IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


රටවල් තුනකින් එන අය දින 15 ක් නිරෝධායනයට

(විනීතා එම් ගමගේ)

කොවිඩ් 19 හෙවත් කොරෝනා රෝගය සීග‍්‍රයෙන් පැතිර යන ඉතාලිය,  ඉරානය හා දකුණු කොරියාව යන රටවලින් මෙරටට පැමිණෙන සියලූ මගීන් දින 15 ක නිරෝධායනයට ලක් කිරීමට රජය අද (3) තීරණය කර ඇත.

එම රටවලින් පැමිණෙන විදේශිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද මෙම නිරෝධායන ක‍්‍රියාවලියට ලක් කිරීමට ද තීරණය කර තිබේ.

මෙතෙක් පරික්ෂාවට ලක් නොවූ ගුවන් තොටුපල ප‍්‍රභූ පර්යන්තය ද අද (3) සිට මේ සම්බන්ධව දැඩි පරික්ෂාවට ලක් කිරීමටත් පැමිණීමේ පිවිසුම් කිහිපයක් අලූතින් ඇති කිරීමටත් එම කමිටුව තීරණය කර ඇත.

කොරෝනා වයිරසය මර්දනයට පිළිබඳව ජාතික ක‍්‍රියාකාරි ආරක්ෂක කමිටුව අද (3) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව සෞඛ්‍ය  හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය එම අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක දී පැවැසුවාය.

එමෙන්ම මෙරටට පැමිණෙන නැව්වලට ඉන්ධන ජලය ඇතුළු සේවා අවශ්‍යතා සපුරා ගත හැකි වුවත් කිසිදු මගියකුට බසින්නට අවසර නොදීමට ද මෙම කමිටුව තීරණය කර ඇත.

සුඛෝපභෝගී මගී නෞකා නිරෝධායන හා රෝග වැළැක්වීම යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලැබී ඇති බලතල අනුව මෙම  නියෝගය නිකුත් කර ඇත. 

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් කොරෝනා රෝගය මෙරටට පැමිණීම වැළැක්වීමේ තවත් කමිටුවක් පිහිටුවීමට හා එම කමිටුව දිනපතා රැස්වීමටත් තීරණය කළ බව මාධ්‍ය හමුව ඇමතූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  ප‍්‍රකාශ කළේය.

මෙරට තුළ කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ගුවන්තොටුපලේ දී දැඩි පරික්ෂාවට ලක් කර දින 14 ක් දක්වා එම මගීන් සිටින ස්ථාන දැඩි පරික්ෂාවට ලක් කිරීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කර ඇති බවත් එසේ පසුවිපරමට ලක් වන 1954 දෙනෙක් රට තුළ විවිධ පළාත්වල සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

එයින් 679 දෙනෙක් ශ්‍රී ලාංකිකයන් වන අතර 747දෙනෙක් චීන ජාතිකයන් ද කොරියාවෙන් පැමිණි 380ක් සහ වෙනත් රටවලින් පැමිණි 148 දෙනෙක් ද සිටින්නේ යැයි ද කී ජාසිංහ මහතා මෙම පසුවිපරමට ලක්වන අයගෙන් වැඩිම පිරිස එනම් 677 දෙනෙක් සිටින්නේ කොළඹ මහ නගර සබා සීමාවේ බව ද කියා සිටියේය.

චීනයේ කොරෝනා වයිරසය පැතිරීම අඩුවෙමින් පැවැතියත් මේ වනවිට එක්සත් ජාතින්ගේ සංවිධානය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද ලෝකයේ වෙනත් රටවල් 262 ක මෙම වයිරසය පැතිරෙන බවත් මෙම රෝගය ගෝලීය තර්ජනයක් බව ප‍්‍රකාශයට පත් කර ඇතැයි ජාසිංහ මහතා කීය.

මෙම රෝගය රටට ඇතුළු වීම වැළැක්වීමටත් පැතිර යා නොදී පාලනය කිරීමටත් ගතහැකි සියලූ ක‍්‍රියාමාර්ග ගෙන ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ කීය.

'ලෝකයේ මෙම වෛරසය පැතිරීම සම්බන්ධව අපි අනතුරු තක්සේරුවක යෙදෙනවා. නවතම අවදානම් තක්සේරුවට අනුව තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාවල ජපානය වැනි රටවලින් ලොකු අවදානමක් නැහැ. දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය කියන රටවල් අවදානම් තක්සේරුවේ ඉහළින්ම සිටිනවා. දකුණු කොරියාවේ රෝගීන් සංඛ්‍යාව පෙබරවාරි මස 26 දින සිට 4212 ක්, ඉතාලියේ 1689 ක්, ඉරානය 1000 කට අධික ප්‍රමාණයක් වශයෙන් රෝගීන් වාර්තා ‍වෙනවා.'

"සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්, ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයින් හරහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථාන වෙත ගොස් එම පිරිස්වල සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලබනවා. එම නිවේදනය වරාය සංස්ථාවේ සභාපතිතුමාටත්, ආගමන විගමන පාලක තුමාටත් ඊයේ දින දැනුම් දුන්නා. නෞකා පැමිණීම නැවැත්තුවේ නැහැ. සේවා කටයුතු කරන්න, ඉන්ධන ලබාගැනීමේ කටයුතු කරන්න නමුත් මගින් ගොඩබිමට පැමිණීම තමයි වැළැක්වූවා. මෙම වෛරසය රටට තුළට ඇතුළුව ජාතික ආපදා තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදී පැතිරිම පාලනය සඳහා සෞඛ්‍ය අංශ නිරතුරුව කටයුතු කරනවා.”



අදහස් (6)

රටවල් තුනකින් එන අය දින 15 ක් නිරෝධායනයට

පිටිගල මිලානෝ Tuesday, 03 March 2020 09:54 AM

මෙම කොරෝනා-19 විෂබීජය ගැන තවමත් හරිහැටි හඳුනාගෙන නැති නිසා මෙම රටවල් වලින් එන පුද්ගලයන් කල්පිටිය හෝ කයිට්ස් දුපත වැනි ජනශුන්‍ය පෙදෙසකට ගුවන්තොටුපොළේ වෙනම දොරටුවකින් ගෙනයන්න.

:       120       211

anuraTuesday, 03 March 2020 01:40 PM

පුද්ගලයෙකුගේ ඔළුවේ මැස්සෙක් වැහුවහම, මැස්සට පොරවකින් ගැහුවේ ඔබ වැන්නෙක්!

:       0       6

karu Tuesday, 03 March 2020 11:13 AM

ඔයිට වැඩිය භයානක ලෙඩ රෝග ඔය මැදමුලන ප්‍රදේශයෙන් දියවන්නාවට ගිය අයට තියෙනවා. කියන්නද ලෙඩවල විස්තරේ... දිනය, දොස්තර, ඔක්කොම..?

:       1       0

MANJULA Tuesday, 03 March 2020 11:47 AM

පිටිගල ඔබ කොරෝනා සමගද තරහ නැති නම් ලංකාව සමගද ?

:       0       43

පිටිගල මිලානෝ Tuesday, 03 March 2020 12:44 PM

දුපත් වැසියන් වන අපි හඳුනා නොගත් විෂබීජයක් සමග කටයුතු කිරීමේදී බොහොම පරිස්සම් විය යුතුයි. නැතිනම් සමහරවිට ජාතියම වඳ විය හැකියි. රටවල් තුනක ලාංකිකයින් රැගෙන එන්නට ඉඩ තිබෙන්නේ එකම රෝගය වුනත් එම වයිරසය විවිධ ‘ස්ට්‍රෙන්ස්’ වලින් යුක්ත විය හැකියි. එවිට එකම බෙහෙතකට මෙය ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ සමගම මෙම විෂබීජ එකම වර්ගපලයකට සීමා වූ විට ‘මල්ටිපල් ස්ට්‍රෙන්’ වලින් යුක්ත ආධුනික වයිරසයන් ඇති විය හැකියි. එය අති භයානකය. අවදානමත් ඡන්ද ගුන්ඩුවක් කරගන්නා අපේ රටේ මෙවන් විපතකදී කවුද රෝගීන්ට පිහිටට ඉන්නේ?

:       0       4

de silva Wednesday, 04 March 2020 07:28 AM

නිරෝධායනය කරනවානම් ඉස්සෙල්ලම කරන්න ඕනේ චිනේ ඉඳල එන පුද්ගලයන් , එහෙ නවතම වාර්තා අනුව ලක්ෂෙකට වැඩි පිරිසක් කොරෝන හැදිලා ප්‍රතිකාර ගන්නවා ,4000-5000 මැරිලා , ඔවුන් සත්‍ය වාර්තා ප්‍රසිද්ධ කරන්නේ නැහැ, තත්වය එහෙම තිබෙද්දී ඉතාලියේ ඉරානේ ඉඳලා එන මිනිස්සු දවස් 15 නිරෝධායනය කරන්න හදන එකෙන් පෙනෙනවා ආණ්ඩුවේ චීනෙට තිබෙන ගැති කම. වැඩක් කරනවානම් සාධාරණව හරියට කරන්න නැතුව වසංගත රෝගයක් ගැන තීරණ ගන්නකොට රෝගීන් වැඩියෙන්ම ඉන්නේ මොන රටේද කියන එක මිසක් දේශපාලකයට ලොකුම කොමිස් කුට්ටිය ලැබෙන්නේ මොන රටෙන්ද කියන එක සාධකයක් කරගන්න එපා ,

:       2       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1255 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1213 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site