IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට අත වැනීම

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ යයි සමහර දේශපාලන පක්ෂ ද සිවිල් සමාජ සංවිධාන ද භික්ෂූන් වහන්සේලා ද ප්‍රකාශ කර ඇති ආකාරය පුවත්පත් මඟින් බොහෝ දෙනකුට දැනගන්නට ලැබුණේ යැයි සිතමි. එසේ වුව ද ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද දේශපාලන පක්ෂ වැඩි ගණනක් එම මැතිවරණය නියමිත පරිදි පැවැත්විය යුතු යයි ද ඒ සඳහා තම පක්ෂ සෑම ආකාරයකින්ම සූදානම් යැයි ප්‍රකාශ කරන ආකාරය ද දකින්නට ලැබුණි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු ප්‍රකාශ කර තිබුණේ තම ජයග්‍රහණය පිළිබඳව බිය වී රජය මැතිවරණ කල් දමන්නට සූදානම් වන බවය.

මැතිවරණයට පෙර ඕනෑම පක්ෂයකට මැතිවරණයේ දී ලැබිය හැකි ප්‍රතිඵල පිළිබඳව විවිධාකාරයෙන් අදහස් දැක්වීමට පුළුවන. ඒවා තම සිතැඟි, බලාපොරොත්තු සහ සිහින අනුව කෙරෙන ප්‍රකාශන ලෙස හැඳින්විය හැකිය.

ඒවායේ සත්‍යතාව සහ ප්‍රායෝගිකභාවය අපට පරීක්ෂා කළ හැක්කේ මැතිවරණයේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමෙන් පසුව පමණි. ඒ දක්වා බොහෝ පක්ෂවලට රජය පිහිටුවන, පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරන සද්දන්ත භූමිකාවක් නිරූපණය කරමින් සිටීමට හැකි වනු ඇත. 

ගෝල්ෆෙස් පිටියේ පැවැති තරුණ අරගලය අවසන් කිරීමෙන් පසු සහ රටපුරා එවකට පැවැති විවිධාකාරයේ පෝලිම් නැති වීමෙන් පසු කිසියම් ආකාරයක සහනදායී තත්ත්වයකින් ජීවත්වීම සඳහා වූ පසුබිමක් රට තුළ සැකසී තිබුණි. කෝවිඩ් යුගයේ දී මුඛ ආවරණ, ප්‍රතිශක්තිකරණ බෙහෙත්, සංචරණ සීමා, එන්නත්කරණ පෝලිම්, විෂබීජහරණ දියර ආදිය මඟින් ජීවිතය කවදාවත් නොතිබූ ආකාරයේ වෙනස් තත්ත්වයකට පත්කර තිබුණි. කාර්යාලයට, ව්‍යාපාර ස්ථානයට, ළඟම ඥාතියකුගේ හෝ හිතවතකුගේ හෝ විවාහයට, උත්සවයකට, මළගෙදරකට යා නොහැකි තත්ත්වයක් ඇතිවිය. හුදෙකලාව වඩාත් සුදුසු යයි සිතන පසුබිමක් නිර්මාණය විය. 

ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විපත්තිකර ජීවිතයක දෙවැනි කොටස පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව සැලසුණි. ඉන්ධන පෝලිම්, කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ පෝලිම්වල දින ගණන් කාලය ගත කිරීමට මෙන්ම විදුලි කප්පාදුවට මුහුණ දෙන ජීවිතයකට ද හුරු වන්නට දෙවන අවස්ථාවේ දී ශ්‍රී ලාංකිකයන්ට සිදු විය. කිරිපිටි, කහ, චූන්පාන් කරු, භුමි තෙල් නැති යුගයක අත්දැකීම් විඳ ගැනීමට ද ඔවුන්ට හැකි විය. කොරෝනා කාලයේ දී සල්ලි තිබුණත් බඩු නැතැයි ප්‍රකාශ කරන තත්ත්වයක් ඇතිවිය. කොරෝනා නිම වී ආර්ථික අර්බුදය මෝරා යන විට සල්ලිත් බඩුත් දෙකම නැතැයි ප්‍රකාශ කිරීමට තරම් පරිසරය වෙනස් විය. 

එවැනි පසුබිමක අරගලය බොහෝ දේ ශ්‍රී ලාංකිකයන්ට ඉගැන් වූයේය. උද්ඝෝෂණ යනු එක තැනකට රැස් වී රජයට  විරුද්ධව ඝෝෂා කිරීමට වඩා වැඩි දෙයක් බව ඔවුහු පෙන්වා දුන්හ. මුහුදු සුළං වලින් සිහිලස ගෙන දෙන ගෝල්ෆෙස් පිටියේ කූඩාරම්වල රැඳී සිටිමින් රැස්වීම්, සංවාද, ගී, නැටුම්, සිනමාපට, වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය සහ රසවින්දන වැඩසටහන් ඔස්සේ අරගලය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය දැනුම ඔවුහු ශ්‍රී ලාංකිකයන්ට ලබා දුන්හ. අරගලයෙන් රාජ්‍ය පාලකයා ඉවත් කිරීමට හැකි වීම ඔවුන් ලැබූ ලොකුම ජයග්‍රහණය විය.

