(සුජිත් හේවාජුලිගේ)
කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට දෙන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නැති හෙයින් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී පැවැත්වෙන අනෙකුත් කමිටු රැස්වීම්වලට සහභාගිවීමේදී දෙවරක් සිතීමට සිදුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කතානායකවරයා ඒ පොරොන්දුව ඉටු නොකරන්නේ ඔහු අද පොහොට්ටුවේ හිරකාරයකුවී සිටින නිසා යැයි පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කතානායකවරයා ආණ්ඩුවේ කතානායකවරයා නොව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විය යුතු බවද ප්‍රකාශ කළේය.
කතානායකවරයා අද දේශපාලනය කරන බවටද ඔහු චෝදනා කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය ජුනි මස හත් වැනි දා රැස්වූ අවස්ථාවේදී කළ ඉල්ලීමක් අනුව කෝප් සහ කෝපා කාරක සභාවල සභාපතිධූර විපක්ෂයට ලබාදීමට කතානායකවරයා පොරොන්දුවූ නමුත් එම ඉල්ලීම ඉටු කිරීමට ඔහු මේ දක්වා සමත්වී නැතැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඉන් අනතුරුව තමා මේ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස 12 වැනිදා පාර්ලිමේන්තුවේිදී කතා කළ නමුත් කතානායකවරයා ඒ අවස්ථාවේදීද ඊට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් බව ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේදීද මේ පිළිබඳව තමා කතා කළ බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රශ්නයට තවමත් විසඳුමක් ලැබී නැතැයි ප්‍රකාශ කළේය.
එම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබා නොදෙන්නේ නම් ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
125
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සභාපති ධූර නොදුන්නොත් විපක්ෂය ගන්න යන අලුත්ම තීරණය
සුද්දා Wednesday, 28 September 2022 09:11 PM
ඒ ගමන බ්ලැක්මේල් ක්‍රමයෙන් තැන ගන්න බලනවා. කරු ජයසූරිය ඔයාලා බලයේ සිටි කාලයේත් කරේ ඔහොම තමයි. පක්ෂයේ ඕනෑ එපා කම් වලට හරියන්නයි කතා නායක කම කරේ.