(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත" ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද(23) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙයින් එක් අයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකි . අනෙක් පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංච් 48 හැවිරිදි අයෙකි .
ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ පිටෙහි එල්ලා ගෙන යනු ලබන ගමන් මල්ලක් තුළ ඇසුරුම් 05 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 092 ක් සගවා ගෙන තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් " "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න මරණ දඬුවම සිංගප්පූරුවෙ වගේ.