අරගලයේ අතරමගදී නායකත්වය උදුරාගෙන තමන්ගේ නම දමා ගැනීමට හැකි ආකාරය පිළිබඳ පාඩමක් පෙරටුගාමීහු ශ්‍රී ලාංකික තරුණ පරපුරට ලබා දුන්හ. අරගලය තුළින් පවතින රජයට එරෙහිව සහ පවතින ක්‍රමයේ වෙනස්කම් සඳහා දැවැන්ත ව්‍යාපාරයක් බිහි කිරීමට තරුණ පරපුරට හැකි විය. ඔවුන් විසින් බිහිකරන ලද එම උද්වේගකර රැල්ලේ තාරුණ්‍යයේ හැඟීම් මෙන්ම මහජනතාවගේ බලාපොරොත්තු ද තම නිර්මාණයක් ලෙස දැක්වීමට අවසානයේ ජනතා විමුක්ති පෙරමුණට හැකි විය.

කෙසේවුවද ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, ජනපති මැදුර සහ අරලියගහ මන්දිරය අල්ලාගත් අරගලකරුවන් පාර්ලිමේන්තුව තමන් අතට ගැනීමට ගත් උත්සාහය නව ජනාධිපතිවරයා ලෙසින් පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවතා දමන ලදී. එදා කොරෝනාවලින් පටන්ගෙන ආර්ථික අර්බුදය හරහා ගොඩනැගී අරගලයෙන් තීව්‍රභාවයට පත් වූ රටේ අවුල් සහගත තත්ත්වය ඉතා කෙටි කලක් තුළ දී නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු යථා තත්ත්වට පත් වූයේ යැයි කිව හැකිය. අරගලය නැතිවී පෝලිම් නැති විය.

සමහර භාණ්ඩ හා සේවා සුලභ වන්නට විය. දරා ගත නොහැකි ජීවන බර හැරෙන්නට කොරෝනාවලින්, ආර්ථික අර්බුදයෙන් සහ අරගලයෙන් නිර්මාණය වූ ආගන්තුක සමාජ පිළිවෙත ද වෙනස් වන්නට විය. මඟුල් තුලාවල දී, උත්සවවල දී, මළ ගෙවල්වලදී හමුවන, සමාජ සම්බන්ධතා නැවත වර්ධනය වන, පාසල් ළමයින් සුදු ඇඳ නැවත පාසල් යන, ජංගම දුරකථනය සහ පරිගණකය වෙනුවට පන්ති සගයන් සමඟ යළි සුහඳතාව පවත්වාගෙන යන මුල් කාලීන සමාජය නැවත ඇති වෙමින් පැවතුණි.

එසේ වුව ද පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර දැන් නාමයෝජනාත් භාරගෙන ඇති තත්ත්වයක් තුළ ඒ ගොඩනැගෙමින් තිබූ යළි ශක්තිමත් වෙමින් පැවති ශ්‍රී ලාංකික ජීවන පිළිවෙත යළි බිඳ වැටේදෝයි හැඟෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙමින් පවතින බව පෙනී යයි. යළිත් රට අවුල් කරන්ට බොහෝ පිරිස් උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ.

මැතිවරණ කොමිසම ඡන්දය පැවැත්වෙන දිනය තීරණය කළ රැස්වීමට ඝනපූර්ණයක් නොතිබූ බවට ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කර ඇති ඝන පූර්ණය නොමැතිව මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳව තොරතුරු දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇත. මැතිවරණය රටේ එක් පළාතකට හෝ පුද්ගලයන් කිහිප දෙනකුට හෝ සීමා වන්නක් නොවේ. ප්‍රතිඵලය මුළු ජනතාවගේම ජීවන පැවැත්මට විවිධාකාරයෙන් බලපානු ඇත. එසේ තිබිය දී එම මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීම්වල ඝන පූර්ණය නොමැතිව ගනු ලබන තීරණ මගින් ක්‍රියාත්මක වන්නේ නම් එහි නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්න මුලින් විසඳාගත යුතුව ඇතැයි සිතමි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කර තිබුණේ කොමිසමේ ඝන පූර්ණය නැතිව ගන්නා කිසිදු තීරණයක් වලංගු නොවන බවයි. ඒ අතරම ඇතැම් දේශපාලන පක්ෂ විසින් රජයට මෙන්ම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ද අධිකරණයට ද බලපෑම් කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙත් ප්‍රකෘතිමත් වෙමින් පැවතුන ශ්‍රී ලාංකික සමාජය යළිත් වරක් පුපුරා යන තත්ත්වයක් ඇතිව තිබෙන බව පෙනෙන්නට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා මාළිගාවත්තේ පසුගියදා පැවති ජන හමුවක දී මෙසේ ප්‍රකාශ කර තිබුණි. “ මතක තබා ගන්න භාණ්ඩාගාර ලේකම් සල්ලි නොදී ඉන්නව නම් එය මැතිවරණයට හිතාමතා කරන බාධාවක්. එහෙම බාධාවක් ඇති කළොත් අවුරුදු තුනක් හිරේ, මතක තියාගන්න සිරිවර්ධන මහත්තයා.  දැන් ඔය නීල් හපුහින්න මහත්තයා ඇරියනෙ ලියුමක් දිසාපතිවරුන්ට ඇප මුදල් භාරගන්න එපා කියලා. ඡන්දෙට බාධා කිරීමක්. හරියට නඩු අහනවා. මතක තබා ගන්න, ජාතික ජන බලවේගය ආණ්ඩුව ඇතුළෙ, අවුරුදු තුනක් හිරේ”. 

