(යොහාන් භාසුර)

ලොකු ලූණු කිලෝවක මිල පසුගිය දින දෙක තුන තුළ රුපියල් 120 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලූණු සිල්ලර වෙළෙන්දෝ පවසති.  

මීට දින දෙක තුනකට පෙර රුපියල් 180 ත් 200 ත් අතර මිලකට අළෙවි කළ  ලොකු ලූණු කිලෝවක් අද (13) රුපියල් 300 ත් 320 ත් අතර මිලක් දක්වා ඉහළ ගිය බවත් කොළඹ තොග වෙළෙදපොලේ තොග මිල ඉහළ යෑම මෙයට හේතුව බවත් වෙළෙන්දෝ කීහ.

කොළඹ තොග වෙළෙදපොලේ රුපියල් 160 ක්ව පැවැති ලොකු ලූණු කිලෝවක මිල අද පෙරවරුව වන විට රුපියල් 260 ත් 270 ත් අතර මිලක පැවැති බව කියන ලූණු සිල්ලර වෙළෙන්දෝ ඒ හේතුවෙන් සිල්ලර මිල මෙසේ ඉහළ දැමීමට සිදුවූ බව ද සඳහන් කළහ.