(බී.ජී. චතුරංග,රෝහණ චන්ද්‍රසා සහ කුෂාන් ජයවර්ධන)
බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස් රථයේ නිදා සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව එම බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
බලංගොඩ සිට පුද්ගලයන් 71කුගෙන් සමන්විත පිරිසක් මෙම බස් රථයේ වන්දනාවේ පැමිණ ඇති අතර බස් රථය තුල සිටි අවුරුදු 47ක් පමණ වයස ඇති පුද්ගලයකු මෙලෙස ගින්නට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පිරිස ඊයේ( 21දා) සවස අනුරාධපුරයට වන්දනාවේ පැමිණ ඇති අතර ඔවුන් පූජා නගරයේ පිහිටි විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇති අතර පසුව කණ්ඩායමක් වන්දනාවේ ගොස් තිබේ.
එම වන්දනාවේ පැමිණි පිරිස අතර එහි සිටි ආහාර පිළියෙල කරන්නකු මෙම බස් රථයේ රාත්‍රී නිදා ගෙන සිටියදී අළුයම දෙකට පමණ සිදු වූ බස් රථය තුළ සිදුවූ ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වන්දනා බසය ගිනි ගනී:අරක්කැමියා මරුට
Duminda Udayakumara Sunday, 23 February 2025 08:28 AM
මුළු බස් එකේ හැමතැනම වයර් ඇදලා. මේවා නියාමනය කරද්දී නටපු නැටිල්ල දැක්කනේ. දැන් ජීවිතවලින් වන්දි ගෙවනවා.