IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


කතරගම බස්නායක නිලමේගෙන් පැය තුන හමාරක ප්‍රකාශයක්

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) පැය තුනහමාරකට පමණ ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය කතරගම දේවාලයේ අරමුදල්වලින් ඉදිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඩිෂාන් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට පුද්ගලගයකු කළ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 2.20 ට පමණ ඉන් පිටව ගියේය.

එහිදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කියා සිටියේ මාතර, මාලිම්බඩ ප්‍රදේශයේ පිහිටි තමාගේ මව සහ සේවකයන් දෙදෙනකු පමණක් පදිංචිව සිටින නිවෙසට සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබූ බවත් පසුව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පොලිස් නිලධාරීන් බව හදුනාගත් බවත්ය.

 



අදහස් (3)

කතරගම බස්නායක නිලමේගෙන් පැය තුන හමාරක ප්‍රකාශයක්

Krish Monday, 10 March 2025 03:17 PM

ළමයින්ට රෝහලකට වාට්ටුවක් හැදුවාට ගෙන්නනවා නම් එතැන ප්‍රශ්නේ තියෙන්නේ වාට්ටුව හදපු එකාගේ නෙමේ. දේශපාලන කුහකකම්, පලිගැනීම් වහා නවතනු! මේවා කතරගම දෙවියෝම බලා ගනිත්වා..!

:       11       47

Siri Monday, 10 March 2025 03:27 PM

ඔච්චර තටමන්න දෙයක් නෑනේ. මහා බලගතු දෙයියන්නාන්සේට කීවානම් අහවරයිනේ...

:       38       11

Asanga Tuesday, 11 March 2025 11:34 AM

මේකනම් පුදුම ආන්ඩුවක් තමයි. මනුස්සයෙක් හොද වඩක් කලත් සිඅයිඩි එකට කදවනවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16955 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site