(ඩයනා උදයංගනී)
දිනෙන් දින උග්‍ර වන අර්බුදකාරී වටපිටාව තුළ සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටී පවත්වා ගැනීමට නම් ඖෂධ හිඟයට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉන්ධන පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ වන විට මතුවෙමින් පවතින තත්වයන් නිසි ලෙස කළමණාකරණය නොකළහොත් සෞඛ්‍ය පද්ධතියේ තීරණාත්මක බිඳ වැටීමක් සිදුවීම වැලැක්වීමට නොහැකි වනු ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ ඇතුලු රෝගී තත්වයන් සඳහා සුලභව භාවිතා කරන ඖෂධවල හිඟය හා පවතින ඉන්ධන අර්බුදය හමුවේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝහල් වෙත වාර්තා කිරිිමට ඇති වන බාධාකාරී තත්වයන් යන කරුණු සඳහා කඩිනමින් ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කළේය.
රෝහල් පද්ධතිය තුල මේ වන විට පවතින ඖෂධ හිගය ආර්ථික අර්බුදය හරහාම නිර්මාණය වු තත්වයක් නොවන බවත්, ඖෂධ ලියාපදිංචිය, ඇණවුම් කිරීම හා බෙදාහැරීම යන පියවරයන්හි පවතින අකාර්යක්ෂමතාවය හා දුෂිත ගණුදෙනු මේ සදහා ඍජුවම බලපෑ බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
ඖෂධ මිලදි ගැනීම සඳහා බාධාවකින් තොරව අවශ්‍ය මුදල් ලබාදීම, දිවයින පුරා රෝහල් පද්ධතිය තුල ඖෂධ භාවිතා කිරීමේ රටාවන් හඳුනාගෙන ඒකාකාරී ලෙස අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම, මේ වන විටත් ලැබී ඇති හා ලැබෙමින් පවතින ඖෂධ ආධාර හා පරිත්‍යාග නිසි ලෙස කලමණාකරණය කර කාර්යක්ෂමව දිවයින පුරා බෙදාහැරීම ඉතා වැදගත් බවත්, රෝහල් වෙත ඖෂධ ඇතුලු සියලු පහසුකම් ලබා දුන්නත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් තුල වෛද්‍යවරු ඇතුලු කාර්යමණ්ඩල සිටිය යුතු නිසා රට තුළ ඇති සීමිත ඉන්ධන තොග භාවිතය සඳහා නිසි ප්‍රමුඛතා ලැයිස්තු සකස් කර සෞඛ්‍ය සේවාවට ද අවස්ථාවක් ලබාදීම කඩිනමින් කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.
එසේ නොමැති වුවහොත් වැඩවර්ජන ක්‍රියාමාර්ගවලටවත් කිසිඳු විටෙක සම්බන්ධ කර නොගන්නා පිලිකා, මාතෘ හා ළමා රෝහල් හා වකුගඩු රෝහල් ඇතුලු සමස්ථ රෝහල් පද්ධතියම කඩා වැටෙනු ඇතැයි හෙතෙම කීය.
2025 නොවැම්බර් මස 04
100
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘සෞඛ්‍ය අංශ බිඳ වැටෙන්න දෙන්න එපා‘‘
Chaminda Monday, 20 June 2022 04:23 PM
ඔය දොස්තරලා නම් කෑ ගහන්නේ ලෙඩ්ඩුන්ට තියෙන ආදරේට නම් නෙවෙයි . ඉස්කෝලෙට ළමයි දාගන්නත් ලංකාවේ අහිංසක ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට අරන් ඉස්ට්‍ර්යික් කරපු උදවියනේ මේ . මේ අඩන්නේ වෙන මොකටවත් නෙවෙයි ඒ ගොල්ලොන්ගේ පුද්ගලික වෛද්‍ය සේවාවට වෙලාවට යාගන්න බැරි රුදාව තමයි මේ අමාරුව.
බද්රානි Monday, 20 June 2022 09:19 PM
මේ වගේ උන් මාෆියා කල්ලියක දොස් චෝරාලා ලංකාවට පිළලයක්. නුඹලා මේ රටේ සෞඛ්‍ය ශ්‍්රය පමණක් නොවෙයි. මේ මුළු රටම විනාශ කළා. අර පාදෙණිය කියන වසලයා තමයි බක පණ්ඩිත කතා කියලා මෝඩ දේශපාලකයින්ව අන්දලා මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කලේ.. අපට මතකයි නුඹලා සුවසරිය ගිලන් රථ සේවයට විරුද්ධ වූ සැටි.. ඇත්තෙන්ම මම නම් මිය ගියත් තොප වැනි උන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. නුඹලා මිහිපිට දෙවියන් ලෙස සලක් සැබෑ වෛද්‍යවරුන්ට නිග්‍රහයක්!!!