(ඉන්දිකා රාමනායක)
යාපනය කොන්ඩාවිල් වරණී ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ කිලෝ 15 ක බර ක්ලේමෝ බෝම්බ දෙකක් අද (14) පස්වරුවේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
කිලිනොච්චි ප්‍රදේශයේ ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන ජොශප් පීටර් රොබිසන් නැමැත්තාගෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කිරීමේදී හෙළි කළ තොරතුරු මත මෙම බෝම්බ දෙක සොයා ගෙන තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එල්ටීටීඊ සාමාජිකයා ඔහුගේ බිරිඳ සහ සොහොයුරිය ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පසුවෙයි.

COMMENTS
යහපාලුවන්ගේ වීරක්‍රියා තමයි මේවා. අපිට මතකයි එදා 2002 රනිල් ගහපු සාම ගිවිසුම් මගඩිය නිසා අපේ රටේ ආරක්ෂාව අවුරුදු කීයකින් ආපස්සට ගියාද කියලා. ඒකෙම දිගුව තමයි 2015 දි උනෙත්. මේ නඩය පරණ ත්‍රස්තයින්ට හිස ඔසවන්න හැකි හැමදේම කළා. ජාතික ගීයත් හයිබ්‍රිඩ් කළා.හමුදාව ඒ පැතිවලින් අයින් කෙරෙව්වා. ඉඩම් ටිකත් නිදහස් කරලා දුන්නා.අපේ පුරාවස්තු ටිකත් ඒ අයටම දුන්නා. ඒ ඔක්කොම පාවාදීම් කරලා අන්තිමේ අන්තවාදීන් මේ රට වැනසුවා. දැන් එනවා තවත් අවුරුදු පහකට රට කාබාසිනියා කරන්න ඉල්ලගෙන. කොන්දක් තියෙන මිනිස්සුන්ට විතරයි කොන්දක් ඇති නායකයෙක් ගේන්න පුළුවන්. ඒකයි මේ මොහොතේ අපි ගෝඨා හොඳයි කියන්නේ. කොහොම නමුත් අපේ ජාතියට ලැබුණු අන්තිම අවස්ථාව මේකයි. මෙදා පාර වැරදුනොත් මුහුදට පනිනවා ඇරෙන්න මොනවත්ම ඉතුරු වෙන එකක් නැතිවෙයි.
හැම වතාවෙම මැතිවරණයක් එනකොට කොහොමත් ඉතින් අපේ සිංහල වීරයන් විසින් කොටි නැඟිට්ටවන්නනේ උත්සාහ කරන්නේ. තව තව දේවල් ආරංචි වෙන්න ගනී. රජින්දගේ අදහස් දක්විමෙන්ම පෙනෙනවා අපේ චින්තන දහරාවේ දිග පළල කොයිතරම්ද කියලා.
මෙවත් පත්තු වුනා නම් මොනවා වෙයිද? සරලව සිතන්නේ නම් ජාතිය වල පල්ලට යනකම් දන්නේ නැහැ. මුස්ලිම් අන්තවාදීන්ට හා දමිළ අන්තවාදීන්ට බයේ සිටිය යුතු ජාතියක්ද? සිංහල අපි ඉන්දියාවේ හින්දු බහුතරය ගත් තීන්දුව අපත් ගත යුතුයි. එවිට කේරළය, තමිල්නාඩුව, බටහිර බෙංගාල, ඉන්දියාවේ තනිවූවා සේ ලංකාවේද අදාල දිස්ත්‍රික්ක තනි වනු අැත. එයට සිහල අපි බහුතරය 70% එකට සිටගත යුතුමය.. මෙය ජාතියේ අවසන් අවස්ථාවයි. බලය සහ මුදල් අැති අය වෙනත් රටවල් වල පදිංචි වේවී... එ්ත් අපට මොකද වෙන්නේ...? වහලුන් වෙලා මැරෙන්නද...?
මේක අමුතු වැඩක්...
කොහොමත් ඔය දැන් නිලයේ ඉන්න හාදයා අරයගේ හොඳ, සුවච, කීකරු ඉත්තෙක්නේ... මොනවා කරන්න බැරිද නේද අනේ..?
ලාල්... බලයේ ඉන්න කෙනා සුවච, කීකරු ඉත්තෙක්ද මම දන්නේ නැහැ. ඒත් ඒ අය හරියට කරපු වැඩ නිසා තමයි අද ඔයත්, මමත් ජීවත් වෙලා ඉන්නේ.. මෝඩ වුණාට පෙන්නන්න යන්න එපා...
මෙතන අදහස් දාලා තියෙන හැමෝම අන්තවාදී අය .
ප්‍රේමදාස මහතා ඡන්දෙ ඉල්ලුවේ දුප්පතාගේ හිතවතා සහ මහජන සේවක ලෙස. හැබැයි ජනධිපති වුනගමන් තමන් ශ්‍රීමත් වුනා.
ඔබේ කාර්යාලයේ කාකාස ඔබේ ආයතනයේ ප්‍රධානියා වෙනවට ඔබ කැමතිද . සාපෙළ සමත් කෙනෙක් ජනපති කරමු.
වනාතවිල්ලුවේදී වගේ අපි සංහිදියාව වෙනුවෙන් නිහඬව ඉමු . අනාගතයේදී මියයන මිනිසුන් වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය .මීට සංහිදියාව වෙනුවෙන් අපි .
කොහොමත් ඔය අය වගේම ගෝලයොත් ඡන්දයක් ලං වෙනකොට කොහොමහරි කොටි නැගිට්ටවන්න උත්සාහ කරනවා.