IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


විදුලි බිලෙන් ජනතාවට සහනයක් ලැබේද?

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පාර්ලිමේන්තුවේ සරළ බහුතරයෙන් නෙරපා හරිනු ලැබුවේ මේ නොබෝදාය. සභාපතිවරයා හා ආණ්ඩුව අතර ගැටුමට මුල වූයේ විදුලිය බිලය. ‘‘ලයිට් බිල’’ අතට පත්වීම ‘‘කරන්ට්’’ වදින මාදිලියේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක වන රටක ඉදිරියේ දී විදුලිය බිලට කුමක් වනු ඇද්දැයි ජනතාව තුළ ඇත්තේ දෙගිඩියාවකි. මෙම පරිසරය තුළ වසරේ දින තුන්සිය හැට පහම ආතතියෙන් කල් ගෙවීමට ජනතාවට සිදුවීම වැළැක්විය නොහැක. මෙම රෝගී තත්ත්වයෙන් ජනයා මුදාලීම බලධාරීන්ගේ වගකීමය.

විදුලිය බිලට සහනයක් ලැබෙනු ඇතැයි යන ආරංචිය පවා සිත් නිවී සැනසීම බවට පත් කරන්නකි. දුලබ වුවත් එබඳු පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ විදුලිය බිලට ජූලි මාසයේ දී සහනයක් ලැබෙන බවය. ඒ අනුව ඒකක බිංඳුවේ සිට 30 දක්වා විදුලිය පරිභෝජනය කරන ලක්‍ෂ දාහතකට වැඩි පිරිසකගේ විදුලිය බිල ලබන ජූලි මාසයේ සිට සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇත. 

විදුලි ඒකක 31 සිට 60 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයන්ගේ බිල සියයට නවයකින් අඩු කිරීමට ද යෝජනා කර ඇතැයි කංචන විජේසේකර ඇමතිවරයා ප්‍රකාශ කර ඇති අතර ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 250 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කර ඇත. 

ජනතාව ජීවත්වන්නේ දැඩි ආර්ථික පීඩනයකය. එය වසන් කළ නොහැකි සත්‍යයකි. මෙම ආර්ථීක පීඩනය ධනපති - නිර්ධන පංති බේදයකින් තොරව සමාජයේ සෑම තරාතිරමකම කොටස්වලට බලපා තිබේ. විදුලිය බිල ඉහළ යාම එම ආර්ථික පීඩනය දෙගුණ, තෙගුණ කරන්නකි. 

විදුලිය අත්‍යවශ්‍යම නොවේ යැයි යමකුට තර්ක කළ හැකිය. විදුලිය නොමැති ගම්මාන තවමත් මේ රටේ තිබේ. එහෙත් අතිශය බහුතරයක් ජනයා විදුලිය පාරිභෝගිකයෝ වෙති. ජන ජීවිතය පහසු කරවන ජන ජීවිතයට වඩාත් සමීපතම දෙයක් බවට විදුලිය පත්ව තිබේ. ‘‘ගෙදරට කරන්ට් එක ගත්තා’’ යැයි මිනිසුන් කියන්නේ බොහෝ ආඩම්බරයෙන්ය. එය තම ජීවිතයේ විශාල දියුණු ඉදිරි පිම්ම් ලෙස ජනයා සලකති. එහෙත් වර්තමානය වන විට විදුලිය බිල යනු ‘‘දවල් තරු’’ පෙන්වන්නක් බවට පත්වී තිබේ. 

විදුලිය බිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා ජනතාව විදුලිය පරිභෝජනය කිරීමෙන් වැළකීමේ ප්‍රවණතාවක් ද නිර්මාණය වී තිබේ. ඒ  අනුව පෙනෙන්නේ මෙරට වැඩි පිරිසක් ජනතාවට සියවස් ගණනාවක් ආපස්සට යාමට සිදුවී ඇති බවය. මෙය සමාජයේ ප්‍රගමනයට අතිශයින්ම බාධාකාරීය. ජූලි මාසයේදී විදුලිය බිලට සහනයක් ලබා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමතිවරයා කළ ප්‍රකාශය ජනතාවට ජීවත්වීම සඳහා අලුත් බලාපොරොත්තුවක් රැගෙන ඒමට සමත් වන්නේ මෙම පරිසරය තුළය. 

