(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී කපිල)
ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවකු වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයකට පැමිණි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයකු, ගීත රචකයකු සහ ව්‍යවසායකයකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ශ්‍රී ලංකා රජය සහ ජාතික පර්යේෂණ හා සංවර්ධනය කටයුතු සඳහා මුලපිරීමේ වැඩසටහන හා සහයෝගයෙන් කටයුතු කිරීමට එය අද්විතීය අවස්ථාවක් වන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සිදු වන විවිධ ආයෝජන සහ සංවර්ධනය වෙමින් පවතින නව සංකල්පය පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඉතාමත් සුවිශේෂි අවස්ථාවක් වන බව සඳහන් කළ ඇලෝ බ්ලැක් මහතා, එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින බොහෝ ආයෝජකයින් සමඟ තමන්ට ඉතාමත් සමීප සම්බන්ධතා පවතින බවත්, ශ්‍රී ලංකාවේ පවත්නා විභවයන් පිළිබඳව ඔවුන් හා කරුණු සාකච්ඡා කිරිමට තමන් අදහස් කරන බවත් ප්‍රකාශ කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘‘ලංකාවේ ලස්සන ලෝකෙටම කියනවා‘‘
samantha balasuriya Monday, 10 March 2025 04:56 PM
කවුද මේ? මොවුන්ට තියෙන පිස්සුවක්... මෙයාට මල්මාලා දාලා පිළිගත්ත එකම දූපත මේක නිසා එයාට හරි සතුටුයි වගේ. මෙහෙමත් පිස්සු දූපතක ටිකක් කියලා...
AmdaTuesday, 11 March 2025 08:15 AM
සින්දුවක්වත් අහන්නේ නැද්ද ඔයා? අනේ මන්දා මොන ලෝකෙද ජීවත් වෙන්නේ? බස් අජිත්ගේ සින්දු අහනවා නම් දෙවි පිහිටයි.
Kumar Monday, 10 March 2025 08:58 PM
සියලු නැටුම් සහ පිළිගැනීම් ඔතනින් අවසානයි...
Bunny Preena Tuesday, 11 March 2025 09:22 AM
ආගන්තුක සත්කාර ගැන ඉතා ඉහළ මට්ටමේ හොඳ පිළිගැනීමක් තියන රටක් තමයි අපේ ශ්‍රී ලංකාව. එහි පුරවැසියෙක් වීම ගැන මම ඉතාමත්ම සතුටු වෙමි.