පොලිතින් තහනමට එරෙහිව පිටකොටුවේ වීදි බසිති පරිසරයට අහිතකර පොලිතීන් ආශ්රිත නිෂ්පාදන සැප්තැම්බර් 1වැනිදා සිට විකිණීම හා භාවිතා කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් කොළඹ පිටකොටුව වෙළඳ සංගමය සංවිධානය කළ උද්ගෝෂණයක් පිටකොටුව පීපල්ස් පාර්ක් ඉදිරිපිටදී අද(19) පැවැත්විණි. 19 July 2017
නාවික හමුදා කොමදෝරු යළි රිමාන්ඩ් තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරිමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී.දසනායක අගෝස්තු 2 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය. 19 July 2017
400කට සාම විනිසුරු පත්වීම් ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයින් දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අධිකරණ අමාත්‍යංශය මගින් අද18) සිදු කෙරිණ. 18 July 2017
නවක වදය දුන්නැයි හතකගේ පන්ති තහනම් පතන ශ්‍රී පාද විද්‍යාපිඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවකවදය දුන් සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාපිඨයේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් හත් දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි පංති තහනමක් පනවා ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා කි‍්‍රෂ්නන් මහතා පවසයි. 18 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද(17) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී සිදු කෙරිණි. 17 July 2017
උඩරට දුම්රිය මාර්ගයේ පාලම අලුත්වැඩියාවට සති තුනක් උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි ඉකුත් (13) වැනි දා රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනිමෙන් අලාභ හානි වු අඩි හැටේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු කුඩා දුම්රිය දොඹකරයක සහයෝගය ලබා ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පාලම් ප්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි පැවසීය. 17 July 2017
බදුලු තැපැල් දුම්රිය පිලි පනී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාති‍්‍ර තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසදි පිලි පැනිමකට ලක්වී ඇති බව දුම්රිය ආරංචි පවසයි. 13 July 2017
මාධ්‍ය පාවිච්චි කරලා සංහිඳියාව නැති කරනවා ඇතැම් මාධ්‍ය උපයෝගි කර ගනිමින් කිසියම් පිරිසක් රටේ දැනට තිබෙන සංහිදියාව නැති කිරිමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. 11 July 2017
‘මං නිසා වර්ජනය කරන්න එපා‘ - කාලෝ තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය. 10 July 2017
දක්ෂිණ අධිවේගයේ නටමින් රිය පැදවූ ටෙලි නිළියට දඩ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සුක්කානම අතහැර නර්තනයක යෙදෙමින් රිය පැදවූ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්තිට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 5000ක දඩයක් නියම කළේය. 04 July 2017
ඥානසාර හිමියෝ ගැටඹේ නාහිමි හමුවෙති රජය ඇතිවි ඇති ප්‍රශ්නවලට ඇහුම්කම් නොදෙන බවත් ඒවාට විසඳුමක් දිය නොහැකිව කට්ටි පනිමින් ඒවාට කතා කරන අය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ. 23 June 2017
ඥානසාර හිමියෝ ගැටලුව හික්මුණු අයට බාර දෙති ‘‘අපේ මතවාද සැඩ පරුෂයි, අශ්ලීලයි කියමින් දිගින් දිගටම චෝදනා නැගෙනවා. ඒ කුමන ආකාරයකට හෝ මේ රටේ දැන් මෝදුවෙමින් තිබෙන වහා මැඩලිය යුතු තත්ත්වයක් ගැනයි අපි කථා කළේ‘‘ යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා උසාවි භූමියෙන් පිටවන අවස්ථාවේ පැවසූහ. 22 June 2017
හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර විග්නේෂ්වරන් පවරාගනී උතුරු පළාත් කෘෂිකර්ම ගොවිජන සේවා අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත පවරාගනිමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි විග්නේෂ්වරන් මහතා අද (21) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 21 June 2017
ඔබේසේකරයන්ගේ වසන්තයේ මතක සැමරුම් ශ්‍රී ලංකා සිනමාවේ වම් ඉවුරට ගොඩ වූ පළමු වැන්නා වසන්ත ඔබේසේකර මැයෙන් ඔහුගේ ජීවිත කතාව අළලා කැලණිය විශ්ව විද්‍යාලයයේ විද්‍යාර්ථයන් පිරිසක් සහ ආචාර්යවරුන් පිරිසක් නිර්මාණය කළ වීඩියෝවකි. වසන්ත ඔබේසේකර සමඟ පමණක් නොව ඔහුගේ චිත්‍රපටවල රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනකු සමග කළ කෙටි සම්මූඛ සාකච්ඡාද එහි ඇතුළත් වේ. 10 April 2017
වසර 69කට පසු මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ලියුම 1948 පෙබරවාරි 04 වන දින, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස් වූ ශ්‍රී ලංකාවට වසර 69කට පසු මහා බ්‍රිතාන්‍යයෙන් ලැබෙන ලියමන..... ලෙස FTT විසින් 03 February 2017
Feelings Of LOVE BEYOND THE BEAUTY WITH SALON BONITHA THEEKSHANEE KARIYAWASAM 0776979902 MANJULA DE SILVA CINEMATOGRAPHY 0771386000 / 0703386000 Dressed By THEEKSHANEE KARIYAWASAM Bridal Outfits:- DREAM BRIDE DILANI HANSIKA Groom's Outfits:- ABBA Flower Decos:- ARALIYA FLORA Photography:- STUDIO DREAM BOX Location:- CLOSENBEG HO 26 January 2017
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026