(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි සියලුම නඩුවලින් ඇප ලැබීම හේතුවෙන් බන්ධනාගාරයෙන් මුදාහැරි බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක සහ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
ඇය සියලුම නඩුවලට අදාල ඇප තැම්පත් කර තිබීම සහ බන්ධනාගාරය තුළ දුරකථනයක් සන්තකයේ තබාගත්තේ යැයි කියන චෝදනාවට ද දිස්ත්‍රික් උසාවියෙන් ඇප නියම කර ඇති බවත් ඒ හේතුවෙන් ඇය මුදාහැරීමට කටයුතු කළ බවත් ඒකනායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් උසාවි වැඩ කටයුතු උසාවියට කරගන්න දීලා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තමන්ට අදාළ රාජකාරි පමණක් කරනවා නම් හොඳයි...!!!
සාධු, සාධු, සා...ධු !
අපි ළඟ ඉන්නේ ඇත්තෙන්ම දක්ෂ නීතිඥයින්...
කමක් නෑ වසන්ත ඇතුලෙනේ...
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ...!!!
ඇප මත නිදහස ලබලා ආපු ප්රියමාලිව පිළිගන්න ආපු පිරිමි රැල දෙකට නැමිලා වඳින කොට මට නම් අපේ රටේ නෝන්ජල් පිරිමි ගැන මහා ලැජ්ජාවක් ඇති උනේ?
ලංකාවයි සිරි ලංකාවයි......... අප නිජ භුමිය ලංකාවයි.......... ඔහොම යං
වසන්ත ඇතුලේ. ප්‍රියමාලි එළියේ.
මහ මැතිවරනයට රත්තරං පොල්ල ලකුනෙන් එන සද්ගුනවත් ප්‍රකෝටිපතිනි තිලිනි ප්‍රියමාලි මැතිනිය දිනවමු.
බඩගින්නට පොල්ගෙඩි 8ක් කඩපු එකාට සහ ආසාවට අඹගෙඩි කිහිපයක් කඩපු පොඩි එකාට තමා නීතිය ක්‍රියාවේ යොදවන්නේ .සල්ලි තියන එවුන්ට පොත්ත රතට තියන එවුන්ට නීතියෙන් ගැලවෙන්න,ඇප දෙන්න ඕනේ තරම් ක්‍රම තියනවා .කුඩ්ඩන්ට ඇප දෙන්න කලින් තිබුණු කුඩු ග්‍රෑම් 2 කේ සීමාව 5 දක්වා වැඩි කලේ .මොකද ජනතාව අරගල කරන නිසා වැඩි කලාද?