2025 නොවැම්බර් මස 04
74
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරගලයෙන් වුනේ රනිල් ජනාධිපති වීමයි
pj Friday, 22 July 2022 03:03 AM
රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සුබ පැතුම් එක් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළහ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සුබ පැතුම් වල පොදුවේ ඇතුළත් විය. එසේම ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් එම සුබ පැතුම් වල සටහන් විය. නව රජය සහ සියලු පාර්ශ්ව සාමකාමී,ස්ථාවර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, සාමකාමීව රැස්වීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එසේම ව්‍යවස්ථානුකූලව පත් වූ නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සුදානම් බව එම නිවේදනයේ දැක්වේ.