(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගියේය.මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික රාජ්‍ය සාකච්ඡා පැවැත්වීමට සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපතිවරයා මෙහිදී මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිතය.
මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක්ද මෙම සංචාරයට සහභාගී වෙති. ජනාධිපතිවරයා ලබන 30 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ එනතුරු මෝදි මහතා බලා සිටී. හොර ගිවිසුම් වලට නොඑත්වා...!
පිටරටවල් වල යහළුවන් නැති එකේ මොනවට යනවාද මන්දා ? කජු සීයා නම් තව කමක් නැහැ...
ගෝඨාභයව රටින් එලවනකොට පැනලා ගියෙත් මාළදිවයිනට නේද…?