(අතුල දේවප්‍රිය)
‘‘අපේ මතවාද සැඩ පරුෂයි, අශ්ලීලයි කියමින් දිගින් දිගටම චෝදනා නැගෙනවා. ඒ කුමන ආකාරයකට හෝ මේ රටේ දැන් මෝදුවෙමින් තිබෙන වහා මැඩලිය යුතු තත්ත්වයක් ගැනයි අපි කථා කළේ‘‘ යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා උසාවි භූමියෙන් පිටවන අවස්ථාවේ පැවසූහ.
‘‘දැන් හික්මුණු මහා යතිවරු දැන උගත් ඒ ඒ ප්‍රධානීන්ට බාරයි අපි මතුකරපු ප්‍රශ්නය සාකච්ඡා කරගෙන යන්න‘‘ යැයි ද උන්වහන්සේ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහම කෙලසන්නේ නොමැතිව සටන් කරන්න. එ්කට කවුරුවත් මොකුත් කියන්නේ නෑ.. මේවා මෙහෙම කරන්න ඕනෙද?
අනේ මේ මොනවද මේ ලංකාවේ වෙන්න යන්නේ? මම හිතුවේ ඔය පාර්ශ්වය හොඳ අය කියලා. අනේ!!! ඒ ගොල්ලොත් පිස්සුනේ කෙලින්නේ...
කෙසේ කීවත්, ඔබ වහන්සේ කියූ දේවල් සත්‍ය බව ඉතා ඉක්මනින් සියල්ලන්ට වැටහෙනු ඇත.
සාකච්ඡා කරල මොනවද ගන්න තීරණ කියලා ඔබ වහන්සේ අවධානයෙන් නේද ඉන්නේ...?
බුදුදහම පවතින්නේ සිංහලයන් අතර විතරක් නොවේ. ජපන්, චීන, තායි, ටිබෙට් සහ තවත් රටවල් ගණනාවක එය පවතිනවා. බුදුන්වහන්සේගේ ඉගැන්වීම රැකගන්න ජාතියකට බාර දීලා නැහැ. එය රකින්න දේකුත් නොවේ. ලොව පරම සත්‍ය හෙවත් මේ ජාති, ආගම්, කුල, මල සියලු බැඳීම් වලින් ඉවත්වෙලා සසරින් ගැලවෙන මාර්ගය එයයි. කරුණාකරලා ජාතින් අතර, මතවාද වල ප්‍රශ්නවලට උත්තරයක් විදියට බුදු දහම පාවිච්චි කරන්න එපා. කොටින්ම බුදුන්වහන්සේ කිසිම ජාතියකට අයිති කෙනෙක් නොවේ... උන්වහන්සේ ආර්ය ජාතියේ උත්තමයෙක්...
එතකොට දැන් මොකක්ද තියන ගැටළුව? අනේ මම දන්නේ නැහැ ලංකාවේ මොනවද මේ වෙන්නේ කියලා..
ඔබ වහන්සේ නොහිටින්න ලංකාවටත් වන්නේ කවදා හරි ඉන්දුනීසියාවට වුණු දේ තමයි. අපේ ලෝකය ගැන නොදන්නා සෝබන කාරයන්ට මේවා ගැන කිසිම දැනීමක් නොමැත.
එහෙනම් කොහොමද කරන්නේ කියල කියා දෙන්නකෝ ...?
නුවන් මහතාණෙනි, උන්වහන්සේ සටන කරන හේතුවේ යථාර්තය ඔබට තවම තේරුම් ගන්න තවමත් බැරිද?
ලංකාව යනු සිංහල බෞද්ධ රටකි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලයන් කියූ වදන් මේ මොහොතේ සනාථ වෙමින් පවතින බව නොරහසකි. එහෙත් නිල දරුවන්, පොඩි දරුවන් සේ අන් අයගෙන් සිදුවන කෙනෙහිලිකම් බලා රස විඳිමින් සිටියි. අනේ අපේ හාමුදුරුවනේ,... අවදියෙන් සිටිනු මැන. ඔවුන්ගේ ඒකායන ප්‍රයත්නය සිංහලයා වනසාලීම නොවේද?