(සුජිත් හේවාජුලිගේ)
තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සියලු දේ කළේ නිත්‍යානුකූලව බවද හෙතෙම සඳහන් කළේය.
තමා රටේ සීඝ්‍ර නිවාස සංවර්ධනයක් කළ බවත් ආගමික සංස්කෘතික ක්ෂේත්‍රයේද කඩිනම් වැඩ කොටසක් ඉටු කළ බවත් ඔහු කීවේය.
අද සිටින්නේ වැඩ කරන එක වරදක් ලෙස දකින කණ්ඩායමක් බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
COMMENTS
එහෙම නං ඔබ තුමා කිසිම කලබලයක් ඇති කරගන්න එපා. හැබැයි කෙලලා කියලා ඔප්පු උනොත්, තමයි වැඩේ සිද්ධ වෙන්නෙ. ඔබ තුමාගෙ හිත දන්නවා ඇති වරද කරුද නිවැරදි කරුද කියල. බලමු.
නිදන් හාරලා ,මධ්‍යම සංස්කෘතික අරමුදලලෙන් ගසා කාලා තියෙනවා කියලා ලොකු රාවයක් තිබුනා .
ප්‍රශ්නය ඔව් සේරම කළේ ඡන්ද ගරා ගන්න. ඔච්චර වියදම් කරලා ලැබිච්චි ප්‍රතිලාභය ඉතාම අවමයි, ප්‍රචාරය තමයි වැඩි, තාත්තා කළ දේමයි කළේ, හරියට කළා නම් ඔය මුදලින් ඊට වඩා වැඩි දෙයක් කරන්න තිබුණා.
මුළු මහත් ජනතාවම රටට වැඩකරන එක වරදක් ලෙස නොදකින අතර, බොරු සෝබන විකාර, දුෂණය, නාස්තිය සහ හොරාකෑම බලවත් වරදක් ලෙස දකී. මක්නිසාදයත්, ඒ සියළු මුදල් මුළු මහත් ජනතාවගේ බදුමුදල් වන බැවිණි. මොකද ඔය කව්රුත් ගෙදරින් ගෙනැල්ල රටට කරන දේවල් නෙමෙයිනේ?
මාධ්‍යය අදිකරණය නොවන නිසා නීතියට පිටින් වැඩකර නොමැති නම් ඒ පිළිබඳව අධිකරණයේදී කරුණු ඉදිරිපත් කිරීම සුදුසු වේ.
හරි... ඕවා ගිහිල්ලා උසාවියට කියන්නකෝ කෙඳිරි ගාන්නේ නැතුව....
මෙයාට නායකයෙකුට තිබිය යුතු ගති ලක්ෂණ නැහැ.
නිකන් බබා පාට් දාන්න එපා. අනුර ජනාධිපති දිහාවත් බලලා හැදෙන්න බලන්න. නායකයෙකුට අවශ්‍ය ගුණ ධර්ම වර්ධනය කරගන්න බලන්න. බලන්න වටපිටාවේ ඉන්නේ කව්ද කියලා. මේලෝ රහක් නැති වුණා නේද? සොරි තමයි...