
(ප්‍රසාද් රුක්මල්, පාලිත ආරියවංශ, ප්‍රසන්න පද්මසිරි සහ නිශාන්ත කුමාර )
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය 5 කනුව ප්‍රදේශයේ දී අද (01)උදෑසන කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි පෙරලීයාමෙන් සිසුවියන් දෙදෙනකු මියගොස් 39 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
තුවාල ලැබූවන් අතර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන් තිදෙනකු , යුදහමුදා නිලධාරීන් දෙදෙනකු සහ සරසවි සිසුවියන් 15ක් , සහ සරසවි සිසුන් 19 ක් සිටින බවද පොලිසිය කීය .
තුවාලකරුවන් දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ , වාට්ටු අංක 9, 10, 15 වාට්ටු වල ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද ඔවුන්ගේ කිහිපදෙනක්ගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය .
කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ මෙම සිසුන් ඊයේ (31) බදුල්ලට පැමිණ ඇල්ල ප්‍රදේශයේ ගොස් පසුව පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ නවාතැන් ගෙන අද (01)උදෑසන පුහුණු වැඩසටහනකට බදුල්ල හරහා රන්දෙණිගල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ පල්ලමේ ධාවනය වෙමින් තිබූ මෙම බස්රථය හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් රියදුරු බස්රථය වේල්ලකට අල්ලා නවතා ගැනීමට උත්සහ කිරීමේදී වේල්ලෙ ගැටි බස්රථය පෙරලි ඇති බවත් පොලිසිය සඳහන් කළේය .
අනතුර සිදුවීමත් සමඟ ක්ෂණිකව එම ස්ථානයට ගිය බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා රෝහල් කාර්ය මණ්ඩලය මහත්වෙහෙසක් දරමින් ප්‍රදේශවාසින් සමග එක්වී බස්රථය තුළ සිරවී සිටි තුවාලකරුවන් ඉවතට ගෙන ගිලන් රථවලින් බදුල්ල ශික්ෂණ රෝහලට රෝගින් යැවීමට යුහුසුළුව කටයුතු කලහ.





--------------------------------------
(ප්‍රසාද් රුක්මල්, ලුණුගල ප්‍රසන්න පද්මසිරි සහ පාලිත ආරියවංශ )
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී අද (1) උදෑසන සිදු වු අනතුරින් සිසුවියන් දෙදෙනකු මියගොස් 40ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම බස් රථයේ ගමන්ගමන් කර ඇතැයි පොලීසිය කියයි.
මෙම සිසුන් රැගත් බස්රථය පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ සිට රන්දෙණිගල බලා ධාවනය වෙමින් තිබිය දී මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
මේ වනවිටත් බදුල්ල පොලිසියේ නිලධාරීන් බදුල්ල මහ නගර සභා ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් එක්වී බස්රථය තුළ සිරවී සිටින තුවාලකරුවන් ඉවතට ගැනීමේ මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවති.

බසය වේලල්ලේ හැපී සරසවි සිසුන් පිරිසක් රෝහලේ

(නිශාන්ත කුමාර)
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුංහිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි මාර්ගයේ දී වේල්ලක හැපී අනතුරට ලක්ව පෙරළී ගොස් එහි ගමන් ගත් සිසුන් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
අනතුරින් සිදුව ඇති හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර තුවාලකරුවන් මේ වනවිට ගිලන් රථ මගින් බදුල්ල රෝහල් කරා රැගෙන යමින් සිටී.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තිරිංග ක්‍රියා විරහිත වීම නිසා පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය මෙලෙස වේල්ලේ හැපෙන්නට ඇතැයි සැකකරයි.

COMMENTS
ප්‍රධානම හේතුව ධාවනයට නුසුදුසු බස්රථ ප්‍රමිතියකින් තොර අලුත් වැඩියාවන් කර ධාවනය කිරිම! කිසිම රජයකින් මේවාට පියවර අරගත්තේ නැහැ...! නව රජය මේ ගැන අවදානය යොමු කරන්න...!
බුදු සරණයි දෙවිපිහිටයි...!!!
ආරක්ෂක හමුදා වලට අදාල පිරිස් ගමන්කරන වාහන පාරේ යනකොට බොහෝවිට මාර්ග නීති පිළිබඳ කිසිම තැකීමක් නොකර අධික වේගයෙන් ගමන් කරන බව පෙනෙනවා. මේවා නවත්වන්න පොලිසියත් කිසිම උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ජීවිත දෙකක් නැතිවෙලා, තව කී දෙනෙක් සදාකාලික අබ්බගාතයින් වෙලාද දන්නේ නැහැ...
අහෝ රටට වටිනාම දරුවන් පිරිසක්. හරිම දුකයි...
ලන්කාවේ නිතරම වගේ රිය අනතුරු සිදුවෙනවා. මේවාට විසඳුමක් නැද්ද? මියගිය අයට නිවන්සුව ලැබේවා, තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේවා...!
මෙම මාර්ගය ඉතා අනතුරුදායක මාර්ගයකි. මෙම වසර තුළ පමණක් රිය අනතුරු අවම 10 ක් පමණ සිදු වී ඇත. එමනිසා මාර්ගයේ අනතුරු වැළැක්වීමට මොනයම් හෝ ක්‍රියාමාර්ගයක් අනිවාර්යයෙන්ම ගත යුතුව ඇත. නිසිමාර්ග සංඥා පුවරු, රථවාහන පොලිස් කුටියක් අනිවාර්යයෙන්ම ඉදිකළ යුතුයි.
ඒක නම් ඇත්ත. ඒ දරුවන්ගේ දෙමාපියන්ට මොනතරම් දුකක් ඇතිද? ඒ දරුවන් ගැන...