IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

 

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය.

මෙම මිල පහත දැමීමත් සමග  කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 107 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 48 කින් ද, අඩු කළ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4,551 ක් පැවති කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4280 ක් දක්වා පහත වැටුණි.

රුපියල් 1,827 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1720 ක් දක්වා ද, රුපියල් 848 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 800 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.



අදහස් (3)

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

යෝගා Wednesday, 05 October 2022 11:20 AM

බලමු දැන් කෑම කළුකඩකාරයින් බත් පැකට් එක කීයකින් අඩු කරයිද කියලා...?

:       1       12

Sunil Wednesday, 05 October 2022 12:30 PM

රුපියල් 1500ට තිබුණු ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500 කරලා, දැන් රුපියල් 300ක් පමණ මිල අඩු කළාම ජනතාවට ලැබෙන සෙත කවරේද? ගොන් කතා.

:       7       6

PEERO. Wednesday, 05 October 2022 02:05 PM

12.5/5/2.3 කිලෝ 1ක් අඩුකරලා තියෙන්නේ යාන්තම් රුපියල් 20ක් ලාවට ස්පර්ශ වෙන්න. අර අනුන්ට අතපාන අහිංසක අසරණයෝත් රුපියල් 20 ක් දුන්නාම ගන්දෝ/ නොගන්දෝ ගානට ප්‍රතිචාරය. සභාපති ලොකු උන්නැහේ... අපිවත් ඒ කුලකයට දාන්නේ ඔහේ මන්ද මානසිකයෙක්ද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site