(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)
වරාතැන්න සීමාමාලකය අසල මහවැලි ගඟ අසබඩ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පිරිසක් අතරින්ක සිසුන් දෙදෙනකු මහවැලි ගඟට ඇදවැටීයදී එක් සිසුවකු බේරාගෙන ඇති අතර අනෙක් සිසුවා ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.
මහනුවර ප්‍රධාන පාසල උසස් පෙළ සිසුවකු අතුරුදහන්ව ඇති අතර සිද්ධියෙන් දිවි ගලවා ගෙන ඇත්තේ ගන්නොරුවේ පාසල සිසුවකු බවද පොලිසිය පවසයි.
විවිධ පාසල්වල සිසුන් පිරිසක් එකතු වී එම ස්ථානයේ සාදයක් පවත්වා ඇති අතර ඒ අතරතුර එක් සිසුවකු මහවැලි ගඟට ඇද වැටෙද්දී ඔහු බේරා ගැනීමට තවත් සිසුවක පැන ඇති අතර දෙදෙනාම ගසාගෙන යද්දී එක් සිසුවකු පමණක් ගඟ මැද තිබූ ගල් පරයක එල්ලී තිබේ.
එසේ ගල් පරයක එල්ලූ සිසුවා පැය ගණනාවක් එහි රැඳී සිටියදී මහනුවර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර යාපා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ . ජලයේ ගසාගෙන ගිය සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සිසුන් දෙකක් මහවැලි ගඟෙ ගසාගෙන යයි
sam Thursday, 20 October 2022 11:48 AM
මේ වැස්සෙ මොන සාදද. මැරිච්ච එකා මලා අහින්සක දෙමවුපියන් තමයි ඉතින් ජීවිත කාලෙම විදවන්නෙ. ළමයිනේ මෙව අහල බලලවත් හැදියල්ල.