මෙවැනි ප්‍රකාශ එක අතකින් රාජ්‍ය නිලධාරීන් වෙත එල්ල කරන තර්ජනයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක මැතිවරණ කොමිසමේ නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් පැවැත් වූයේය. ඒ පිළිබඳව විපක්ෂය සඳහන් කළේ ඒ ආකාරයට මැතිවරණ කොමිසමට බලපෑම් කිරීම ඉතා වැරදි තීරණයක් බවය. එසේ නම් කවරාකාරයෙන් හෝ පක්ෂ නායකයන් මෙවැනි ප්‍රකාශ කිරීම බලපෑමක් නොවන්නේද? පළාත් පාලන මැතිවරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. එම නඩුවේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පළාත් පාලන මැතිවරණයට මුදල් යෙදවීම සඳහා භාණ්ඩාගාරයට ඇති හැකියාව පිළිබඳව උසාවියට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. ඉහත කී ප්‍රකාශය කර ඇත්තේ එම දිවුරුම් පෙත්සම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනි.

මුදල් ලේකම්වරයා එම ප්‍රකාශය ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. එය වරදක් නම් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව අවධානය යොමු කරනු ඇත. උසාවිය විසින් නඩුවක් පවත්වාගෙන යන අවස්ථාවක මෙවැනි ප්‍රකාශ කිරීම උසාවියට බලපෑමක් නොවන්නේ ද?
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීමට අනුව කොමිසම් සභා පරිශ්‍රයට ගිය අවස්ථාවේ දී එම කොමිසමේ සාමාජිකයන් වන ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාට සහ ඉංජිනේරු උදේනි වික්‍රමසිංහ මහතාට තර්ජනය කර පහර දීමට තැත් කර තිබුණි. එම මැර පිරිස යම් යම් දේශපාලන පක්ෂවලට අයත් අය බව ද එම කොමිසමේ සභාපතිවරයාගේ අනුදැනුම මත පැමිණි පිරිසක් බවට ද සමහරු සැක කරති.

අලු‍ත් කඬේ උසාවි සංකීර්ණය අසල පසුගියදා නීතීඥවරුන් පිරිසක් විසින් පවත්වන ලද පෙළපාලියක් දක්නට ලැබුණි. නිමිත්ත වූයේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණකි. එක් නඩුවක් විභාග කරන විනිශ්චයකරුවෙක් විසින් විත්තිකරුවකුට සස්ටජන් මිලදී ගන්නා ලෙස පවසමින් මුදල් ලබාදීමය. නීතිපතිවරයා විසින් ඒ පිළිබඳව විරෝධයක් ඉදිරිපත් කර තිබුණි. එවැනි දේ පිළිබඳව විමසා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද අග්‍රවිනිශ්චයකාරතුමාගේ මූලිකත්වයෙන් යුතු අධිකරණ කොමිසමක් ක්‍රියාත්මක වේ. එසේ තිබිය දී සියල්ල පෙළපාලි මගින් තීන්දු කරන තත්ත්වයක් යළි ඇති කිරීමට උත්සාහ කිරීම භයානක ප්‍රවණතාවකි.

ඉන්දියාව ද චීනය ද ණය ප්‍රතිව්‍යූහගත කිරීමට එකඟ බව පසුගියදා  ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලු‍ම් කර ඇති අරමුදල් ලබාගෙන බංකොළොත් බවින් මිදී ආර්ථික ස්ථාවරත්වයක් ඉතා ඉක්මනින් ඇති කර ගැනීම සඳහා දැන් අවස්ථාව සැලසී තිබේ. විපක්ෂයේ සිටින සමහරක් දේශපාලන පක්ෂවලට සහ ඒවායේ නායකයන්ට අවශ්‍ය වී ඇත්තේ ණය සාකච්ඡා බිඳ වැටී රට තදබල අර්බුදයකට වැටීමය. එහෙත් මහජනතාවට අවශ්‍යව ඇත්තේ  කොරෝනා අවස්ථාවේ සිට බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමෙන් උග්‍ර වී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගෙන තම ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමටය.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

(***)



අදහස් (0)

සාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට අත වැනීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3726 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11152 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1874 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 627 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 775 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site