
සෝමාවතිය රක්ෂිතයේ ඇතකු සහ අලි රංචුවක අලි සිව්දෙනකු මැදිරිගිරිය වටදාගෙය රක්ෂිතයේ කුඩා ප්‍රදේශයක දින පහක් තිස්සේ රැඳී සිටිමින් මැදිරිගිරිය නගරය අවට ගම්මානවලට රාත්‍රියේ සහ දිවා කාලයේ කඩා වැදීම නිසා ප්‍රදේශවාසීන් භීතියට පත් වීමේ පුවත නොබෝදා අප පුවත්පතේ, ‘‘අලි රංචුවක් කඩාවැදී මැදිරිගිරියේ ගම් පහක ගම්මු බියෙන්’’ යන හිසින් පළ වූයේය.
මේ වන විට අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වනජී
වී දෙපාර්තමේන්තුව ඒ ඒ අවස්ථානුකූලව තාවකාලික පියවර ගත් අවස්ථා බොහෝය.
වනජීවී රක්ෂිත පිහිටුවීම, මිනීමරු තනි අලි අල්ලා වෙනත් සුදුසු ප්‍රදේශවලට ඉවත් කිරීම අලි රංචු රක්ෂිත ප්‍රදේශ වෙත පලවා හැරීම යම් ප්‍රදේශයක හෝ ගම්මානයක වගා හානි කරන වන අලි වෙඩි සහ රතිඤ්ඤා පාවිච්චි කොට පලවා හැරීම, ගම්මාන හා වගාබිම්වලට වන අලින්ට පැමිණිය නොහැකි වන ලෙස විදුලි වැට ඉදිකිරීම හා පළල් කාණු කැපීම වැනි බාධක ගොඩ නැගීම වන අලින්ගෙන් සිදුවන අනතුරු සහ දේපොළ සඳහා වන්දි ලබා දීම, එම පියවර අතර විය.
මෙවැනි වැදගත් පියවර වනජීවී දෙපාර්තමේන්තුව එක් එක් අවස්ථාවල ගෙන ඇතත් පසුගිය දශක දෙක හමාරක පමණ කාලය තුළ සිදුව ඇත්තේ මෙරට අලි මිනිස් ගැටුම් තීව්‍ර ලෙස වැඩිවීමයි. වාර්ෂිකව සාමාන්‍යයෙන් අලින් 250 ක් පමණ ද මිනිසුන් 50ක් පමණ ද අලි මිනිස් ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වන බව, මේ සම්බන්ධයෙන් සම්පාදිත විගණන වාර්තාවක දැක්වේ. 2011 දී වනජීවිය විසින් කරන ලද අලි සංගණනයට අනුව මෙරට අලි ගහණය 5879කි. 1951 වර්ෂයේ දී 1000- 1500ක් පමණ වූ මෙරට අලි ගහණය කෙමෙන් වැඩිවී මෙම තත්ත්වයට පත්ව තිබේ.
කෙසේවුවද අලි - මිනිස් ගැටුමට යම් තරමක ස්ථාවර ප්‍රතිකර්මයක් යෙදීම සඳහා මෙරට ජනාවාස හා අලින්ගේ සංක්‍රමණය පිළිබඳව තරමක් අතීත තතු සොයා බැලීම රසවත් හා ප්‍රයෝජනවත් වේ.
ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම අලියා ශ්‍රී ලාංකික මිනිසාට හුරුපුරුදු සත්වයෙක් විය. ඉතිහාසයේ මූලාරම්භයේ පටන් අලින් සහ මිනිසා අතර ගැටුමක් පැවතියේ නැත. කෘෂි අස්වැන්නට අලියා හානි සිදුකළ අවස්ථාවල පවා දුරදිග යන ගැටුමක් බවට පත් නොකොට එය ගොඩින් බේරා ගන්නා ලදී.
