IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දියලපේ කන්ද නාය ගිය හැටි

(එස්. ඩී. කොඩිකාර සහ එන්.කේ.ඉන්ද්‍රවංශ)

අකුරැස්ස දියලපේ, තැන්නපිටහේන කන්ද නායයෑමත් සමග ඊට පහළ පදිංචි පවුල් 21 ක සාමාජිකයින් 73 කු ඉන් ඉවත් කර තාවකාලිකව ඔවුන් අකුරැස්ස දියලපේ කනිටු විදුහලේ පදිංචි කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී.අනෝජා මහත්මිය කටයුතු කළේය .

ඉන් අනතුරුව ඔවුන්ට අවශ්‍යය ආහාර ද්‍රව්‍ය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහයෝගයෙන් ලබාදීමටද කටයුතුද සිදු කර තිබුණි.

තැන්නපිටහේන කන්දේ ඉහළ කොටස  නායගොස් තිබු අතර ඉන් කිසිවකුටත් හානි සිදු නොවූ බව අකුරැස්ස පොලිසිය කියයි.

පීඩාවට පත් අනෙකුත් ජනතාවට ද අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහ පොලීසියේ මැදිහත් වීමෙන් ආහාර ලබා දීමට කටයුතු කර තිබුණි .

මේ අවස්ථාවට අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ජී.වයි.අරවින්ද , ආපදා කළමනාකරණ නිලධාරී සම්පත් ගමගේ මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (0)

දියලපේ කන්ද නාය ගිය හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site