IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගම්පොළ පවුල් 800 තවමත් කොටුවෙලා

(සුරංග රාජනායක)

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වැසි හේතුවෙන් සිදුවූ නායයෑම් සහ පස්කඳු කඩාවැටී මාර්ග අවහිරවීමෙන් නාවලපිටිය ආසනයේ පටිතලාව ග්‍රාම සේවා වසමෙහි පවුල් අටසීයකට අයත් පුද්ගලයන් දෙදහස් පන්සීයක් අද(11)වන විටත් එම ප්‍රදේශයේ කොටුවි ඇතැයි ආරංචි මාර්ග පවසයි.

දිට්වා හේතුවෙන් මෙම ප්‍රෙද්ශයේ පූර්ණ නිවාස හානි 35ක් හා බෙරවිල පටිතලාව පාසලට හානි සිදුව ඇති බවත් නායයෑම්වලට හසුව ජීවිත තුනක් අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.

ගම්පොළින් කිලෝමීටර 25ක් දුරින් පිහිටි පටිතලාව ග්‍රාම සේවා වසමෙහි බෙරවිල ගම්මානය මීට පෙරද විශාල නායයාමකට හසුව ඇති අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන්ද දැඩි බලපෑම් එල්ලව තිබේ. 

පටිතලාව ග්‍රාම සේවා වසමේ පිවිසුම් මාර්ගයට ඕතලාව ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් ද, පටිතලාව ප්‍රදේශයෙන් අක්කර විස්සක් පමණ ප්‍රදේශයක් ද, ගම්පොළ බෙරවිල මාර්ගයේ විශාල කොටසක් ද , මල්ගොල්ල ඇතුළු ස්ථාන හතරක් ද,  ගම්පොළ සිට බෙරවිල දක්වා ස්ථාන තිහකින් පමණ මාර්ගයට පස් කඳු කටා කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 

නිවාස විනාශ වූ පවුල් තිස්පහක් පටිතලාව බෙරවිල පාසලේ රැඳී සිටින බවත්  තවත් පුද්ගලයන් විසි අටක් මල්ගොල්ල ප්‍රජාශාලාවේ  රැඳී සිටින බව ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට දින දාහතරක් පුරා එම සියලු ව්‍යසනයන්ට මුහුණදෙමින් සිය දෛනික ආදායම් මාර්ගය වන දළු ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරන මාර්ග සකසා ගැනීමට උත්සාහ දරමින් සිටිින බවත් ප්‍රදේශවාසීහු පවසති.

විපතට පත්වූවන් සඳහා බෙරවිල පාසලේ විදුහල්පති හර්ෂ පිරිස්, ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි ඇතුළු වසමේ සියලු නිලධාරින්, සමාජ ක්‍රියාකාරින් සහය ලබාදෙමින් සිටිති.  

මෙම මාර්ගය යථාතත්වයට පත්කිරීම සඳහා මේ වනවිට යුද හමුදා කණ්ඩායමක් යොමු කර ඇති බව ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

ගම්පොළ පවුල් 800 තවමත් කොටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 560 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site