දහනව වැනි සියවස වන විට උඩරට කඳුකර කලාප බහුල නිසා අලි ගැවසෙන වනාන්තර වලින් යුක්ත විය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් තේ කෝපි සහ රබර් වගා සඳහා වනාන්තර හෙළි පෙහෙළි කරද්දී එවකට කඳුකරයේ අරක්ගත් අලින්ට සිය වාසභූමි අහිමි විය.
වියළි කලාපයේ ජනයා තෙත් කලාපයට විතැන් වූ පසු එම ප්‍රදේශයේ වාරි පද්ධතිය ද බිඳ වැටිණි කඳුකර ප්‍රදේශ වලින් හා තෙත් කලාපයේ අලින් වියළි කලාපයට සංක්‍රමණය වූ බව ද ඒ පිළිබඳව වාර්තා සමීක්ෂණයේ දී පෙනී යයි. බිඳ වැටුණු වාරි පද්ධතිය හා වියළි කලාපයේ ද්විතීය වනාන්තර සහිත ප්‍රදේශ අලින්ට හිතකර වාසභූමි බවට පත් වූයේය.
කෘෂිකාර්මික උන්නතිය උදෙසා වියළි කලාපයේ අලුත් ප්‍රදේශය වගා කිරීමත් නව ගම්මාන ව්‍යාප්ත වීමත් වගාබිම් ඇතිවීමත් පසුගිය දශක කිහිපය තුළ වැඩි වූයේය. එම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ පද්මා කුමාරි අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පර්‌යේෂණ වාර්තාවක් අන්තර්ජාලයේ පවතී. මෙම ගැටුම නිරාකරණය උදෙසා කෙටි කාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග එහි යෝජනා කර තිබේ.
මිනීමරු අලි ඉවත් කිරීම (තනි සුහුඹුල් අලි - සියයට 75ක් හානි සිදුකර ඇත්තේ මෙම අලින් ය) ගම්මානවලට කඩා වදින වන අලි පලවා හැරීම සහ ඒ සඳහා අවශ්‍ය දෑ ජනතාවට සැපයිම ඇතුළු කාරණා එහි කෙටි කාලීන පියවර ලෙස යෝජනා කර ඇත. එසේම ඵලදායි මධ්‍ය කාලීන හා දිගුකාලීන පියවර ද එහි දැක්වේ.
අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් එවැනි ඵලදායි පර්‌යේෂණ සිදු කොට ඇති බැවින් එම ගැටුම් අවම කිරීම සඳහා සැලසුම් සහගත ක්‍රියා පිළිවෙළකට යොමුවීමෙන්, මෙම සත්වයනුත් මිනිස් ජීවිතත් දේපළත් බේරාගත හැකි වේ.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි-මිනිස් ගැටුම් වලක්වා ලීම / අවම කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද සහ තාක්ෂණික ක්‍රමවේද සමාජයට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක් සහ සකච්ඡාවක් කළයුතුව තිබේ. ඒ සඳහා මහජන සහයෝගයද අවශ්‍ය වේ..
බොරු.. ඇත්ත හංගන්න හදන්න එපා... සිද්ද කරන මහා පරිසර විනාශය සාධාරණය කරන්න හිතාමතාම ඇත්ත හංගනවා.
රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න පුළුවන්... මිනිස්සු පාර්ලිමේන්තුවේ නැති එකයි ප්‍රශ්නේ...
අලි මිනිස් ගැටුමට මුල, අලින්ගේ නිජබිම් වල මිනිසුන් පදිංචි වීම. එයට විසඳුම මිනිසුන් අලින්ට අයිති නිජබිම් වලින් ඉවත් කර අලින්ට අයිති කැළෑ ප්‍රදේශය අලින්ට ලබාදීම...!
කටු උණ වවන්න අලි වැටක් විදිහට පහසුවෙන් අලි වැටක් විදිහට පෙතන්ගොඩ කටු උණ යොදාගන්න...