(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්.සාධික් මහතා පැවසීය.
ගිලා බැසීමට අවධානමකට ලක් වී ඇති ස්ථානයේ රථවාහන ගමනා ගමනය එක් මන්තිරුවකට සීමා කර ඇති බවත්, පවත්නා දැඩි අයහපත් කාලගුණ තත්වය හමුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස විධායක ඉංජිනේරුවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර, හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයට ඇල්බින් වත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ගලක් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණීම නිසා ආගරපතන ප්‍රාදේශීය සභාව ප්‍රදේශවාසීන්, එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන්ගේ සහයෝගයෙන් ගල කඩා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (06) දින සිට යථා තත්වයට පත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd