(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය කැටබුලාවේ සිට නාවලපිටිය හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද  උදෑසන 7.00ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදුවී ඇති බව නාවලපිටිය පොලිසිය කියයි.

අනතුරෙන්  සිසුවියන් 11දෙනකු සහ සිසුන් දෙදෙනකු ඇතුලු පාසල් සිසුන් 13 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බව අනතුර පිලිබද වැඩිදුර පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පවසයි.