අමාත්‍යවරයා කළ තවත් ප්‍රකාශයක සඳහන් වන්නේ හෝටල් ක්ෂේත්‍රයේ විදුලිය බිල අවමය සියයට 29ත් 40ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමට යෝජනා කර ඇති බවය. එය ඉතා කදිම මෙන්ම ප්‍රායෝගික යෝජනාවකි. මෙරට රැකගත යුතුම ක්ෂේත්‍ර අතර හෝටල් ක්ෂේත්‍රය ඉදිරියෙන්ම වේ. පුරා වසර හතරක් මුළුල්ලේ මෙම හෝටල් ක්ෂේත්‍රයට හෙනහුරා ලබා තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය බිමටම ඇද වැටුණි.

මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානම මාර්ගයක්වන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටනම් හෝටල් ක්ෂේත්‍රයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය. එහෙයින් පොදු මහජනයාට සහන සලසන අතරම හෝටල් ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රවලටද සහන සැලසිය යුතුය. එය එක් අතකින් වියදමක් නොව ආයෝජනයකි. 

අවධාරණය කළ යුතු වැදගත් කාරණයක් තිබේ. රජය මහජනතාවට ප්‍රදානය කරනු ලබන සහන එලෙසින්ම ජනතාව අතට පත් නොවන තත්ත්වයක් තිබේ. ඉන්ධන මිල ඉහළ දැමූ සැණින් සෑම ක්ෂේත්‍රයකම මිල ඉහළ යයි. එය ස්වභාවිකය. එහෙත් ඉන්ධන මිල පහත දැමූ විට එසැණින්ම අනෙකුත් ක්ෂේත්‍රවල මිල පහළ වැටීම සිදු නොවේ. ත්‍රීරෝද රථ ගාස්තුවෙන් හා බස් ගාස්තුවෙන් වුව එය වටහා ගත හැකිය. මෙම තත්ත්වය වෙනස් විය යුතුය. 

විදුලිය ගාස්තුව අනෙකුත් සේවා හා භාණ්ඩ සමග ගැට ගැසී තිබේ. මාළු ලෑල්ලේ මාළු කිලෝවක මිල තීරණය කිරීමේ දී විදුලිය බිලද ගණනය කරනු ලබයි. එළවළු තට්ටුවේ සිට මහා සාප්පු සංකීර්ණ දක්වා මෙය පොදු තත්ත්වයකි. එය එසේනම් විදුලිය බිලට ලබාදෙන සහනය අනෙකුත් සේවා හා භාණ්ඩවලට ද එසැණින්ම දැනිය යුතුය. මහජනතාවට සාධාරණය ඉටු වන්නේ එමගිනි.

(***)



අදහස් (3)

විදුලි බිලෙන් ජනතාවට සහනයක් ලැබේද?

prasanna Wednesday, 31 May 2023 10:29 AM

තෙල් මිල අඩුකළා වගේ... රුපියල් 35ක් පමණ අඩුවේවි...!

:       0       1

විපුලසිරි Wednesday, 31 May 2023 06:04 PM

විදුලි බිල් කිව්වාම කාලයකට පෙර CEB ඇෆ් එක හරහා තමන්ගේ බිල ගණනය කර ගැනීමට පහසුකම් තිබුණා... මෑතකදී ගාස්තුව ඔරොත්තු නොදෙන ආකාරයට වැඩිකළා. නමුත් ගසාකෑමට හෝ වංචාවට පහසුවටද කියලා තේරුම් ගන්න බැහැ. දැන් එම ඇෆ් එක ක්‍රියාත්මක කිරීම නවතා තියෙනවා ඒක හරිම අසාධාරණයක් වෙනවා..

:       0       3

ashok Thursday, 01 June 2023 08:04 AM

මේ විදුලිබිල වැඩි ක‍ලේ ඉතාමත් අසාධාරණ හා අත්තනෝමතික ආකාරයකයටයි. ඇමැතිවරයා හැසිරුනේ විදුලිය තමුන්ගේ පුද්ගලික බූදලයක් වශයෙන් සලකමිනුයි. නමුත් ඹහුට එක දෙයක් අමතක වූ හැඩයි. ඒ කවදා හෝ ඡන්දය ඉල්ලාගෙන අසාධාරණයට පත්කළ මිනිසුන් ළඟට එන්නට සිදුවන බවයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 614 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 821 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 355 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site