IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කරුට ’ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය දෙන්න අනුමැතිය

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන 'ශ්‍රී ලංකාභිමාන්‍ය' සම්මානය මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.

'ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය' මෙරටදී පිරිනෑමෙන උච්චතම සම්මානය වේ.

කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

එම සම්මානය 2023 පෙබරවාරි 03 වැනිදා පිරිනැමීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමි වන ජාතික සම්මානයක් පිරිනැමීම 1986 වර්ෂයේ සිටම සිදුකර ඇත.



අදහස් (6)

කරුට ’ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය දෙන්න අනුමැතිය

lakmal Tuesday, 31 January 2023 10:55 AM

මෙයා කරපු සේවෙ මොකක්ද කියල කියන්ඩකො ?

:       8       24

ranjan Tuesday, 31 January 2023 10:58 AM

උපහාර පිදිය යුතු කෙනෙක්. මෙක තමා දයිවයේ සරදම මිරිස් කුඩු ගහපු උන්ටම මෙක අනුමත කරන්න වීම.

:       5       19

harsha Tuesday, 31 January 2023 11:02 AM

මොකක්ද දන්නෑ මෙයා ජාතියට කරපු සේවය?

:       9       19

sena Tuesday, 31 January 2023 11:16 AM

කරුගෙ කට වහන්න වගේ ලැහැස්තිය - සුත්තර පුන්චගෙ සූත්තර තෙරුම් ගන්න ලෙහෙසි නැහැ.

:       6       14

fairoosTuesday, 31 January 2023 12:24 PM

කොහොමද ටිකිරි මොලේ

:       0       0

චමින්ද Wednesday, 01 February 2023 07:05 AM

සේන හරියට හරි එපා වාහෙට හොදි බෙදනවා වගේ වැඩක් කරන්න හදන්නෙ කියලා කියන්න පුළුවන් .රනිල්ට කරු ඔතරම් වැදගත් කෙනෙක් නම් 2015 ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂක ලෙසට පත්නොකලේ ඇයි.ඒ වෙලාවෙ එහෙම කලානම් පාස්කු ප්‍රහාරය වගේ නීච ක්‍රියාවක් කරන්න එතුමා ඉඩක් දෙන්නෙ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site