුන්ට ලබාදෙන මෙන් ඉල්ලා රුපියල් ලක්‍ෂ 30 ක අල්ලසක් මා හට ලබාදීමට තැත්කළ කණ්ඩායම වන අතර ඒ සම්බන්ධයෙන් මා විසින් 2026.03.11 වන දින අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සබාවට පැමිණිල්ලක් කර එම පැමිණිල්ල විභාග වෙමින් පවතී” ලෙස සදඟන්ව තිබේ.

“මෙම ඉහළ සඳහන් කළ කරුණුවලට අදාලව බරපතල ප්‍රශ්නය වී ඇත්තේ අප ගරු සභාපති සුදත් දේවපුර මැතිතිුමා හට රුපියල් ලක්‍ෂ 30 කඅල්ලසක් ලබාදීමට තැත්කිරීම සම්බන්ධයෙන් එතුමා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ පැමිණිල්ලක් පරීක්‍ෂණයක් පැවැත්වෙමින් තිබියදී මෙම රුපියල් ලක්‍ෂ 30 කවුරුන් වෙත හෝ ලබාදී අප අවසර පත්‍රය අවලංගු කර දෙවැනි පාර්ශවයක් වෙත අවසර පත්‍රය ලබාදුන්නේ ද යන කරුණ සම්බන්ධයෙන් ද ආයතනික සහ අපරාධමය පරීක්‍ෂණයක් පවත්වන මෙන්ද අප හට ලබාදුන් 2026.02.18 වන දින ඔබේ අංක ඵෑරැඔෘඍීරැඪෑී්ණරැ01රැ2026 යටතේ ලබාදුන් අවසර පත්‍රය නැවත බලාත්මක කර ශ්‍රී බෞද්ධා ලෝකය වෙසක් අභිමාංගල්‍ය අප හට බාධාවකින් තොරව පවත්වාගැනීමට කටයුතු සළසා දෙන මෙන් ද ඉල්ලා සිටිමි” යැයි ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානය කොළඹ මහ නගර සභාව වෙත යොමුකළ ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම සිද්ධිය පිළිබඳව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සම ලේකම් දිලුම් වාහලතන්ත්‍රි මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල සිද්ධියට සම්බන්ධ සුදත් දේවපුර මහතා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා හෝ අවම වශයෙන් සාමාජිකයක් හෝ නොවන බවත් එම සංගමය අධිකරණය වෙත ගොස් නිත්‍යානුකූල ලෙස ‘ශ්‍රී බෞද්ධා ලෝකය’ වෙසක් අභිමංගල්‍ය සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත වෙන්කරගත් බවත්ය.

සුදත් දේවපුර මහතාගේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකත්වය අහෝසි කළ බව ප්‍රසිද්ධ දැනුවීම් පළකරමින් ප්‍රසිද්ධ කළ බවත් ඒ මහතා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග දෙකක් පැවැත්වෙන බවත් වාහලතන්ත්‍රි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.