වෙරළ රකින්න අලුත් ලොක්කෙක් පත් කරයි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
පොලොන්නරුවේ HIVආසාදිතයින් වැඩිවෙලා ශ්‍රී ලංකාවේ 2025 වර්ෂය වන විට ඇස්තමේන්තුගත එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4,700 ක් පමණ වනු ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්ය්ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේදි පැවසිය. 22 October 2024
ගමනාගමන කොමිසමට සභාපති- අධ්යක්ෂ මණ්ඩලය පත් කරයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
මධ්‍යම සංස්කෘතික අරමුදලට නව අධ්යක්ෂවරයෙක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 October 2024
මහා භාණ්ඩාගාරයට ඉහළ නිලතල පත් කරයි මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 22 October 2024
මහනුවර ස්ථාන දෙකක නාඳුනන මළ සිරු දෙකක් මහනුවර පොලිස් බල ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවී ඇති බව පොලිසිය කියයි . 22 October 2024
කල්පිටිය රථවාහන OIC අත්අඩංගුවට රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාලු ඉඩමකදී එම බීඩි කොළ තොගය පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටි බව කියන කල්පිටිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සහ ලොරි රථයේ රියදුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 22 October 2024
හිස බිත්තියට සිරවී කම්කරුවා මරුට අකුරැස්ස නගරයේ වෙළෙඳ ආයතනයකට යාබද පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි අයෙකු මතට වහලේ කොටසක් ඇදවැටී බිත්තියකට යට වී හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කම්කරුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි. 22 October 2024
පළාත් රැසකට කඩින් කඩ තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 October 2024
යහපාලනයේ කෘෂි ගොඩනැගිල්ලට දුන් කෝටි 66ක අතිකාරම් කෝ යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් අධික කුලියක් ගෙවා ලබා ගැනීම සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 22 October 2024
බ්‍රික්ස් සමුළුව ඇරැඹේ රුසියාවට අයත් ටැටර්ස්ථාන් පළාතේ, කසාන් නගරයේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ. සමුළුව දින දෙකක් පුරාවට පැවැත්වෙයි. 22 October 2024
ප්‍රතිකාරවලට එහා ගිය මීගලෑව රෝහල රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අමතරව රෝහලේ සංවර්ධනයට වෙහෙස මහන්සිය දරන වෛද්‍යවරුන් සහ සේවක සේවිකාවන් පිරිසක් මීගලෑව ප්‍රාදේශීය රෝහලේ දී අපට හමු විය. 21 October 2024
අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය. 21 October 2024
ගම්පහ පෙදෙස් කීපයකට ජල සැපයුම හෙමින් සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. 21 October 2024
මහ ඡන්දේ අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වෙයි මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි 21 October 2024
මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා සම්බන්ධ බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (21) නියෝග කළේය. 21 October 2024
හිටපු ඇමැති රෝහිතගෙන් අභියෝගයක් මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය . 21 October 2024
බිත්තර හැංඟුවොත් වැඩ වරදී බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 21 October 2024
අලුත් පෙනුමට හැඩ වූ විදෙස් ගමන් බලපත මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද (21) සිට පියවර ගත්තේය. 21 October 2024
මහින්ද වාහන තුනක් බාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාවිච්චි කළ වාහන තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට අද (21) භාර දුන්නේය. 21 October 2024
මහ මැතිවරණ ගැසට්ටුවට එරෙහිව පෙත්සමක් මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ පනතේ විධිධානයන්ට පටහැනි හෙයින් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලමින් සිවිල් ක්රියාකාරකයකු වන ප්‍රියන්ත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) ගොනු කළේය. 21 October 2024
දමිතා වෙනතක් බලා ගනියි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී ඇත. 21 October 2024
හලාවත ත්‍රිත්ව ඝාතනයේ රහස හෙළි වේ හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත. 21 October 2024
කෙහෙළියගේ මල්වඩම් සිද්ධියේ අමු දර්ශන උසාවිය ඉල්ලයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මගින් මල් වඩම් තැබීමේ සිද්ධියට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කුරුඳු වත්ත පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රූපවාහිනි මාධ්‍ය ආයතන වලට අද (21) නියෝග කළේය . 21 October 2024
වසන්ත මුදලිගේට එරෙහි නඩුවකට දින දෙයි විශ්ව විද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යාධාර දීමනාව වැඩිකර පහසුකම් සලසන්නැයි ඉල්ලමින් 2022 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ අන්තර් විශ්ව විද්‍යාලයේ බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට එරෙහි නඩුව පෙබරවාරි 10 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) නියෝග කළේය. 21 October 2024
මධ්‍යම පළාතේ ප්‍රශ්න පත්‍ර මාරු වෙලා මධ්‍යම පළාතේ මේ දිනවල පවත්වනු ලබන පාසල් දෙවන වාරයේ වාර විභාගය සඳහා සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂය ප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ . 21 October 2024
කිතුල් රා මුට්ටියට රිලව් බැට දෙති කිතුල් රා ලබා ගැනිම සදහා තබා ඇති මුටිටිය රිලවුන් රැගෙන ගෙනයාම නිසා කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කර ගැනිමට නොහැකි තත්වයකට පත්ව ඇති බව වලපනේ ප්‍රෙද්ශයේ කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කරුවෝ පවසති. 21 October 2024
කාදිනල් තුමෝ ගම්මන්පිලට උත්තර දෙති වර්තමාන රජයේ සිටින උසස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිමය කටයුතු කරන්නැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය පත්කළ කොමිටියට යෝජනා දුන්නේද ඒ ආණ්ඩුවම යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසුහ. 21 October 2024
වන්නි ඡන්දෙට එරෙහි පෙත්සම හෙට සලකා බලයි ඉදිරි මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කය සඳහා ඡන්ද විමසීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ පෙත්සම හෙට (22) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය. 21 October 2024
ඉන්දු පාකිස්තාන ඔන්ලයින් වෙඩිමක් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකුගේ පුතකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර තරුණියක අතර අන්තර් ජාලය හරහා විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. ඒ, මනාලයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මනාලිය වෙත යෑමට වීසා නොලැබුණු බැවිනි. 21 October 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026