ලෝක ජනගහනය ඉහළට මෙම වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් වැඩි වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සංගණන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ලබන ජනවාරි මස පළමු වැනිදා වන විට බිලියන 8කට වඩා වැඩි ජනතාවක් ලෝකයේ ජීවත් වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 29 December 2023
ශ්‍රීලංකාව-තායිලන්තය නිදහස් වෙළදගිවිසුම අත්සන් කරන්න යයි නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය. 29 December 2023
කොස්තාපල්වරියට වාචිකව ලිංගික හිරිහැර කළැයි හතරක් අල්ලයි කළුතර නගර සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළි භූමියකදී ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට වාචික ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. 29 December 2023
ගේය පද රචනා සංගමයේ මුලසුන් පත් වෙති ! ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. 29 December 2023
රජරට වැව් වාන් උතුරයි:පොලොන්නරුව යටවේ උතුරු මැද පළාතට අඛණ්ඩව ඇඳ හැළෙන වාර්ෂාව හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් වර්ෂාව අඛණ්ඩව පැවතුණ හොත් තවත් මාර්ග යටවීමේ අවදානමක් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 29 December 2023
දඹුල්ලේ මිරිස් කරලක් රුපියල් 15යි දඹුල්ල නගරයේ අමුමිරිස් කරලක් රුපියල් 15 ක මුදලකට අද දින අලෙවි වූ බව පාරිභෝගිකයෝ පවසති . 29 December 2023
කොළඹ ආනාරක්ෂිත තවත් ගස් 200 ක් කපන්න නිර්දේශ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් යැයි කොළඹ නගරයේ ඇති හඳුනාගත් අනාරක්ෂිත ගස් 200 කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 December 2023
රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ රියට ප්‍රහාරයක් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය කියයි. 29 December 2023
කලා වැවේ වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි කලාවැව හදිසි වාන් දොරටු අද(29) පෙරවරුවේ සිට අඩි 16 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ බාර කාර්යාලය පියවර ගෙන තිබේ. මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86357ක්ව තිබේ. 29 December 2023
හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළු 500 ක් මියයති හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල හමුදා සෙබළුන් ගණන 500 තෙක් ඉහළ ගොස් ඇතැයි ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 29 December 2023
යුද්ධය මැද සිවු නිවුන් දරු උපතක් ඊශ්‍රායල ප්‍රහාර මැද, පණ බේරා ගෙන, ගාසා තීරයේ දකුණු දෙසට පලා ගිය ගැබිනියක සිවු නිවුන් දරුවන් බිහි කර ඇතැයි පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. 29 December 2023
නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙයි යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවකට වැසි ජලය කාන්දු වීම නිසා නරක් වූ බීජ අර්තාපල් තොගය වෙනුවට හොඳ බීජ අර්තාපල් තොගයක් නොමිලයේ ම ලබා දීමට අදාල සමාගම එකඟත්වය පළ කළ බව කෘෂි නව්‍යකරණ අංශයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්හ. 29 December 2023
වැට් නිසා පවුලකට 40000ක් වැයවන කතාව බොරු වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. 29 December 2023
පොඩි මැණිකේ පිලීපනී උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා හාලිඇල දූම්රිය ස්ථානය අතරදී දුම්රියක් අද (29) පිලිපැනීමටකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 29 December 2023
පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවට එප්පාවල නගරයේ නවාතැන්පොළක 13 හැවිරිදි පිරිමි දරැවන් දෙදෙනෙකු සමග සැක කටයුතු ලෙසට නවාතැන් ගෙන සිටි 51 හැවිරිදි ක්‍රීඩා ගුරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි. 29 December 2023
රජයේ පොහොර සමාගම් දෙක ශුද්ධ ලාභ ලබයි රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 29 December 2023
කුඩු ගංජා සොයද්දී වාහන අංක තහඩුත් හමුවෙයි දඹුල්ල බස් නැවතුම්පළ ආසන්නයේ ව්යාපාරිකයින්කිහිප දෙනෙකුට අයත් බව කියන හෝටලයක කාමරය සඟවා තිබූ වාහන අංක තහඩු සහිත බෑගයක් සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි 29 December 2023
නිධන් ගන්න ගිය කළමනාකරණ සේවා නිලධාරියා ඇතුළු තුනක් මාට්ටු තිස්සමහාරාම ජූල්පල්ලම ,සිවුජනගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් සෙවීම සදහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කැණීම් උපකරණ සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . 29 December 2023
තවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ. 29 December 2023
ගින්නකින් ඇල්පිටියේ වෙළඳසැලක් විනාශයි ඇල්පිටිය ගොළුවාමුල්ල මංසන්ධියේ පිහිටි වෙඳසැලක ඇතිවූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 29 December 2023
පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 December 2023
රත්නපුර ලයින් කාමරයකින් මවක සහ දරුවාගේ සිරුරු හමුවේ රත්නපුර කෙහෙල්ඔවිටිගම වම්බටුහේනේ ලයින් කාමරයක තිබී කුඩා දරුවකුගේ මළසිරුරක් සහ දරුවාගේ සිරුරු හමු වූ බව ඇලපාත පොලිසිය කියයි. 28 December 2023
මාස 7 කදී ‘සරම්ප’ රෝගීන් 700 ක් හදුනාගනී මෙම වසරේ මැයි මස සිට මේ දක්වා කාලය තුළ ‘සරම්ප’ රෝගීන් 700 කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා අද (28) පැවසීය. 28 December 2023
කළුතර තවත් රැඳවියෙක් මරුට සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. තෙවන මරණය අද සවස වාර්තා වී ඇත. 28 December 2023
කිල්මිෂාට උපන් ගමෙන් උපහාර දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක් විකාශනය කළ ‘සරිගමප ලිට්ල් චැම්පියන් සීසන් 3’ තරගයෙන් ජය ලැබූ යාපනයේ කිල්මිෂා උදයෂීලන් පිළිගැනීමේ උත්සවයක් යාපනයේදී අද (28) පැවැත්විණි. 28 December 2023
කේක් අළෙවිය සියයට 75 කින් අඩුවෙයි මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 28 December 2023
පරක්කු වූ රස පරීක්ෂක වාර්තා මාස හයක් ඇතුළත දෙයි ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 28 December 2023
ඉන්ධන අළෙවිය සියයට 50 කින් පහළට ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය. 28 December 2023
රොබෝ ප්‍රහාරයෙන් ඉංජිනේරුවාට තුවාල ඇමෙරිකාවේ ඔස්ටින්හි ටෙස්ලා සමාගමේ කර්මාන්ත ශාලාවකදී රොබෝ ප්‍රහාරයකින් එහි ඉංජිනේරුවකුට තුවාල ලබා ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. 28 December 2023
මහවැලි ගඟ පිටාර ගලයි: මනම්පිටිය යටවේ මහවැලි ගඟ පිටාට ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය කියයි. 28 December 2023
මෝටර් රථය මගියා බේරාගන්න ගිහින් පොල්ගහට ගිහින් අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි... 01 January 2026