(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා එම පක්ෂයේ ලේකම් සුගත් හේවාපතිරණ මහතා මැතිවරණ ලේකම් කාර්යාලට අද (17) අයදුම්පත්‍රයක් යොමු කළේය.
‘හදවත‘ ලංජනය යටතේ මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට අයදුම්පත යොමු කර ඇත.
මැතිවරණ ලේකම් කාර්යාලයට එම ලේඛනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ලේකම්වරයා මෙසේ කීවේය.
‘සජිත් ප්‍රේමදාස මහතා ‘හදවත‘ ලකුණින් තරග කරන්න හදනවා කියලා ආරංචියක් තියෙනවා. නමුත් මගේ පක්ෂය කාලෙකට ඉස්සර මේ නමින් ලියාපදංචි කළා.ඒ නිසා එහි අයිතිය තියෙන්නේ මට. පිළිගත් දේශපාලන පක්ෂයක් විදියට මෙය ලියාපදිංචි කරන්න කියලා මං ඉල්ලනවා. පක්ෂයේ ව්‍යවස්ථාව ඇතුළු ලේඛන මා සිතුයි. අවශ්‍ය විටෙක ඒවා ඉදිරිපත් කිරීමටද මට හැකියාව තිබෙනවා‘ යැයිද පැවසීය.


රොමේෂ් ධනුෂ්ක සිල්වා -ඡායාරූප සහ වීඩියෝ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දේශපාලන පක්ෂවලට නම් අඩුවක් නැහැ. නමුත් රට තාම ණය.
ඔය හදවතේ වෑල් හරියට වැඩ කරනවද බලන්න. ඒවා හිර වුනොත් ඔක්කොම කම්මුතුයි.