(අංජුල මහික වීරරත්න)
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත අදාළ උපදෙස් ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රන් පදක්කමක් ගත්තම කෝටියයි .මැරුණම ලක්ෂ 5 යි .යකෝ වන්දි ගෙවන්න හදිස්සි වෙන්න ඉස්සරවෙලා පරීක්ෂණයක් කරපිය කවුද මේවා ගැන බැලුවේ නැත්තේ කියලා.
රනිල් ගේ ගමේ මරුන නිසා ලක්ෂ 5 යි .අපේ ගමේ මැරුණම ලක්ෂ 1 යි .මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ 100 යි ,එකම රටක් එකම නීතියක්
ගෙදරින් ගෙනල්ලා දෙනවා වගේ මනුෂ්‍ය ජීවිත වලට ලංසු තියනවා.විනාශයක් වෙන්න කලින් අවබෝධ කරගෙන වලක්වන්න කිසිම උත්සාහයක් නැහැ
කෝටි ගණන් වියදම් කරකර අපතයින් එක්ක ලෝකය වටේ රවුම් ගහනවා. රටේ මනුස්සයෙකුට විපතක් වුණාම ලක්ෂ 05ක් දෙනවා. හෙණ 7ම වැදියන්...
කොළඹ ඡන්ද පදනම් කරගෙන කොළඹ දී විපතක් සිදුවුණාම ඒ මොහොතේම වන්දි ලබා දීමට තීරණය කරනවා. නමුත් ගම් පළාත්වල මිනිස්සු මැරුණත් කිසිම ගාණක් නැත...
මේ දුප්පත් රට රටේ වෙන හැම මගුලකටම වන්දි ගෙවන්න සූදානමින් ඉන්නේ... කැනඩාව වගේ දියුණු රටවලවත් එහෙම කරන්නේ නැහැ. මේ හැම දෙයක්ම වගාවන්..., නිවාස, දේපල, රක්ෂණ කර තිබෙනවා. අපේ ඉස්පිරිතාලේ, දොස්තරගේ බිල ගෙවන්නේ රක්ෂණයෙන්...!
ඇයි බස් රථවල යන මගීන් රක්ෂණය කර නැති ද? මගීන් පූර්ණ රක්ෂණ නොකළ පොදු සහ පුද්ගලික ප්‍රවාහන සේවා මාර්ගයෙන් ඉවත් කළ යුතුයි.