(සුමිත් පොතුපිටිය)
මේ රටේ මිලියන 6.1 ක් බඩගින්නේ කියලා මාධ්‍ය වාර්තා කරනවා. මේ තරම් රට විනාශ වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ.
රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් කන්න බොන්න ඉල්ලගෙන හිඟාකනවා. හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලන්න අපි ලැජ්ජ වෙන්න ඕන. මොකද මෙච්චර ලස්සන රටක් තියාගෙන ඇයි අපි හිගාකන්නේ.
කළුතර සිරි කුරුස විදුහලේ පැවතී බලාපොරොත්තුවේ උපත නමැති නත්තල් කැරොල් බැති ගී ප්‍රසංගයකින් අනතුරුව අදහස් දක්වමින් කාදින් තුමෝ මේ බව පැවැසීය.
වර නත්තල් සමරන්න ගව මඩුවට යන්න. එතන තමයි නත්තල් තියෙන්නේ. ඔබගේ නිවස අසල ඇති එක දුප්පත් ගෙදරකට හෝ කෑම වේලක් දෙන්න. නත්තල් කියන්නේ ලබාගන්නා දේ නොවෙයි දෙන දෙයයි. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ දුන් පණිවිඩය.
මෙහිදී අසරණ පවුල් වෙත මූල්‍යමය ආධාර ලබාදීමක් සහ අඩු ආදායම්ලාභී දක්ෂ දරුවන් කිහිප දෙනෙකුට ශිෂ්‍යයත්ව පිරිනැමීමක්ද සිදුකරන ලදී .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගිනිතියපු සෙට්එකේ ප්‍රධාන හවුල් කාරයෙක් තමයි මේ...
නිදහස ලැබුණාට පසුව ජනතාව බිලී පිත්තට හුරු නොකර මාලු අල්ලලා දුන්නා වගේ හැමදාම සලාක ක්‍රමයට හෝ ආහාර දීලා ජනතාව කන්න අඳින්න පිටරටින් එනතුරු මුහුදට දත නියවීමට පුරුදු කළා. මැතිවරණ ජය ගැනීමට, හාල් මිල වැඩිවීමට විරුද්ධව උද්ඝෝෂණ කෙරෙව්වා. නිකං හාල් දුන්නා හඳෙන් හරි ගෙනත් දෙකක් දෙනවා කියලා පොරොන්දු වුණා.. ඇට අටක් දෙනවා කියලා සලාක නැතිකළා.. පාන් රාත්තල තුනයි පනහට දෙනවා කියලා පොරොන්දු වුණා... මසකට ලබන ආදායම 1500 ඉක්මවා ගියොත් නොලැබෙන ලෙසට සමෘද්ධි දුන්නා එයින් වැඩ නොකර නිකං කන්න පුරුදු වුණා. දැන් දේශපාලුවන් පොරොන්දු ඉටුකිරීමට ලෝකය වටේ හිඟමනේ යනවා.. ඉස්සර වවන්නෝ, දිනන්නෝ කිව්වාට සමෘද්ධි නීති අනුව නිකරුණේ ඉන්නෝ දිනන්නෝය. ඔවුන්ට රජයේ දීමනා ලැබෙනවා. විදුලිය අඩුවට ලැබෙනවා.. සමෘධි තිබේ නම් පහසුකම් රාශියක් ලැබෙනවා.. ඒකනේ මෙහෙම වෙලා තියෙන්නේ..!
ඔව් චින්තක, තව තියෙනව. . මාලු අල්ලන අයට මුහුදු යන්න බැරි කරල සහනාදාර දෙනව, ගොවියන්ට පොහොර ටික නැති කරලා කුඹුරු පාලු කරවල ගොවි සහනාදාර දෙනවා. . අඩු ආදායම්ලාභින් කියලා සමාජයෙන් හොද තොගයකට පන්දාහවල් දෙනව.. ඉතින් මෙ රටෙ මිනිස්සු නිශ්පාදනයක් කරයි ද?
කතාව හරි...
උගසට තබා මගේ රට, පිට රටුන් හට, ලොව බලවතුන් අභිමුකයේ දනින් සිට, හිඟමන් යදිමු සාගින්දර නිවන්නට.
වටිනා අදහස්...